සෞදි ආරාබියේ සල්මාන් රජුට පෙනහළු ආසාධනයක්
සෞදි ආරාබියේ සල්මාන් රජු පෙනහළු ආසාධනයක් හේතුවෙන් ප්රතිකාර ලබන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
සෞදි ආරාබියේ සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සෞද් වෛද්ය පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව පෙනහළු ආසාධනයකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ජපානයේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබු අතර එම කටයුතු ද කල්දමා ඇති බවයි වර්තා වන්නේ.
එම සංචාරය නුදුරු දිනක දී යළි සැලසුම් කරන බව ද ජපාන විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනය කළා.
සල්මාන් රජු 2020 වසරේ දී පිත්තාශය ඉවත් කිරිමේ ශල්යකර්මයකට ද මුහුණ දුන්නා.
කෙසේ වුවද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ.
The post සෞදි ආරාබියේ සල්මාන් රජුට පෙනහළු ආසාධනයක් appeared first on ITN News.