ඉරාන ජනපතිගේ හදිසි අභාවය පිළිබඳ හිටපු ජනපති මෛත්රී ශෝකය පළ කරයි
ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි සහ එරට විදේශ අමාත්ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් හයවන විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළා.
කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය හිටපු ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්රන්ථයේ විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළා.
ඉරාන ජනපතිවරයා ඇතුළු පිරිසගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්රකාශ කරන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා.
මේ වනවිට ශෝකයට පත්ව සිටින පවුල්වලට, ඉරාන රජයට සහ ඉරාන ජනතාවට තම බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්රකාශ කරන බවද හිටපු ජනාධිපතිතුමා ප්රකාශ කළා.
The post ඉරාන ජනපතිගේ හදිසි අභාවය පිළිබඳ හිටපු ජනපති මෛත්රී ශෝකය පළ කරයි appeared first on ITN News.