විශ්රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

- itnnews.lk

සේවයෙන් විශ්රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.

ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්ය අමාත්යවරයාට, ආරක්ෂක අමාත්යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කලා

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්යාංශ මාවතේ ‘ප්රවීණයන්ගේ නිවහන’ ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමින්.

විශ්රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළා

ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම හා සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කර සිටියා

එසේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසට, විශ්රාම ලැබුවන්ට සහ සිවිල් පුරවැසියන්ට ද යුද උපක්රම පිළිබඳ අධ්යයනය කිරීමට අවස්ථාව සලසා දෙමින් Sri Lanka Institute of strategic studies ආයතනය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසුවේ.

සමරු ඵලකය නිරාවරණය කර ‘ප්රවීණයන්ගේ නිවහන’ විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුනා

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවා .

විශ්රාමික ත්රිවිධ හමුදා රණවිරුවන්ගේ සුබසාධක කටයුතු වෙනුවෙන්, දෙවන ලෝක සංග්රාමය අවසන් වකවානුවේ හමුදා සේවයෙන් ඉවත් වූ හා විශ්රාම ගිය හමුදා සාමාජිකයන් පිරිසක් විසින් 1944 වසරේ ස්ථාපිත කරන ලද ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයට අඩුපාඩුවක්ව පැවති මුලස්ථාන ගොඩනැගිල්ල එම සංගමයේ සහ ත්රිවිධ හමුදාවේ මුල්ය දායකත්වයෙන් ඉදි කරනු ලැබුවා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා

විශ්රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ කටයුතු වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එම සාමාජිකයන් බොහෝ දෙනෙක් 1983 සිට 2009 වන තෙක් රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට විශාල කැපවීමක් සිදු කළා.

ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන්ට මෙන්ම විශ්රාම ලැබූ අනෙකුත් රජයේ සේවකයන්ට තිබෙන ප්රශ්නවලට විසඳුම් ලබාදීමට රජය අවධානය යොමු කර තිබෙනවා. අප තවම සිටින්නේ ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකයි. ඉදිරි වසර දෙක තුළදී එම තත්ත්වයෙන් ගොඩඒමට අපට හැකියාව තිබෙනවා.

රණවිරු ගම්මානවල ජිවත්වන රණවිරුවන්ට තවම එම ඉඩම් අයිතිය ලැබී නැහැ කියා මට දැන ගන්න ලැබුණා. ඇතැම් අය පොරොන්දු ලබා දුන්නට එම පොරොන්දු ඉටු කර නැහැ. ඒ නිසා ඉදිරි මාස දෙක තුළ මෙම වැඩකටයුතු අවසන් කර එම සියලුදෙනාට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්යාංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ඉඩම් කොමසාරිස්වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මෙම ජුලි මාසය වන විට උරුමය ජාතික වැඩසටහන යටතේ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.

ඒ වගේම සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාවේ අනාගතය පිළිබඳ අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2030 දක්වා අවශ්ය ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ වෙනම උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරියේ දී එම වාර්තාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර සියලුදෙනාට ඒ පිළිබඳ සාකච්ඡා කර අදහස් ලබා දීමට අවස්ථාව සැලසෙනවා.

2030 වන විට මෙරට ජාතික ආරක්ෂාව තුළ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. එහිදී ත්රිවිධ හමුදාවේ වගකීම් හදුනාගෙන නිසි සැලැස්මක් අනුව රටේ සම්පත් ප්රයෝජනයට ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සමඟම ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කිරිමට ද මම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීමට පාස්කු ඉරිදා කොමිෂමේදීත් සඳහන් කළා. එය කිරීම අවශ්යයි. එය නීතිගත කිරීමට වගේම සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරනවා.

ඒ වගේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසටත්, විශ්රාම ලැබු පිරිසට වගේම සිවිල් පාර්ශ්වයන්ටත් යුද උපක්රම පිළිබඳ අධ්යයනය කිරීමට Sri Lanka Institute of strategic studies නමින් වෙනම ආයතනයක් ඇති කරනවා. ඒ අනුව කැමති පිරිසට එම වැඩකටයුතු සඳහා සහභාගි විය හැකියි.මෙම ආරම්භ කර තිබෙන වැඩකොටස සමග ආරක්ෂක හමුදාව ප්රතිව්යුගත කිරීම සිදු වෙනවා.

පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදය තුළ වැඩිපුරම පීඩාවට පත්වූයේ විශ්රාම ලැබු පිරිස බව පිළිගත යුතුයි. මෙම එක් එක් අංශ වෙනුවෙන් ලබාදිය යුතු සහන මොනවාද කියා අප සාකච්ඡා කළයුතුයි.

එක් නිලයකට, එක් විශ්රාම වැටුපක් ලබාදීමේ ක්රමවේදය දැනටමත් ක්රියාත්මක වෙනවා. අනෙක් වැඩකටයුතු පිළිබඳ අප අවධානය යොමු කර තිබෙන අතර මෙම සංගමයේත්, රණවිරු සේවා අධිකාරියේත් සුබසාධන කටයුතු පිළිබඳ අදහස් සහ යෝජනා ලබා ගැනීමට මම කැමතියි. රණවිරු අධිකාරිය තුළ එම සුබසාධන වැඩකටයුතු ක්රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

ඒවගේම සේවය අවසන් කරන අය පිළිබඳ අප ගත යුතු පියවර කුමක්ද කියා අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ට නව ආදායම් මාර්ගයක් සළසා ගැනීමට තිබෙන අවස්ථා මොනවාද කියා සොයා බැලිය යුතුයි. එම අවස්ථාව නොතිබීම නිසා ඇතැමුන් රුසියාවට යාමට තීරණය කළා.

තමන්ගේ හැකියාව අනුව රට තුළ හෝ විදේශගතව හොඳ ආදායම් මාර්ගයක් උපයා ගැනීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි.

ආරක්ෂක රාජ්ය අමාත්යවරයා, ආරක්ෂක අමාත්යාංශය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් යෝජනා කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා.

හමුදා සේවයෙන් විශ්රාම ලබන පිරිස් තුළ විශේෂ දක්ෂතා තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමඟ අප ඔවුන්ට නව අවස්ථා සලසා දිය යුතුයි. අද රටේ ආර්ථිකය දියුණුව කරා ගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ එදා රණවිරුවන් රට ආරක්ෂා කර දුන් නිසයි.
ඒ වගේම අද අප මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කර තිබෙන්නේ තවත් යුද්ධයක් අවසන් කිරීමෙන් පසුවයි. රටේ ඒකීයභාවයට එක් තර්ජනයක් වුණේ ත්රස්තවාදයයි. ඒ වගේම රට තුළ සිදු වූ දරුණු ආර්ථික කඩා වැටීම රටේ ඒකීයභාවයට තවත් තර්ජනයක් වුණා. මෙම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපේ රට ආර්ථිකයක් නැති රටක්, එනම් තවත් ලිබියාවක් බවට පත් වෙනවා.

රට භාර ගැනීමෙන් පසු මගේ පළමු කාර්ය බවට පත් වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ වගේම ඉදිරි වසර 04, 05 ට අදාළව රටේ ආර්ථිකය වෙනුවෙන් ගත යුතු තීරණ කඩිනමින් ගැනීමට සිදු වුණා. යුද්ධයේදී ප්රකාශ කරනවා “යුද්ධය ඇදගෙන යාමට හොඳ නැහැ, උපක්රමශීලිව වහා අවසන් කළයුතුයි කියලා. යුද්ධයේදීත්, ආර්ථිකය ගොඩනැගීමේදීත් ඒ අනුව කටයුතු කළයුතුව තිබෙනවා.

අපේ රට දැන් ආර්ථික වශයෙන් ගොඩ එමින් තිබෙනවා. බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අදාළව අප දැන් ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම කමිටුවත්, චීනයත් අපේ යෝජනා සාකච්ඡා කර පිළිගැනීමට සූදානමින් සිටිනවා.

ජාත්යන්තර මූල්ය අරමුදල දැනටමත් එය පිළිගෙන අවසන්. ඉන්පසුව එම රටවල් සමඟ වෙන වෙනම ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු කරනවා.

ඒ වගේම පුද්ගලික ණයකරුවන් සහ බැංකු, විශ්රාම වැටුප් අරමුදල් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ එකඟතාව තිබෙන නිසා අපට ඉදිරියට යා හැකියි. ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් මෙම ජුනි මාසයේ මෙරටට පැමිණීමෙන් පසු අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඉන්පසුව 2025 අය වැය සමඟ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්රියාත්මක කරනවා. මැතිවරණ පැවැත්වෙන නිසා එම අය වැය ජනවාරි මාසයේ නැත්නම් පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ කටයුතු සමඟ ඇතිවන ආර්ථික දියුණුව සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මේ වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කළ විශ්රාම ලැබූ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමමින් සේවා මුක්ත භට කණ්ඩායමට සුබ අනාගතයක් ප්රාර්ථනා කරනවා.

ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරල් ෂවේන්ද්ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන් සහ ශ්රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් ඇතුලු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

The post විශ්රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් – ජනපති appeared first on ITN News.

You may also like

- island.lk

England’s thumping win over Oman has ensured against any run-rate shenanigans in this match (and David Warner won’t be opening the bowling). Providing Namibia don’t pull off an upset against England in the hours leading into this game, the equation will be simple: Scotland win and they go through – although a washout would also […]

- news.lk

The draft constitution, prepared by the Judge Chitrasiri Committee for the Sri Lanka Cricket Board, was presented to President Ranil Wickremesinghe at the Presidential Secretariat today (15).

- news.lk

President Ranil Wickremesinghe stated that the country is striving to develop the best education system in South Asia, tailored for the future.

- news.lk

A high level delegation headed by the State Minister of Foreign Affairs Tharaka Balasuriya is scheduled to visit Russia to arrange for the repatriation of Sri Lankan ex-military personnel deployed in Russia for military purposes and the related discussions will be held on June 26 and 27, said Minister of Foreign Affairs, President’s Counsel Ali Sabry.

- adaderana.lk

The owner of the boat seized by Sri Lanka Navy along with 130 parcels of heroin has fled the area, the police said.

- adaderana.lk

The Assistant Superintendent of Police (ASP) of Anuradhapura Sanjeewa Mahanama, who allegedly aided in the orchestrated shooting at the vehicle of former Anuradhapura District parliamentarian Uddika Premaratne, has reportedly fled the country.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc