වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පෙරේදා රාත්රියේදී නිකුත් කරනු ලැබීය.
කම්කරු සහ විදේශ රැකියා අමාත්යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය ප්රකාශයට පත් කර තිබෙන්නේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්රකාශයට පත් කළා.
ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ.
2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
The post වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ appeared first on ITN News.