කුසල් මෙන්ඩිස් සහ අසිත ප්රනාන්දු ශ්රී ලංකා සංචිතයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු ශ්රී ලංකා සංචිතය සමඟ ඊයේ එක් වුණා.
වීසා ගැටලුවක් හේතුවෙන් මොවුන්ට අමෙරිකාව බලායෑමට නොහැකිවූ අතර, පසුව එය නිරාකරණය කරගැනීමත් සමඟයි ඊයේ ඔවුන් සංචිතයට එක්ව තිබෙන්නේ.
එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා ක්රිකට් සංචිතය පසුගිය දා ප්රකාශයට පත් කෙරුණා.
වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය මැයි මස 14 වන දා දිවයිනෙන් පිටත්ව ගියා.
පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිතයි.
The post කුසල් මෙන්ඩිස් සහ අසිත ප්රනාන්දු ශ්රී ලංකා සංචිතයට appeared first on ITN News.