How can Sri Lankan charities find international donors and partners?

තරුණ කණ්ඩායමෙන් එතෙර ටෙස්ට් ජයග්‍රහණ

- srilankacricket.lk

 

Thanathillen Pita1

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 2 දක්වා ප්‍රථම ටෙස්ට් තරගයටත් නොවැම්බර් 6 සිට 10 දක්වා දෙවැනි ටෙස්ට් තරගයටත් නොවැම්බර් 14 සිට 27 දක්වා දැන් පැවැත්වන තුන්කොන් එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියටත් සහභාගි වන තරුණ ක්‍රීඩකයන් රැසකින් යුත් ශ්‍රී ලංකා නව කණ්ඩායම  එතෙරදී ටෙස්ට් ජයග්‍රහණ පෙන්වීමෙ අවස්ථාව උදා කරගත්තේ ටෙස්ට් තරග දෙකම පහසුවෙන් ජය ගනිමිනි.

77744

තුන්කොන් සීමිත ඕවර තරගාවලියට එක්වුනු අනෙක් කණ්ඩායම වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙතින් ලංකා පිල ප්‍රථම තරගයේ දී දරුණු ලෙස පරාජය වුවද අඩුපාඩු සකසා ගැනීමට ලංකා පිලට අවස්ථාව ඇත.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරග දෙකම හරාරේ ජාතික ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේත් බ.ඉ.කො. පිළ එක්වුනු තුන්කොන් තරගාවලිය හරාරේ ජාතික ක්‍රීඩාංගණයේ සහ බුලවායෝ කුයින්ස් ක්‍රීඩා සමාජයේත් සංවිධානය කර කිබුණි. එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සමග තරග දෙකකට සහභාගී වන තරග හයක රවුන්ඩ් – රොබින් ක්‍රමයේ එක්දින තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙනුයේ නොවැම්බර් 27 වැනිදාය. එක්දින තරගාවලියේ අවසාන තරග හතර හා අවසාන තරගය පැවැත්වීමට තෝරා ගෙන ඇත්තේ බුලවායෝ ක්‍රීඩාංගණයයි. මේ සංචාරයේදී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ 38 හැවිරිදි රංගන හේරත්ය. 35 හැවිරිදි ප්‍රබල දඟපන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සහ උපුල් තරංග හැරුණු විට කණ්ඩායමට අයත් සෙසු ක්‍රීඩකයන් අතුරින් වැඩි පිරිසක්ම තරුණවියේ පසුවීම විශේෂත්වයකි.

ටෙස්ට් ජයග්‍රහණ දෙකම ලබා ගැනීමට නායක රංගන හේරත්ගේ දායකත්වය විශිෂ්ටය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග කළ එංගලන්ත ඕස්ට්‍රේලියා හා සිම්බාබ්වේ තරගාවලියන්හිදී කඩුළු විශාල සංඛ්‍යාවක් ලබා හේරත් මේ වසර තුළ කඩුළු 50 ඉක්මවූ ලොව ප්‍රථම පන්දු යවන්නා බවට පත්වීය. මෙය රංගන පෞද්ගලිකව ලැබූ ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලංකාවටද ගෞරවයකි.

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කඩුළු 8 ක් දවා සිම්බාබ්වේ ඉනිමම විනාශ කරමින් ශ්‍රී ලංකාවට ජයමාවත විවෘත කර දීමෙන් හා දෙවැනි ඉනිමේ කඩුලු දහය ඉක්මවා ලබා ගැනීමෙන් රංගන තම දක්ෂතා ලොවටම පෙන්වීය. මෙහිදී ඔහු කඩුලු 23 ක් ලැබීය. (මුල් ඉනිමේ 9 යි. දෙවන ඉනිමේ 13 යි)

මුත්තයියා මුරලිදරන් කළක් දිගින් දිගටම මෙලෙස දස්කම්පාමින් ශ්‍රී ලංකාවට ගෞරවය ගෙනදුන් ආකාරයටම දැන් රංගන හේරත් ද ඒ අයුරින්ම දස්කම් පෙන්වීම විශේෂත්වයකි. රංගන හේරත්ට තවත් කළක් ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන එමින් ඉදිරියට යාමට ඇති එකම බාධාව ඔහුගේ වයස පමණකි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව ගියේ නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් නොමැතිවය. මැතිව්ස් පුහුණුව ලබන අතරතුර නැවතත් පෙර ආබාධයටම ළක්වීමෙන් සංචාරයම අහිමි විය. දිනේෂ් චන්දිමාල්ගේ මහපට ඇඟිල්ලේ පන්දුවක් වැදී පිපිරීමක් මත කණ්ඩායමට ඇතුළත් නොවේ. මැතිව්ස් වෙනුවට පළපුරුදු ප්‍රවීණ පිතිකරු උපුල් තරංගද දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ලද කණ්ඩා‍යමට එක්වු අතර මොවුන් දුන් සේවය අතිවිශිෂ්ටය. කෙසේ වුවද මැතිව්ස් හා චන්දිමාල් ඉදිරියේදී දකුණු අප්‍රිකා තරඟාවලියට එක්කර ගැනීමට අපේක්ෂිතය.

වත්මන් සිම්බාබ්වේ කණ්ඩායම පසුවන්නේ ගැටළු රැසකට මැදිවය. සිම්බාබ්වේ රාජ්‍යයත් එහි ක්‍රිකට් ආයතනයත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටීම ප්‍රධානතම ගැටළුවය. ක්‍රිකට් කණ්ඩායම වරින් වර දීර්ඝ කාලයක් තරග නොමැතිව සිටීම, ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් වලට අත්සන් තබා නොසිටීම ක්‍රීඩක හිඟ මුදල් නොගෙවීම පුහුණුව ලැබීමට හරිහැටි පහසුකම් නොමැති වීම මෙයින් කරුණු කිහිපයකි. මේ තත්ත්වයන් යටතේ එතරම් යහපත් මානසික මට්ටමකින් ක්‍රීඩා කිරීමට ඔවුනට අවස්ථාවද නොලැබේ.

ප්‍රබල එංගලන්ත පිල සමඟ එංගලන්තයේදීත් ඕස්ට්‍රේලියාව සමඟ ශ්‍රී ලංකාවේදීත් තරග වැදුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට සිම්බාබ්වේ සංචාරයේදී වැඩි ගෞරව අත්කර ගැනීමට ඇති අවස්ථාව කලින්ම පහලව තිබිණි.  ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 3-0 කින් පරාජයට පත් කිරීමෙන් පසු ලංකා පිල දැන් එවැනිම එතෙර ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලබා සිටී. ශ්‍රී ලංකාව සකසාගත යුතුව ඇත්තේ එක්දින තරග රටාව පමණි.  ප්‍රථමඑක්දින තරගයේදී සිම්බාබ්වේ පිල පහසුවෙන් පරාජය කලත් තවමත් හරි දස්කම් ලංකා පිලෙන් ඉටු නොවේ.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නැවතත් ලකුණු අතරට පිවිස සිටී. ධනංජය ද සිල්වා කුසල් ජනිත් පෙරේරා  උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල විශාල ලකුණු සංඛ්‍යාවන් කරා යා හැකි දක්ෂ පිතිකරුවෝ බව සනාථ කළහ. අසේල ගුණරත්නට ලබාදුන් අවස්ථාවෙන් ඔහු තම දක්ෂතා මෙනවට පැහැදිලි කිරීමට සමත්විය.

නායක රංගන හේරත් දිල්රුවන් පෙරේරා තරගාවලිය පුරාම විශාල පෙරැළි කළ දඟපන්දු යවන්නෝය.

 ක්‍රීඩකයන් සිව්දෙනෙකුද ටෙස්ට් සංචාරයට ඇතුළත් විය. වේග පන්දු යවන්නන් වන ළහිරු ගමගේ, ළහිරු කුමාර හා කසුන් මදුසංකද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස අසේල ගුණරත්නද නවක ක්‍රීඩකයෝය.

තරග වැඩසටහන කළින් ටෙස්ට් තරග දෙකක් එක්දින තරග තුනක් හා ටී 20 තරගයක් ඇතුළත්ව තිබුනත් ආර්ථික අපහසුතා මඟහැරවීමට ටෙස්ට් තරගාවලිය වෙනුවට කොදෙව්පිල ඇතුලත් වන තුන්කොන් තරගාවලියක් පමණක් සංවිධානය කිරීමට තීරණය විය. එහෙත් පසුව එකඟතාවයකට පැමිණියේ ටෙස්ට් හා තුන්කොන් තරගාවලියන් දෙකම පැවැත්වීමටය.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අපහසුතාත් මධ්‍යයේ තරග දෙකක ටෙස්ට් තරගාවලිය අවලංගු කිරීමට කළින් සැළසුම් කර තිබිණි. මේ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබුණේ හරාරේ ආශ්‍රිතව ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට 2015 ජුලි මස සිට ක්‍රීඩක දීමනා ගෙවා නොමැති හෙයින් ශ්‍රී ලංකා තරගාවලියට පුහුණුව ලැබීමට ඔවුහු ප්‍රතික්ෂේප කිරීමය. සිම්බාබ්වේ ක්‍රිකට් සභාපති විල්ෆ්‍රඩ් මුකොන්ඩිවා විසින් දෙන ලද සහතිකයකට පසුව මොවුන් දැන් නැවත පුහුණුවීම් වල නිරත වෙති. ආර්ථික ප්‍රශ්ණ මත හරා‍රේ හා බුලවායෝ හැර සෙසු පිට පළාත්වල ක්‍රීඩකයනට පුහුණුව සදහා කැදවා නොමැත. ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග සංවිධානය නොවුයේ නම් සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායම තරගවලට සහභාගීවූ කාලය මාස 11 දක්වා දීර්ඝ වේ. කණ්ඩායම් දෙක අවසාන වරට තරග වැදුනේ 2004 දීය. කණ්ඩායම් දෙක අතර මෙතෙක් පැවැති තරග 17 න් ශ්‍රී ලංකාව තරග 12 ක් ජයගෙන තරග 5ක් විසඳුමකින් තොරව නිමව තිබේ.

ටෙස්ට් තරගාවලිය අවලංගුකර තුන්කොන් එක්දින තරගාවලියක් පමණක් සංවිධානය කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීහු මුලින් අපේක්ෂා කළේ එමගින් ආර්ථික වාසියක ලැබෙතැයි අපේක්ෂාවෙනි.

සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකට පසුව නැවතත් ටෙස්ට් තරග ඇත්තේ 2017 ජුලි මස ශ්‍රී ලංකාවේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරය නිම කිරීමෙන් පසු නැවත සිම්බාබ්වේ වෙත ටෙස්ට් කණ්ඩයමක් එහි යන්නේ 2017 ඔක්තෝබර මස බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමේ තරගාවලියයි. මෙලෙසම සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා තරගාවලියකට පෙර අවසාන වරට තම රටේදී නවසීලන්තය සමග ටෙස්ට් තරගයකට සහභාගී වූයේද මාස විස්සක කාලයකට පසුවය.

මෙයින් මනාව පැහැදිලි වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට තරගවැදීමට තරඟ හිඟයයි. ඊට ප්‍රධානම හේතුව ද ආර්ථික ගැටළුයි.

-බන්ධුල

You may also like

- colombogazette.com

Efforts to attract international players to invest in Sri Lanka’s Oil and Gas exploration in the Mannar Basin have once again been gridlocked by legal challenges in the Court of Appeal. A statement noted that Sri Lanka’s efforts to attract and leverage international investment into exploration and commercialisation two blocks adding to over 5,000 square […]

- adaderana.lk

Former President Maithripala Sirisena has dismissed recent reports claiming that he is moving to South Korea, asserting that he has no such plans to relocate to any other country.

- adaderana.lk

The committee tasked with addressing administrative issues within Sri Lanka Police, including the delays in disciplinary inquiries, has submitted its report to Inspector General of Police (IGP) Deshabandu Tennakoon.

- colombotelegraph.com

[…]The post Sri Lanka’s Political Landscape: Navigating A Tripartite Contest appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post From Absurdities To Atrocities, Again? appeared first on Colombo Telegraph.

- onlanka.com

The Government Health Service Ambulance Drivers Association has drawn attention to a shortage of ambulance drivers within the government hospital system in Sri Lanka.The post Sri Lanka’s government hospitals grapple with ambulance driver shortage appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc