How can Sri Lankan charities find international donors and partners?

ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කළ හැකි පිතිකරුවෙක්

- srilankacricket.lk

Thanathillen Pita1

ටෙස්ට් හෝ එක්දින කි‍්‍රකට් කණ්ඩායමක කිසියම් පිතිකරුවකු කණ්ඩායමේ ඕනෑම ස්ථානයක පිතිකරණයේ යෙදීමට සමත්වේ නම් හේ විරළ ඝණයේ පිතිකරුවෙකි. එවැනි පිතිකරුවන් ලොවට සිටින්නේද අතලොස්සකි.

ශී‍්‍ර ලාංකීය පිතිකරුවන් අතරින් කණ්ඩායමේ ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කළ හැකි පිතිකරුවකු ලෙස ධනංජය ද සිල්වා නම් කළ හැකිවේ. ඔහු එක්දින තරඟවලදී ආරම්භක පිතිකරු ලෙසත් අංක 03 ස්ථානයේත් කී‍්‍රඩා කරයි. ටෙස්ට් තරඟයකදී හේ් පිටියට පිවිසෙන්නේ අංක හය හත අට ස්ථානයටය. ඕනෑම ස්ථානයක කී‍්‍රඩා කිරීමේ දක්‍ෂතාව මේ විත්තිකරු සතුවේ.

Sri Lanka batsman Dhananjaya De Silva (L) and teammate Kusal Mendis (R) walk off the pitch at the end of the opening match of an ODI series Sri Lanka vs Zimbabwe in Harare, on November 14 2016. / AFP PHOTO / Jekesai Njikizana

මීට කළින් කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසුරිය, තිලකරත්න දිල්ෂාන් වැනි ජාත්‍යන්තරයේ නමක් දිනු පිතිකරුවන් ලංකා කණ්ඩායමේ ඉහළ හා පහත ස්ථානවල පිතිකරණයේ යෙදුණු අයුරු අපට මතකය.

තිස්සමහාරාමයේ දෙබරවැව මධ්‍ය මහා විදුහලෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට පිවිසි ධනංජය ද සිල්වා බදුරලිය කී‍්‍රඩා සමාජය, රාගම කී‍්‍රඩා සමාජය, කඳුරට මෙරූන්ස් ටැමිල් යුනියන් (ද්‍රවිඩ සමාජය* ශී‍්‍ර ලංකා අවුරුදු 19 න් පහළ 23 න් පහළ ශී‍්‍ර ලංකා සංවර්ධන කණ්ඩායම සහ ලංකා ඒ කණ්ඩායම් වල දක්‍ෂතා පෙන්වා ජාතික කණ්ඩායමට එක්වු ඈත පෙදෙසකින් පැමිණි දීර්ඝ දුෂ්කර ගමනක නියැළී හිණි පෙත්තට ආ තුන් ඉරියව්වේ දස්කම් පාන කී‍්‍රඩකයෙකි.

24 හැවිරිදි ධනංජය ද සිල්වාට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දොරටු විවෘත වුයේ ඔහු ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම සමඟ එංගලන්ත සංචාරයට සහභාගී වී දස්කම් පාමින් සිටින අතර තුර ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිතවු ශී‍්‍ර ලංකා ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් තරඟාවලියට ආබාධ ලැයිස්තුවේ සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙනුවෙන් ධනංජයව ආපසු ගෙන්වා ගැනීමෙනි.

ලොව අංක 01 ට ශේ‍්‍රණිගතව සිටින ඕස්ටේ‍්‍රලියාව සමඟ පැවති ටෙස්ට් තරඟ තුනේදී ලකුණු 24 හා 36 ක් ද 37 සහ 34 ක් ද 129 හා 65 ක් ලෙසින් රැුස්කර ධනංජය ශී‍්‍ර ලංකාව 3-0 කින් ලත් ටෙස්්ට් ජයග‍්‍රහණයට බෙහෙවින් දායකත්වයක් දුන්නේය. එහිදී ඔහුගේ හොඳම ඉනිම වුයේ එස්.එස්.සී. පිටියේ පැවති තෙවැනි ටෙස්ට් තරඟයේ මුල් ඉනිමයයි. ශී‍්‍ර ලංකාව මේ වන විට පසුවුයේ ටෙස්ට් තරඟාවලිය 2-0 කින් ජයගෙන පහසු හා පී‍්‍රතිදායක තත්ත්වයකය. ස්ටීව් ස්මිත් ඇතුළු ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම තෙවැනි තරඟය කෙසේ හෝ ජයග‍්‍රහණය කරමු යන අදිටනින් තරඟයේ ප‍්‍රථම දින උදෑසනම ලකුණු 26 කට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලම පිතිකරුවන් පස්දෙනා කී‍්‍රඩාගාරයට යවා සිටියදී උපනායක දිනේෂ් චන්දිමාල්ට (132* එක්වු ධනංජය ද සිල්වා (129* ලංකා හයවන කඩුල්ලට ලකුණු 211 ක් එක්කළේ තරඟයේ වාසිය නැවත ඕස්ටේ‍්‍රලියානුවන්ගෙන් උදුරා ගනිමිනි. මේ සබඳතාවත් දෙවන ඉනිමේදී ධනංජය රැුස්කළ ලකුණු 65 ක් ලංකා දඟ පන්දු යවන්නන්ගේ කුසලතාත් මත ශී‍්‍ර ලංකාව තරඟාවලිය ජයගත්තේ 3-0 කිනි.

නොබෝදා ටෙස්ට් කණ්ඩායම සමඟ ප‍්‍රථම වරට විදේශ සංචාරයකට එක්වු ධනංජය සිම්බාබ්බේ සමඟ ටෙස්ට් තරඟ දෙකේදී ලකුණු 25 ක් හා 64 ක් ද 127 ක් හා 9 ක් ද රැුස් කළේ ඉනිමක සාමාන්‍ය ලකුණු 56 ක් වනසේ දක්‍ෂතා පෙන්වමිනි.

ධනංජය ද සිල්වාගේ ටෙස්ට් එක්දින හා ටී 20 දක්‍ෂතා ෙඡ්දයකින් සඳහන් කළහොත් එය කියැවෙන්නේ ටෙස්්්ට් තරඟ පහකදී ඉනිම දහයකට සහභාගී වී ශතක දෙකක් අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 550 ක් රැුස් කර ඇත්තේ ඉනිමක ලකුණු 61 ක සමාන්‍යයකි. එක්දින ඉනිම දහයකදී අර්ධ ශතක තුනක් සමඟ ඔහු ලකුණු 373 ක් ලැබුවේ ලකුණු 37 ක සාමාන්‍ය ලබමිනි. ටී. 20 තරඟ හතරකදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 119 ක් ලබා සිටින්නේ සාමාන්‍ය ලකුණු 29 ක් ලබාය. ඕස්ටේ‍්‍රලියා තරඟාවලියේදී දකුණතින් පිට දඟපන්දු යවමින් ටෙස්ට් කඩුළු තුනක්ද බිඳහෙළීය.

මෙරට අන්තර් සමාජ කි‍්‍රකට් තරඟාවලියේ ටැමිල් යුනියන් (ද්‍රවිඩ සංගමය* කණ්ඩායම නියෝජනය කළ ධනංජය තුන් ඉරියව්වෙන්ම පෙන්වු විශිෂ්ට දක්‍ෂතා මත වසර 55 කට පසුව එම කණ්ඩායමට අන්තර් සමාජ ශුරතාව දිනා ගැනීමට අවස්ථාව උදාවිණි. එහිදී ධනංජය ලකුණු 868 ක්ද (සාමාන්‍ය 54.2* කඩුළු 32 ක් ද ලබා තරඟාවලියේම කැපී පෙණුනු කී‍්‍රඩකයා බවට පත්විය. ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ එංගලන්ත සංචාරය ඔහුට හිමි වුයේ මෙම දක්‍ෂතා මතය.

එක්දින තරඟයකදී ඔහු ආරම්භක පිතිකරු වුවද ටෙස්්ට් තරඟවල පිටියට පිවිසෙන්නේ අංක 7 හෝ 8 පිතිකරු ලෙසිනි. සිම්බාබ්බේ සංචාරයට ආබාධ මත නිත්‍ය නායක මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් සහභාගී නොවන හෙයින් උසස් වීමක් ලද ධනංජයට අංක 6 ස්ථානය හිමිවිණි. ටෙස්ට් තරඟයන්හිදී ශී‍්‍ර ලංකා නායකයන්ට හිසරදයක්ව තිබු මේ මැද පෙළ ටෙස්ට් එක් පුරප්පාඩුවක් දැන් සාර්ථක අයුරින් පිරී පවතී.

හිටපු නායකයෙකු හා නොබෝදා කි‍්‍රකට් පිටියෙන් සමුගත් ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක තිලකරත්න දිල්ෂාන් සමුගැනීමේදී ප‍්‍රකාශ කළේ තමා විශ‍්‍රාම ගැනීමෙන් හිස් වන ස්ථානය පිරවීමට සුදුසුම කී‍්‍රඩකයා ධනංජය ද සිල්වා බවය. අන්තර් සමාජ තරඟවලදී මා ඔහු සමඟ ආරම්භක පිතිකරුවන් ලෙස ඉනිම රැුසක් කී‍්‍රඩාකර තිබෙනවා. ධනංජය දක්‍ෂ කී‍්‍රඩකයෙක්. ටෙස්ට් එක්දින ටී 20 ඕනෑම තරඟයකදී ඔහු දස්කම් පෙන්වනවා මා ඔහුට සුභ පතනවා යැයි දිල්ෂාන් ප‍්‍රකාශ කළේය.

කණ්ඩායමකට නැතිවම බැරි කී‍්‍රඩකයෙක් ඉතිහාසයේ වරින් වර ශී‍්‍ර ලංකාව නියෝජනය කර තිබේ. මෑත කාලයේදී එසේ සිටි දක්‍ෂයන් කිහිපදෙනෙකු නම් සනත් ජයසුරිය, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් වැනි අයයි. ධනංජය දැනට දක්වන දක්‍ෂතා මත තව වසර තුනකින් ඔහුටද ලංකා කණ්ඩායමේ එවැනි ස්ථානයක් හිමිවීමට අවස්ථාව ඇත.

– බන්දුල –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- colombotelegraph.com

[…]The post Sri Lanka’s Political Landscape: Navigating A Tripartite Contest appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post From Absurdities To Atrocities, Again? appeared first on Colombo Telegraph.

- onlanka.com

The Government Health Service Ambulance Drivers Association has drawn attention to a shortage of ambulance drivers within the government hospital system in Sri Lanka.The post Sri Lanka’s government hospitals grapple with ambulance driver shortage appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Indian Government announced on Saturday that it has granted permission for the export of 99,500 tonnes of onions to six neighboring countries, despite the existing ban on shipments.The post Indian government permits onion exports to six nations, including Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Sri Lankan Rupee (LKR) has appreciated against the US dollar (USD) today (April 26), according to the Central Bank of Sri Lanka (CBSL).The post Sri Lankan Rupee appreciated against U.S. Dollar on April 26, 2024 appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- island.lk

It got a little hairy at the death, but Pakistan just about managed to salvage some pride in this series, scraping to a 9-run win to level the T20I series 2-2. Babar Azam’s 43-ball 69 and late fireworks from Fakhar Zaman saw Pakistan post 178, the third successive time that has been the first innings […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc