How can Sri Lankan charities find international donors and partners?

සතියේ ක්‍රිකට් පුවත් – 22/12/2016

- srilankacricket.lk

  • ශ්‍රී ලංකාව සමග තරග වදින දකුණු අප්‍රිකා කණ්ඩායම

දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භවන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම හා දෙවන ටෙස්ට් තරග දෙකට සහභාගි වන දකුණු අප්‍රිකා කණ්ඩායමට ඔවුනගේ වේගවත්ම පන්දුයවන්නන් දෙදෙනා වන මොනී මෝකල් සහ ඩේල් ස්ටේන් ආබාධ මත සහභාගි නොවෙති.  මොවුන් දෙදෙනා ලොව වත්මන් වේගවත්ම පන්දු යවන්නන් දෙදෙනෙකි.  මීට අමතරව පසුගියදා ඕස්ට්‍රේලියාව සමග තරග වැදුණු දකුණු අප්‍රිකා කණ්ඩායමේ රිලී රොසොව් සහ තබ්රිස් සම්සි ද කණ්ඩායමට අයත් නොවේ.

තෙවන ටෙස්ට් තරගයට සහභාගි වන දකුණු අප්‍රිකා කණ්ඩායම පසුව නම් කෙරේ.  දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ ෆෆ් ඩු ප්ලෙසිස් ය.

ක්‍රීඩකයන් 13 කගෙන් සමන්විත දකුණු අප්‍රිකා සංචිතය – ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), කේල් ඇබට්, හසීම් අම්ලා, ටෙම්බා බවුමා, ස්ටීවන් කොන්, කෙයුනිස් බ්‍රයන්, කුයින්ට ඩි කොක්, ජේ. පී. ඩුමනි, ඩීන් එල්ගා, කෙසෙව් මහරාජ්, වයන් පානෙල්, වර්නන් පිලැන්ඩර් කාගිෂෝ රාබාඩා.

  • ශ්‍රී ලංකා පිතිකරුවෝ දස්කම් පාති.

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාවේ ආරාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තුන්දින පුහුණු තරගය ජය පැරැදුමින් තොරව අවසන් වූවත් ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් සියල්ලම ලකුණු අතරට ඒමට සමත් වීම විශේෂත්වයකි.  දකුණු අප්‍රිකාවේ වේගවත් තණතිලිවල ලංකා පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම ලබන සදුදා (26) දෙරට අතර ආරම්භ වන ප්‍රථම ටෙස්ට් තරගයට යහපත් පෙරහුරුවකි.

 මුල් ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රියාකළ දිමුත් කරුණාරත්න සහ කෞෂල්‍ය සිල්වාත් දෙවන ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග සහ කුසල් ජනිත් පෙරේරාත් නොදැවී අර්ධ ශතක ලබා පිටියෙන් ඉවත්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම 373යි.  කෞෂල්‍ය සිල්වා 80 දිමුත් කරුණාරත්න 71යි.  ධනංජය ද සිල්වා 62 කුසල් මෙන්ඩිස් 51 ඔලිමියර් 54 ට 4

දකුණු අප්‍රිකා ආරාධිත පිල මුල් ඉනිම 289යි.  එල්. ඩු ප්ලෙසි 142 යි ළහිරු කුමාර 36ට 3

ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 5ට 212.  දිනේෂ් චන්දිමාල් 60, කුසල් පෙරේරා 51, මැතිව්ස් 37, උපුල් තරංග 50

  • ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හා ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පසුගිය 19දා පැවැති 2015 – 2016 වසරේ දස්කම් පෑ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවනට සම්මාන ප්‍රදානය ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති අතර, ප්‍රිමියර් ලීග් I කොටසේ දක්ෂතම පිතිකරු ලෙස ටැමිල් යුනියන් කණ්ඩායමේ තරංග පරණවිතානත් දක්ෂතම පන්දු යවන්නා ලෙස සී. සී. සී. කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් තුන් ඉරියව්වේම කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස ටැමිල් යුනියන් කණ්ඩායමේ ධනංජය ද සිල්වාත් සම්මාන ලදහ.

ප්‍රිමියර් ලීග් ශුරතාව ටැමිල් යුනියන් කණ්ඩායමටත් අනුශුරතාව මුවර්ස් ක්‍රීඩා සමාජයටත් හිමිවූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දීර්ඝ කළක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හය දෙනෙකුටත් වසරේ තරග තීරක (නල්ලයියා දේවරාජන්) හොඳම විනිසුරු (දීපාල් ගුණවර්ධන) ක්‍රීඩාංගණ හොඳම නිලධාරී (සරත් මාපා) හොඳම ක්‍රීඩා මාධ්‍යවේදී සිංහල (ධම්මික රත්නවීර) හොඳම ක්‍රීඩා මාධ්‍යවේදී ද්‍රවිඩ (නෙවිල් ඇන්තනි) සම්මාන දිනා ගත්හ.  මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ය.

කාන්තා ක්‍රිකට් I කොටසේ දක්ෂතම පිතිකාරිය හා තුනු ඉරියව්වේ ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධනත් දක්ෂතම පන්දු යවන්නිය ලෙස ගුවන් හමුදාවේ ඕෂදී රණසිංහත් තේරිණි.  කාන්තා ක්‍රිකට් ශුරතාව නාවික හමුදාවටත් අනුශුරතාව ගුවන් හමුදාවටත් හිමි විණි.

I , II හා III වන තරගාවලියන්හි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් (සරවනමුත්තු, ඩොනවන් ඇන්ඩෘ හා ඩේලිනිව්ස් කුසලාන) සම්මාන පිරිනැමිණි.

  • දකුණු අප්‍රිකා නායකයාගේ දඩුවම එහෙමයි.

දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩු ප්ලෙසිස් පසුගිය තරගාවලියේ දී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක් ව සියයට සියයක තරග මුදල දඩයකට යටත් වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කළ අභියාචනය ද ප්‍රතික්ෂේප විය.

  • ක්‍රිකට් ලකුණුකරුවන්ගේ නිල මඩුල්ල

2017 – 18 වසරේ ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ නිලධාරී මණ්ඩලය නොබෝදා තේරී පත්කරගත් අතර සභාපති ධූරය සමන් පීරිස්ටත් ලේකම් ධූරය නලින් ප්‍රියංකරටත් හිමිවූහ.  භාණ්ඩාගාරික ලෙස පත්වූයේ සංජය ජයසිංහ ය.

-බන්දුල මොල්ලිගොඩ-

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc