How can Sri Lankan charities find international donors and partners?

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලිය ජය ගනී

- srilankacricket.lk

Thanathillen Pita1

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් හි පැවැති ප්‍රථම පස් දින ටෙස්ට් තරගය ලකුණු 206 කින් ද කේප්ටවුන් හි පැවැති දෙවන පස්දින ටෙස්ට් තරගය ලකුණු 282කින් ද දැවැන්ත පරාජයන්ට ලක්වෙමින් තරග තුනක ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව දෙවන තරගයේ දී ම පරාජයට පත් වූයේ තරග 2 – 0ක් ලෙසිනි.

South African bowler Kagiso Rabada (CL) and captain Faf du Plessis (L) celebrate the dismissal of Sri Lanka batsman Kusal Mendis during the fourth day of the first Test between South Africa and Sri Lanka on December 29, 2016 at the Port Elizabeth cricket ground in Port Elizabeth. / AFP PHOTO / GIANLUIGI GUERCIA

ලංකා පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට ළඟ ළඟ ම දැවී යන විට දකුණු අප්‍රිකා විස්තර විචාරකයන් පුන පුනාම ප්‍රකාශ කළේ මේ පිතිකරුවන් සෑම විටම විකට්ටුවෙන් එළියට යන පන්දුවලට එළවා පහරදීමට උත්සහ ගන්නේ ඇයි? ඔවුනට කැපවීමක් දැඩි උනන්දුවක් හෝ අවධානයක් නොමැති බව පැහැදිලියි යන්නය.  කවුරුන් කෙසේ කීවත් ලංකා පිතිකරණයේ දුර්වලතා එය බව තරග නරඹන කාටත් පැහැදිලිය.  එම දුර්වලතා සකස් කරගත හැකි වන්නේ ක්‍රීඩකයන්ටම හා පුහුණුකරුවන්ට මිස මාධ්‍යය මගින් හෝ ක්‍රිකට් පරිපාලනයෙන් නොවේ.

මේ ටෙස්ට් තරග දෙකේ දී ශ්‍රී ලංකා පිතිකරුවනට දෙවැනි ටෙස්ට් තරගයේ දී කොහෙත්ම අවස්ථාවක් නොතිබූ අතර, ප්‍රථම ටෙස්ට් තරගයේ දී තරගයට අවතීර්ණවීමට ලංකා පිලට වරින්වර අවස්ථා උදා වුනත් පිතිකරුවන්ගේ දුර්වලතා මත ඒවා මග හැරිණි.  එකම අවස්ථාවක දී හෝ ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාපිලට පීඩනයක් එල්ල කිරීමට අවස්ථාව නොලැබිණි.

ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේ දී සුරංග ලක්මාල් ලකුණු 63කට කඩුලු පහක් ද, දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ලක්මාල් ලකුණු 69කට කඩුලු හතරක් ද, දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී 19 හැවිරිදි ළහිරැ කුමාර ලකුණු 122ක ට කඩුලු හයක් ද දවාලමින් අපගේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කළත් පරාජයට ප්‍රධානම හේතුව වූයේ ලංකා ලකුණු පුවරුවේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොතිබීමය.  ටෙස්ට් තරග දෙකක් නිමවනවිට ලංකා පිතිකරුවන් ශතක 2-3ක් අර්ධ ශතක 5-6ක් ලබා සිටිය යුතු වූවත් මේ ටෙස්ට් තරග දෙකේ දීම ලංකා පිල ලැබුවේ අර්ධ ශතක දෙකක් පමණි.  තරග ජයගැනීමට හෝ තරග ජය පැරදුමින් තොරව කෙළවර කිරීමට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවේ.

ජොහානස්බර්ග් හි වෝන්ඩර්ස් ක්‍රීඩාංගණයේ මේ මස 12 වැනිදා ඇරඹෙන තෙවන ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකානුවන් යන්නේ මෙවැනි පසුබිමක පහසු ආකාරයටය.  ඔවුන්ගේ වේගවත්ම පන්දු යවන්නන් දෙදෙනා වන ඩේල්ස්ටේන් හා මොනී මෝකල් නොමැති අඩුව වර්නන් ෆිලැන්ඩර් හා කගිසෝ රබඩා පිර වූ ආකාරය විශිෂ්ටය.

ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටු විය හැකි කරුණු වන්නේ පන්දු යවන්නන් දස්කම් පෑමත් ආරම්භක පිතිකරු යුගලය ලකුණු අතරට පිවිසීමත් ය.  එංගලන්ත සංචාරයේ දී දිගින් දිගටම අසාර්ථක වූ දිමුත් කරුණාරත්න සහ කෞෂල්‍ය සිල්වා ආරම්භක පිතිකරු යුගලය මේ සංචාරයේ දී ලකුණු අතරට පිවිසිණි.

පෝට් එලිසබත් හි ප්‍රථම ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව මුල් ඉනිමේ දී ලකුණු 286ක ට දැවී ගියේ සුරංග ලක්මාල් කඩුලු පහක් ද රංගන හේරත් කඩුලු 2ක් ද දවාලමින් පෑ විශිෂ්ට දස්කම් මතය.  ලංකා පිතිකරුවෝ මෙහි මුල් ඉනිමේ දී විශාල ලකුණු සංඛ්‍යාවකට ගියානම් තරගයේ වාසිය ලංකාපිලට ලබාගැනීමට අවස්ථාව තිබිණි.  එහෙත් මුල් ඉනිමේ දී අප ලබාගත්තේ ලකුණු 205කි.  දකුණු අප්‍රිකාව දෙවන ඉනිමේ දී කඩුලු හයකට ලකුණු 406ක් ලබා අපට දෙවන ඉනිමේ දී ලකුණු 487 ක ඉලක්කයක් ලබා දුන්නේය.  එහි දී දිමුත් කරුණාරත්න (43) හා කෞශල්‍ය සිල්වා (48) මුල් විකට්ටුව ලකුණු 87ක් ලබා සිටිය දී කරුණාරත්න දුවද්දී දැවීයාමකට ගොදුරුවුණි.  තරගය අනෙක් පැත්තට හැරවූයේ එතැන් සිටය.  පසුව ලංකා පිල 280ක ට දැවී ගියේය.

කේප්ටවුන් හි  දෙවැනි ටෙස්ට් තරගයේ දී ළහිරු කුමාර ලකුණු 122ක ට කඩුලු හයක් බිඳ දැමීමෙන් දකුණු අප්‍රිකා මුල් ඉනිම 392ක ට සීමා වුණි.  මීට පෙර දකුණු අප්‍රිකාව සමග කඩුලු පහ ඉක්ම වූ පන්දු යවන්නන් වන්නේ මුරලිදරන් (39ට 6යි) වෙලගෙදර (52ට 5යි) මුරලිදරන් (63ට 5යි) සුරංග ලක්මාල් (63ට 5යි) සහ රංගන හේරත් (79ට 5යි) දෙවන ටෙස්ට් තරගයේ ලංකා මුල් ඉනිම ලකුණු 110ක ට සීමා වූයේ රබඩා (37ට 4යි) සහ ෆිලැන්ඩර් (37ට 4යි) පෑ දස්කම් මතය.  මෙහි දී ශ්‍රී ලංකාව දෙවන ඉනිමට පන්දුවට පහරදීමට යැවීමට දකුණු අප්‍රිකාවට අවස්ථාව තිබුණත් ඔවුන් දෙවන ඉනිම අරඹා කඩුලු 7ක ට ලකුණු 224ක් ලබා ලංකා පිලට ලකුණු 507ක ඉලක්කයක් ලබා දුන්නේය.  ලංකා පිල දෙවන ඉනිමේ දී ලැබුවේ ද ලකුණු 224කි.  දකුණු අප්‍රිකාව දෙවන ඉනිමේ දී පන්දුවට පහරදීමට තීරණය කිරීම මත දින තුනකට සීමාවන මේ තරගය සිව්වන දින දිවා ආහාරය තෙක් දීර්ඝ විය.  ටෙස්ට් තරගයක් නැරඹීමට ක්‍රීඩාංගනය පිරෙන්නට එන දකුණු අප්‍රිකා ජාතිකයන්ටත් තරගයට අනුග්‍රහය දක්වන සමාගම්වලටත් එයට ද අසල්වැසියකි.

ටෙස්ට් ඉනිම ගොඩ නැගීමට පෙර දුවද්දී දැවීයාම්, පිට පිටම ඕවර දෙකක දී එකම පිතිකරැගේ පහර එල්ල කිරීමට උත්සහ දැරීම කොහෙත්ම අනුමත කළ නොහැකිය.

දකුණු අප්‍රිකාව සංචාරය තවම පටන් ගත්තා පමණි.  ලබන 12 – 16 ජොහානස් බර්ග් හි තුන්වන ටෙස්ට් තරගයටත් තව ටී – 20 තරග තුනකටත් එක්දින ඕවර 50 තරග පහකටවත් සහභාගි විය යුතු වේ.  ඒවාට සාර්ථකව මුහුණු දීමට අපේ පිතිකරුවන් මීට වඩා ශක්තිමත් විය යුතුවේ.

 – බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

England will take on South Africa in the opening match of the 2024 Women’s T20 World Cup on October 3 in Dhaka, according to the tournament schedule released on Sunday. The hosts Bangladesh will also open their campaign on the opening day, taking on one of the qualifiers, also in Dhaka. Defending champions Australia take […]

- adaderana.lk

Prime Minister Benjamin Netanyahu s cabinet decided on Sunday to shut down Al Jazeera s operations in Israel for as long as the war in Gaza continues, on the grounds the Qatari television network threatens national security.

- island.lk

Chennai Super Kings have suffered a significant blow with their death-bowling specialist Matheesha Pathirana returning to Sri Lanka to recover from a hamstring injury. After missing the home fixture against Punjab Kings in Chennai, Pathirana was also ruled out of the reverse fixture in Dharamsala on Sunday. His absence further depletes CSK, who were already […]

- island.lk

In a media release Sri Lanka Cricket has announced that it will award US$ 30,000 to the national rugby team in recognition of winning the Asia Rugby Division 1 Championship by beating Kazakhstan on Saturday (04). The decision to recognize the players and coaches who were involved in achieving this excellent win was taken by […]

- island.lk

A search operation conducted by the Sri Lanka Navy in the beach area of Uchchamunai, Kalpitiya on the evening of 04th May 2024 led to the recovery of approx. 120kg (wet weight) of Tendu leaves suspected to have been smuggled via sea routes. The consignment of Tendu leaves held in this operation has been kept […]

- island.lk

As the sun rises over the mountains surrounding the Magastota Estate in Nuwara Eliya, G.P.D. Padmakanthi, a dedicated midwife with over 35 years of experience, is making her way to visit a mother who is expecting her second baby. As a midwife, Padmakanthi has been a constant source of strength and guidance for the estate […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc