How can Sri Lankan charities find international donors and partners?

උතුර – උතුරමැද – මධ්‍යම ප්‍රදේශයන්හි දැවැන්ත ක්‍රිකට් සංවර්ධන ක්‍රියාදාමයක්

- srilankacricket.lk

Thanathillen Pita1

දිවයින පුරා විසිර සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයනට තම පළාත්වලම පුහුණුව ලබා ජාත්‍යන්තර තත්ත්වයට යාමට සියලු දිස්ත්‍රික්කවලට අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඇතුලුව සෑම පහසුකම් එහිදීම ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.  මේ නව වැඩ පිළිවෙල සමාරම්භය ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුලු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් උතුරැ පළාත උතුරු මැද පළාත සහ මධ්‍යම පළාත්වල නොබෝදා සංචාරයක යෙදෙමින් අදාල දිස්ත්‍රික්ක සංගම්වල නිලධාරීන්ට උපදෙස් දීම සහ ක්‍රිකට් උපකරණ බෙදා දීමද සිදුකරන ලදී.

President's Jaffna Visit

ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුලු විධායක කමිටුවේ නිලධාරීන් අනුරාධපුරය, යාපනය, වවුනියාව, මුලතිව්, මන්නාරම, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මාතලේ, දඹුල්ල, මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්කයන්හි නිලධාරීන් හා ක්‍රීඩකයන් මුණගැසී සාකච්ඡා පවත්වා අඩුපාඩු සොයාබලා ඒවාට පිළියම් එහිදීම ලබාදුන්හ.  ස්ථාන කිහිපයකදී ක්‍රිකට් ආම්පන්න ලබාදීම ද විශේෂත්වයකි.

දිස්ත්‍රික්ක 22ක අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණ ක්‍රිකට් ආයතනය මගින් නඩත්තු කරගෙන යාමට ද මේ සංචාරයේ දී තීරණය විය.  මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඈත පළාත්වල දක්ෂ ක්‍රීඩකයනට අගනුවරට පැමිණ නතරව පුහුණුවීම් ලබාගැනීම අපහසු හෙයින් එම දිස්ත්‍රක්කවලට පහසුකම් වලින් සමන්විත ක්‍රීඩාංගන සැපයීම බව කී සුමතිපාල මහතා මෙමගින් දිසාවකින් කොළඹට ක්‍රීඩකයින් දෙතුන් දෙනෙකු ගෙන්වා ගැනීමට වඩා එම දිස්ත්‍රික්කවල ක්‍රීඩකයින් රැසකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවන බව ද කිවේය.

නව වැඩපිළිවෙල යටතේ තෝරාගත් එම ක්‍රීඩාංගනවලට තණතිලි, දර්ශණපථ, ලකුණු පුවරු වතුර බැසයාමට ක්‍රමවත් කාණු පද්ධති හා ක්‍රීඩාව පවත්වන සීමා හොඳින් සකසා තිබීම සිදු කෙරෙනු ඇත.  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගන කිහිපයක් සංවර්ධනය කිරීමට මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමය වෙත පැවැරිණි.  මීට අමතරව අනුරාධපුර ක්‍රීඩා සමාජයේ පිරිසකට ක්‍රිකට් ආම්පන්න බෙදා දීමද එහි දී සිදු විය.

උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ හා සංවර්ධනය කිරීමේ අරමුණින් එහි සංචාරය කළ ක්‍රිකට් සභාපති තුමා හා නියෝජිත පිරිස යාපනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළහ.  මණ්ඩතීවු හා මල්ලාගම් ප්‍රදේශවල සංචාරය කළ නියෝජිත පිරිස මණ්ඩතීවු දූපත ඒ සඳහා සුදුසු බැව් දැනට නිගමනයකට එළැඹිණි.  උතුරු පළාතේ දිසා ක්‍රිකට් සංගම් පිහිටුවීම වවුනියාව ක්‍රිකට් ක්‍රීඩාංගනයට භූමියක් පරීක්ෂා කිරීම වවුනියා ක්‍රිකට් සංගමයට ක්‍රිකට් භාණ්ඩ ප්‍රදානය ද සිදු කෙරිණි.

උතුරු මැද පළාතේ ක්‍රිකට් සංවර්ධනය සඳහා පොළොන්නරුව හා හිගිරක්ගොඩ ප්‍රදේශවල පිහිටි ජාතික ක්‍රීඩාංගන හොඳින් සංවර්ධනය කිරීමටත් අදාළ ක්‍රීඩාංගන පරීක්ෂා කළ අතර ඒවාට පහසුකම් සැපයීමටත් තීරණය විය.  මෙහි ක්‍රිකට් සංගම් ක්‍රියාශිලී කරවීමට ද උපදෙස් ලබාදුනි.

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ හා දඹුල්ල ඡන්ද කොට්ඨාශවල හා මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර හා කෑගල්ල ප්‍රදේශවල ද ප්‍රධාන ක්‍රීඩාංගණ පිළිසකර කිරීම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම ක්‍රිකට් ආම්පන්න බෙදාදීම සිදු කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයට එම ප්‍රදේශයේ ක්‍රිකට් සංවර්ධන ව්‍යාපෘති රැසක්ම පැවරිණි.  මේ සංචාරයේ සාකච්ඡාවනට භාජනය වූ ව්‍යපෘති රැසක්ම මේ වසර තුළ ක්‍රියාත්මක කිරීමට ද අදාළ පාර්ශ්වයට උපදෙස් ලැබිණි.

යාපනයේ මණ්ඩතිවුහි ඉදිකිරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අවශ්‍ය යටිතල පහසුකම් ජලය විදුලිය පානීය ජලය ඇතුලු ප්‍රදේශයේ පවතින ගැටලු උතුරු පළාත් සභාව සපයාදෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කරයි.  එසේ වුවහොත් මේ ක්‍රීඩාංගණය වසර හතරකින් සාදා නිම කිරීමට ද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාවයි.  මේ ව්‍යපෘතිය සඳහා රුපියල් කෝටි දහයක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ.  මේ ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් උතුරු පළාතේ පාසල් හා අනතර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාවේ නව ජීවයක් ඇති වනු ඇති බවට ක්‍රිකට් ආයතනයේ දැඩි විශ්වාසයයි.

ජනවාරි 15 වැනිදා සිට දින තුනක කාලයක් එම ප්‍රදේශවල ක්‍රිකට් සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බලා ඒවට පිළියම් යෙදුණු අතර ඉදිරියේ දී සෙසු දිස්ත්‍රික්කවල ද සංචාරය කර එවායේ කටයුතු සොයා බැලීමට ද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The Colombo High Court on Friday (30) acquitted and released former minister Mahindananda Aluthgamage from the money laundering case filed against him.

- adaderana.lk

The Appeals Court has deferred its decision on the writ application filed by former Health Minister Keheliya Rambukwella challenging the remand order issued by the Maligakanda Magistrate.

- adaderana.lk

MP Patali Champika Ranawaka arrived at the Criminal Investigation Department (CID) on Tuesday morning (30).

- colombogazette.com

Janashakthi Group (JXG), the title sponsor of the “Battle of the Golden Blues,” proudly announces the conclusion of the first-ever big match between St. Joseph Vaz College, Wennappuwa and St. Anthony’s College, Wattala. Held on April 26th  and 27th 2024 at the P. Saravanamuttu International Cricket Stadium, the match concluded with a gripping draw, showcasing […]

- colombogazette.com

A serving UK Metropolitan Police officer has been found guilty and sentenced for assaulting an innocent man, originally from Sri Lanka, after mistaking him for a criminal. The Met Police officer has been given a 12-week suspended sentence for assaulting the man he thought was the perpetrator of a crime rather than the victim. PC […]

- colombogazette.com

A fake TV executive, originally from Sri Lanka, has been sentenced to two years jail in Australia over “highly sexual phone calls”, the Australian media reported. Gerard Cecil Vamadevan, 56, had reportedly made hundreds of harassing phone calls, telling one mother he would “rape her daughter and cut her into pieces”. Vamadevan was sentenced in […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc