How can Sri Lankan charities find international donors and partners?

බිග්මැච් උණුසුම නගර රැසක

- srilankacricket.lk

Thanathillen Pita1

පාසල් බිග්මැච් උණුසුමින් (මහ ක්‍රිකට් තරග) අන්තර් පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට දැන් උණුසුම්ව ඇත.  24 හා 25 දිනවල එස්. එස්. සී පිටියේ පැවැති තර්ස්ටන් – ඉසිපතන තරගයෙන් ආරම්භ වූ පාසල් මහා ක්‍රිකට් තරගාවලියෙන් කොළඹ මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, අනුරාධපුරය, යාපනය, මොරටුව ඇතුළු නගර ගණනාවක් මමේ සති අන්ත කිහිපයේ දී කාර්යය බහුලව තිබෙනු දක්නට ලැබේ.

කොළඹ පැවැත්වෙන මහ ක්‍රිකට් තරග අතුරින් එස්. එස්. සී. පිටියේ දී මාර්තු 4 – 5 පැවැත්වෙන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය මාර්තු 3 හා 4 දිනවල වනාතමුල්ල සරවනමුත්තු පිටියේ පැවැත්වෙන සාන්ත ජෝශප් – ශාන්ත පීතර 83 වන සංග්‍රාමය මාර්තු 9,10 හා 11 වන දිනවල එස්. එස්. සී පිටියේ පැවැත්වෙන ලොව දෙවන පැරණිම පාසල් මහා ක්‍රිකට් ගැටුම රාජකීය – සාන්ත තෝමස් “නිල් මහා සටන” (මහාමාත්‍ය, ඩී. එස්. සේනානායක අනුස්මරණ කුසලානයට) ප්‍රධාන ස්ථානයක් ගනී.

මිට අමතරව මහනුවර ධර්මරාජ – කිංස්වුඩ්, ත්‍රිත්ව – සාන්ත අන්තෝනි, විද්‍යාර්ථ – සාන්ත සිල්වෙස්තර් ගාල්ල රිච්මන්ඩ් – මහින්ද කුරුණෑගල ශාන්ත ආනා – මලියදේව මාතර සාන්ත තෝමස් – ශාන්ත සර්වේෂෂ් ඉදිරි සති අන්තවල පැවැත්වීමට නියමිත ප්‍රධානම තරග වේ.  රාජකීය විදුහල හේලිත විතානගේ ද සාන්ත තෝමස් කණ්ඩායම රොමේෂ් නල්ලෙපරුම ද ලක්ෂිත රුද්‍රිගෝ සාන්ත පීතර ජෝශප් කණ්ඩායම ද මෙහෙයවති.

මේ පාසල් මහ ක්‍රිකට් තරග අතුරින් ලොව දෙවැනි පාසල් මහා තරගය වන ගල්කිස්ස සාන්ත තෝමස් – කොළඹ රාජකීය තරගය පැවැත්වෙන්නේ 138 වන වසරයටය.  මෙය 1818 වසරේ පාසල් දෙකේ ළමුන් පමණක් සහභාගි වූ තරගයක් ලෙස ගාලුමුවදොර දැනට ටාජ් සමුද්‍රා හෝටලය ඉදිව ඇති ස්ථානයේ තිබූ ක්‍රීඩාංගනයේ දී මුලින්ම පැවැත්විණි.  දෙදින සංග්‍රාම සියවන තරගයේ සිට දින තුනක කාලයක් සංවිධානය විය.  මේ කණ්ඩායම් දෙක නියෝජනය කළ ක්‍රීඩකයන් හතර දෙනෙකුට ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයන්ට ද පසුව පත්විණි.  සාන්ත තෝමස් විදුහලේ ඩී. එස්. සේනානායක රාජකිය විදුහලේ ශ්‍රීමත් ජෝන් කොතතාවල හා ජේ.  ආර්. ජයවර්ධන (ප්‍රථම විධායක ජනපති) එම රාජ්‍ය නායකයෝය.  සාන්ත තෝමස් විදුහලෙන් බිහි වූ තවත් අග්‍රාමාත්‍යවරයෙකු වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ද විදුහලේ දක්ෂ ක්‍රීඩකයෙකු වුව ද ඔහු ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වූයේ නැත.

ලොව පැරණිම පාසල් මහ ක්‍රිකට් තරගය වන්නේ 1879 දී ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙඩ්හි පැවැති ඇඩිලේඩ් සාන්කත පීතර සහ ඇඩිලේඩ් ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් අතර මහ තරගයයි.

මෙය ද අද දක්වාම පවතී.

සාන්ත පීතර විදුහල මෙවර ජයග්‍රහණ පහක් අත්කර සිටින හෙයින් ඔවුන් තම ප්‍රතිවාදී සාන්ත ජෝශප් කණ්ඩායමට වඩා මෙවර ඉදිරියෙන් පසු වේ.  මෙවර සාන්තවරයන්ගේ සංග්‍රාමය පැවැත් වෙන්නේ 83 වන වතාවටයි.  මෙවර පාසල් මහා ක්‍රිකට් තරග සඳහා අනුග්‍රහය දැක්වීමට සමාගම් ගණනාවක්ම ඉදිරිපත්ව සිටීමෙන් මේ තරග තව තවත් උණුසුමට තිබේ.

බෞද්ධ පාසල් අතර ප්‍රධානතම තරගය වන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයට සහභාගි වන ආනන්ද විදුහලේ සහන් සුරවීර මේ පාසල් වාරයේ ශතක පහක් සමග ලකුණු දහය ඉක්මවා සිටී.  ප්‍රබල නාලන්දා කණ්ඩායම මේ පිතිකරුවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.   හිටපු කීර්තිමත් මුදල් ඇතිවරයෙකු වන ආචාර්ය එන්. එම්. පෙරේරා ආනන්දය වෙනුවෙන් දස්කම් පෑ දක්ෂ ක්‍රීඩකයෙකි.  ආනන්ද – නාලන්දා විද්‍යාල දෙකෙන්ම එදා සිට අද දක්වාම විශිෂ්ඨ ඝණයේ දේශපාලකයන් රාජ්‍ය නායකයන් ගණනාවක්ම බිහිකර තිබීම ද විශේෂත්වයකි.

මේ අතර 2017 පාසල් මහ ක්‍රිකට් තරග අතුරින් ප්‍රථම තරගය වූ තර්ස්ටන් – ඉසිපතන අතර තරගය සෙනසුරාදා එස්. එස්. සී. පිටියේ දී ජය පැරදුමින් තොරව කෙළවර විය.  තර්ස්ටන් මුල් ඉනිම සියලු දෙනා දැවී 238යි.

කේ. අබේරත්න 43යි. නවෝද් සමරකෝන් 34යි.  වන්නි ආරච්චි 66ට 3යි. ළහිරු 53ට 3යි.  ඉසිපතන මුල් ඉනිම 141යි.  සංජුල අබේවික්‍රම 27යි.  කළණ පෙරේරා 20 නානායක්කාර 71ට 4යි.  ගුණවර්ධන 33ට 5යි.  තර්ස්ටන් දෙවන ඉනිම කඩුලු 7ට 131යි.  චරන නානායක්කාර 655 වන්නිආරච්චි 59ට 3යි.  සිරිවර්ධන 29ට 3යි.  ඉසිපතන දෙවන ඉනිම කඩුලු 6ට 68යි.  අබේවික්‍රම 13යි.  ගුණවර්ධන 31ට 3යි.

ආනන්ද සාන්ත ජොශප් ජයපරාජ නෑ.  ආනන්ද මුල් ඉනිම කඩුලු 7ට 361යි.  සහන් සුරවීර 104යි. කයවිෂ්ක අංජුල 73යි.  සම්මු අෂාන් 66යි.  නිපුන් සුමනසිංහ 68ට 4යි.  සාන්ත ජෝශප් මුල් ඉනිම 138යි.  සුමනසිංහ 28 දුරැගේ 24යි. දිලීප ජයලත් 22ට 7යි.

ශාන්ත ඇලෝෂියස් සාන්ත සෙබස්තියන් තරගය ජය පරාජ නෑ

සාන්ත ඇලෝෂියස් මුල් ඉනිම 270යි.  අශේන් බණ්ඩාර 125යි.  ඇන්. දුල්මිණ 43යි. අවිශ්ක ප්‍රනාන්දු 52ට 2යි. ශාන්ත සෙබස්තියන් මුල් ඉනිම 300යි.  එම්. සිල්වා 68යි. ටී ප්‍රනාන්දු 50යි.  නුවන් ප්‍රනාන්දු 43යි.  අවිශ්ක ප්‍රනාන්දු 31යි.  එච්. බුද්ධිල 111ට 4යි.  කවික දිල්ෂාන් 74ට 3යි.  සාන්ත ඇලෝසියස් දෙවන ඉනිම කඩුලු 5ට 175යි. අෂේන් බණ්ඩර 52යි.  ටී. ප්‍රනාන්දු 47ට 3යි.

පල්ලේකැලේ දී සාන්ත බෙනඩික්ට් කඩුලු 5කින් සාන්ත අන්තෝනි පරාජය කරයි.

සාන්ත අන්තෝනි මුල් ඉනිම 128යි.  දෙවන ඉනිම 127යි.  සාන්ත බෙනඩික්ට් ඉනිම 154යි.  දෙවන ඉනිම කඩුලු 5ට 105යි.  ඩී. චතුරංග 38යි.  එස්. වික්‍රමාරච්චි13ට 2යි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

(Cover Image: Batsman.com)

You may also like

- adaderana.lk

Thousands of students have been evacuated from nearly 100 schools in and around India s capital Delhi after fake bomb threats were emailed to them.

- adaderana.lk

Labour Tribunal of Kalutara, Sri Lanka has ruled that the British Broadcasting Corporation s (BBC) decision to prematurely terminate the contract of top journalist Azzam Ameen was unreasonable and unjustifiable .

- adaderana.lk

Sri Lanka Podujana Peramuna (SLPP) Parliamentarian Dr. Gayashan Nawananda has reportedly joined the May Day rally of the United National Party (UNP) in Colombo.

- adaderana.lk

Former Sri Lankan cricket captain and former minister Arjuna Ranatunga joined the May Day rally of the Samagi Jana Balavegaya (SJB) which was held in the Thalawakele area this morning (May 01).

- colombogazette.com

The British Broadcasting Corporation (BBC) has been ordered to pay Rs 4.5 million to Sri Lankan journalist Azzam Ameen as compensation. The Labour Tribunal of Kalutara, Sri Lanka had earlier ruled that the BBC’s decision to prematurely end the contract of journalist Azzam Ameen was ‘unreasonable and unjustifiable’. Having delivered the written order on 30th April, […]

- colombogazette.com

The minimum daily wage for plantation workers has been increased to Rs. 1,700 through a gazette notice.  A gazette extraordinary issued by the Department of Labour states that the minimum wage in the Tea Growing and Manufacturing Trade has been revised. Meanwhile, President Ranil Wickremesinghe said the wage increment will come into effect from today […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc