How can Sri Lankan charities find international donors and partners?

19න් පහළ සූරතාව දකුණු පළාතට

- srilankacricket.lk

Thanathillen Pita1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ සූරතාව හිමිකරගත්තේ දකුණු පළාතය.  මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැති අවසාන මහා තරගයේ දී බස්නාහිර පළාත දකුණ කණ්ඩායම ඕවර 49.1ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 189ට පිළිතුරු ලෙස දකුණු පළාත ඕවර 34 දී කඩුලු 4ක ට ලකුණු 139ක් ලබා ජය ගත්තේ ඩක්වර්ත්-ලූවිස් ක්‍රමයටය.

MMK_5605

දකුණු පළාතේ ජයග්‍රහණයට මුල ව ක්‍රියා කළ අවිඳු තීක්ෂණ ලකුණු 41ක ට කඩුලු පහක් ම දවාලු අතර පසුව එම කණ්ඩායමේ හංසික වැලිහිඳ නොදැවී ලකුණු 58ක් රැස් කළේය.  අවිඳු තීක්ෂණ අවසාන තරගයේ හොඳම පන්දු යවන්නා ලෙසත් වැලිහිඳ අවසාන තරගයේ වීරයා ලෙසත් තේරිණි.  බස්නාහිර දකුණු කණ්ඩායමේ කමිල් මිෂාර හොඳම පිතිකරු ලෙස තේරිණි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් බස්නාහිර දකුණු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 109ක දී ලකුණු 68ක් (හතරේ 3යි හයේ 1යි) ලබා තම කණ්ඩායමේ හයවන කඩුල්ලට කවිඳු උමයංගන (38) සමග ලකුණු 90ක සබඳතාවයක් තැබීම මත බස්නාහිර දකුණු පිලට ලකුණු 189ක සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදා විණි.

දකුණු කණ්ඩායම කඩුලු 4ක ට ලැබූ ලකුණු 139න් (ඕවර 34) වැඩි බරක් ඉසිලු හංසික වැලිහිඳ හතරේ පහර 10ක් සමග නොදැවී 58ක් රැස් කළේ පන්දු 99ක දී ය.  ඇඳිරි කාලගුණය මත තරගය මේ අවස්ථාවේ නතර කිරීමෙන් දකුණට ජය අත්වූයේ ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයටය.

බස්නාහිර පළාත (දකුණ) කණ්ඩායම ලකුණු 130ක් න් බස්නාහිර පළාත (උතුර) පරාජය කරමින් ද දකුණු පළාත ලකුණු 53කින් වයඹ පරාජය කරමින් ද අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසාන පූර්ව තරග දෙකේ ප්‍රතිඵල – 

  1. ප්‍රථම අවසාන පූර්ව තරගය බස්නාහිර පළාත (දකුණ) ලකුණු 170කින් බස්නාහිර පළාත උතුර පැරදවීය.

බස්නාහිර දකුණු පළාත ඔවර 50 දී කඩුලු 8ට 303යි. නිෂාන් මධුෂ්ක 102යි.  සනෝජ් දර්ශික 52යි, කමිල් මිෂාර 46යි, මිතල ගීත් 48ට 2යි. සජිත් සමීර 68ට 2යි. බස්නාහිර උතුර ඕවර 31.1 දී 173යි.  ළහිරු අත්තනායක 51, අෂාන් ප්‍රනාන්දු 28යි, ආර්. සංජය 24ට 2යි.

  1. දෙවන අවසාන පූර්ව තරගය දකුණු පළාත ලකුණු 53කින් වයඹ පරාජය කරයි.  දකුණු පළාත ඕවර 49.5 දී 260යි.

රවිශ්ක විජේසිරි 78, ධනංජය ලක්ෂාන් 38, රන්දීර් රණසිංහ 48ට 3යි, වයඹ පළාත ඕවර 44 දී කඩුලු 9ට 207යි. නිපුන් ධනංජය 45යි, රන්දීර් රණසිංහ නොදැවී 22යි, රවිශ්ක විජේසිරි 22ට 3යි, තිසර රණසිංහ 21ට 2යි.

අවසාන මහා තරගයේ ප්‍රතිඵල – දකුණු පළාත ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයට බස්නාහිර දකුණ පරාජය කරයි.  බස්නාහිර දකුණ  ඕවර 49.1දී 189යි.  කමිල් මිෂාරා 68යි, කවිඳු උමයංග 38යි, අවිඳු ප්‍රනාන්දු 28යි, අවිඳු තීක්ෂණ 41ට 5යි, ඩී. ලක්ෂාන් 20ට 2යි.  දකුණු පළාත ඕවර 34 දී කඩුලු 4ට 139යි.

හංසික වැලිහිඳ නොදැවී 58යි, කවීෂ අබිෂේක් 28යි, ඉන්සක මධුවින්ද 31ට 2යි.

අයි. සී. සී. සූරයන්ගේ (චැම්පියන්) කුසලාන තරගාවලියට සහභාගිවීමට ඉන්දියාව තීරණය කරයි.

 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුනි 1 – 18 දක්වා එංගලන්තයේ පැවැත්වෙන අයි. සී. සී. චැම්පියන් කුසලාන තරගවලියට සහභෘගි කරවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.  මේ අනුව ඉන්දීය කණ්ඩායම ඒ කොටසින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් තරගවදී.  අනෙක් කොටසට අයත් කණ්ඩායම් වන්නේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශයයි.

අවසාන වරට 2013 පැවැති චැම්පියන් කුසලාන තරගවලියේ සූරයන් වූයේ ද ඉන්දියාවය.  අප්‍රේල් 25 වැනිදාට පෙර කණ්ඩායම් නම් කළ යුතුව තිබුණත් ඉන්දියාව තම කණ්ඩායම ඉදිරිපත් කර තිබුණේ නැත.  ඉදිරි වර්ෂ කිහිපය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ වැඩිම මුදල් උපයා දෙන ඉන්දියාව, එංගලන්තය හා ඕස්ට්‍රේලියාවට වැඩි ප්‍රතිපාදන හිමිවිය යුතු බවට ඉන්දියාව මීට පෙර සම්මත කරගෙන තිබූ යෝජනාව මෙවර ජගත් ක්‍රිකට් සමුළුවේ යෝජනාවක දී ඡන්ද 9- 1 කින් පරාජය විය.  ඉන්දියාව තම කණ්ඩායම නම් කිරීම ප්‍රමාද කළේ ඊට විරෝධය පෑමක් ලෙසිනි.

කෙසේ වුව ද ඉදිරියේ දී මේ පිළිබඳව නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දියාව පවසයි.

 – බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

In his Labour Day Message, President Ranil Wickremesinghe extended an invitation to all political parties to join hands in charting a path towards a prosperous future for the nation.

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 01 May 2024 by the Department of Meteorology Misty conditions can be expected at some places in Central, Sabaragamuwa and Uva provinces during the morning. Showers or thundershowers will occur at several places in Western, Sabaragamuwa, North-western and Central provinces and in Galle, Matara and Mannar districts after […]

- island.lk

More than 100 people have been arrested in Spain accused of stealing thousands of euros from WhatsApp users by claiming to be relatives in distress. Police said those arrested were part of a criminal group that fraudulently received nearly a million euros in total through the scam. The arrests took place between February and April, […]

- colombogazette.com

Over the last few decades China has not only become Africa’s largest trading partner, but is its biggest bilateral lender. In the last 15 years, trade between China and African nations reached $282.1 billion (in 2023). Out of these numbers, most of the exports to China were supplied by South Africa, Angola and the Democratic […]

- colombogazette.com

Macktiles Lanka has been dedicated to providing top-quality tiles across Sri Lanka since its establishment in 2014. With 32 island-wide showrooms already serving valued customers, Macktiles introduces its 33rd showroom located at 558/1, Pitakotte, Kotte marking another milestone in the company’s journey of expansion and innovation. This new showroom promises to offer the same exceptional [&#...

- colombogazette.com

Sri Lanka’s leading fashion retailer, Fashion Bug (Pvt.) Ltd, unveiled a fully revamped Kurunegala outlet recently, just in time for the festive season. The grand opening ceremony was graced by Chief Guest Ajith Karunaratne, alongside Fashion Bug’s management team, staff, and distinguished guests. The relaunch signifies Fashion Bug’s commitment to providing customers with a moder...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc