How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි 18 කෙන්ට් ප්‍රාන්තයට

- srilankacricket.lk

එංගලන්තයේ ලන්ඩන් ඕවල්, එඩ්ග්බැස්ටන් හා කාඩිෆ් ක්‍රීඩාංගණ තුනේ දී ලබන මස (ජුනි) 1 සිට 18 දක්වා පැවැත්වෙන චැම්පියන් (සූරයින්ගේ) කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස (මැයි) 18 වැනිදා කෙන්ට් ප්‍රාන්තයට ළඟා වෙති.

සීමිත ඕවර 50 චැම්පියන් කුසලාන තරගාවලියේ ඒ කොටසට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, හා බංග්ලාදේශයත් බි කොටසට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානයත් අයත්ය.  මේ තරගාවලියේ ප්‍රථම තරගය ජුනි 1 දා පැවැත්වෙනුයේ එංගලන්ත හා බංග්ලදේශය අතර තරගයයි.  ජුනි මස 1 සිට 12 දක්වා දිනපතාම තරග පැවැත්වීමට නියමිතය.  අවසාන පූර්ව තරග දෙක පැවැත්වෙනුයේ 14 හා 15 වන දිනවලය.  18 අවසාන මහා තරගය පැවැත්වෙන අතර 19 අතිරේක දිනයක් ලෙස නම් කර තිබේ.

DSC_1873

තරගාවලියට කණ්ඩායම් අට තෝරාගෙන ඇත්තේ ජගත් ක්‍රිකට් සමුළුවේ එක්දින සීමිත ඕවර (50) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රථම කණ්ඩායම් අටය.  ටෙස්ට් තත්ත්වය ලද රටවල් අතුරින් ඉවත් වීමට සිදු වූයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා සිම්බාව්වේ කණ්ඩායම්වලටය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව කණ්ඩායම් පිළිගෙන නවාතැන් පහසුකම් සහ පුහුණු තරග සපයා ඇත්තේ මැයි 24 වැනිදා සිටය.  මැයි 31 දක්වා සියලුම කණ්ඩායම්වලට පුහුණු තරග සපයා තිබේ.  පැවැත්වෙන තරග 15න් තරග 13ක් එංගලන්ත වේලාවෙන් පෙරවරු 10.30ටත් තරග දෙකකක් සවස 1.30ට ත් ඇරඹේ.  ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලසිත් මාලිංග ද ඇතුළත් වීමට වැඩි අවකාශ ඇත.  ආබාධ වූ ක්‍රීඩකයන්ගෙන් තොරව සම්පූර්ණ කණ්ඩායමක් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ කළකට පසුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 18 සිට 23 දක්වා ලංකා කණ්ඩායමට කෙන්ට් ප්‍රාන්තයේ නවාතැන් හා පුහුණු තරග දෙකක් සංවිධානය කර තිබේ.  පුහුණ තරග දෙක 21 හා 23 දිනවල පැවැත්වෙනුයේ ස්කොට්ලන්තය සමගිනි.  මිට අමතරව ලංකා කණ්ඩායම පුහුණු සැසිවාර කිහිපයකටත් කෙන්ට් ප්‍රාන්තයේ දී සහභාගි වෙති.  චැම්පියන් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය ජුනි 3 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනුයේ දකුණු අප්‍රිකාව සමගය.

එක් කණ්ඩායමක් තමන් අයිති කොටසේ සෙසු කණ්ඩායම් තුන සමගම තරගවදී.  කොටසකින් කණ්ඩායම් දෙක බැගින් කොටස් දෙකෙන් කණ්ඩායම් හතරක් අවසාන පූර්ව තරග දෙකට සුදුසුකම් ලබයි.  එක කොටසක කණ්ඩායම් හතරම තරගය බැගින් ජයගතහොත් ප්‍රසාද ලකුණු, ලකුණු රැස් කිරීමේ වේගය හා මුල් වටයේ හිමිවන ලකුණු ප්‍රමාණයන්ගෙන් අවසාන පූර්ව වටයට තෝරාගනී.

චැම්පියන් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම –

ඇන්ජිලෝ මැතිව්ස්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් හා සීක්කුගේ ප්‍රසන්න

චැම්පියන් කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග

මැයි 21 – ශ්‍රී ලංකා – ස්කොට්ලන්තය – පුහුණු තරගය කෙන්ට් හි දී

මැයි 23 – ශ්‍රී ලංකා – ස්කොට්ලන්තය – දෙවන පුහුණු තරගය කෙන්ට් හි දී

මැයි 24 – තරගාවලියට සහභාගි වන සියලු කණ්ඩායම් එංගලන්තයට ළඟා වී අවසන් වීම.

මැයි 26 – ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පුහුණු තරගය ලන්ඩනයේ ඕවල් හි දී

මැයි 27 – බංග්ලදේශ – පාකිස්තාන පුහුණු තරගය එඩ්ග්බැස්ටන් හි දී

මැයි 28 – ඉන්දියාව – නවසීලන්ත පුහුණු තරගය – ඕවල්

මැයි 30 – නවසීලන්තය – ශ්‍රී ලංකාව පුහුණු තරගය එඩ්ග්බැස්ටන් හි දී

මැයි 31 – ඕස්ට්‍රේලියාව පාකිස්තාන පුහුණු තරගය එඩ්ග්බැස්ටන්

චැම්පියන් කුසලාන තරගාවලිය

ජුනි 1 – එංගලන්තය – බංග්ලදේශය – ඕවල්

ජුනි 2 – නවසීලන්තය – ඕස්ට්‍රේලියාව – එඩ්ග්බැස්ටන්

ජුනි 3 – ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව – ඕවල්

ජුනි 4 – ඉන්දියාව – පාකිස්තානය – එඩ්ග්බැස්ටන්

ජුනි 5 – ඕස්ට්‍රේලියාව – බංග්ලදේශය – ඕවල් සවස 1.30 ට

ජුනි 6 – එංගලන්තය – නවසීලන්තය – කාඩිෆ්

ජුනි 7 – පාකිස්තානය – දකුණු අප්‍රිකාව – කාඩිෆ් සවස 1.30 ට

ජුනි 8 – ඉන්දියාව – ශ්‍රී ලංකාව – ඕවල්

ජුනි 9 – නවසීලන්තය – බංග්ලදේශය – කාඩිෆ්

ජුනි 10 – එංගලන්තය – ඕස්ට්‍රේලියාව – එඩ්බැස්ටන්

ජුනි 11 – ඉන්දියාව – දකුණු අප්‍රිකාව – ඕවල්

ජුනි 12 – ශ්‍රී ලංකාව – පාකිස්තානය – කාඩිෆ්

ජුනි 14 – ප්‍රථම අවසාන පූර්ව තරගය – කාඩිෆ්

ජුනි 15 – දෙවන අවසාන පූර්ව තරගය – එඩ්බැස්ටන්

ජුනි 18 – අවසාන තරගය – ඕවල් ක්‍රීඩාංගණය ලන්ඩනය

ජුනි 19 අතිරේක දිනය

බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre at 4.00 p.m. 28 April 2024, valid for 29 April 2024 Heat index, the temperature felt on human body is expected to increase up to ‘Caution level’ at some places in Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and in Monaragala and Hambantota districts. […]

- colombotelegraph.com

[…]The post Foreign Debt Restructuring: Too Late & Too Short To Get Out Of The Debt Trap appeared first on Colombo Telegraph.

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc