How can Sri Lankan charities find international donors and partners?

වර්ෂාව දැවැන්තයින් ඉවත් කරයි ද?

- srilankacricket.lk

එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ දිනවල වර්ෂාවෙන් දැඩි ලෙස බාධා සිදුවෙමින් තිබෙන අතර, තරගාවලිය ජය ගනිතැයි අපේක්ෂා කළ දැවැන්තයන් මේ හේතුව මත තරගාවලිය ආරම්භයේදීම එළියට විසිවන තත්ත්වයකට පත්ව තිබේ.  ජුනි 2 වැනිදා පැවැති ඕස්ට්‍රේලියා නවසීලන්ත තරගය ජුනි 5 වැනිදා පැවැති ඕස්ට්‍රේලියා – බංග්ලදේශ තරගය වර්ෂාව මත නතර කළ හෙයින් කුසලානය දිනනු ඇතැයි අපේක්ෂා කළ කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව දැනට ලකුණු දෙකක් පමණක් ලබා පසුවන්නේ අසීරු තත්ත්වයකය.  ඔවුනට තව ඉතිරිව ඇත්තේ 10 වැනිදා පැවැත්වෙන එංගලන්ත තරගය පමණෙකි.

වර්ෂාවෙන් බාධා වූ ඉන්දියා – පාකිස්තාන තරගයේ දී ඉන්දියාවට ජය අත් වූයේ ලකුණු 124කිනි.  චැම්පියන් කුසලාන හිටපු සූරයන් වන ඉන්දියාව මීළඟට තරග වදින්නේ ලබන 8 වැනිදා ශ්‍රී ලංකාව සමග බර්මින්හැම්හි දී ය.

Bangladesh's captain Mashrafe Mortaza (C) reacts while Australia's David Warner (L) and Australia's Steven Smith (R) run between the wickets  during the ICC Champions Trophy match between Australia and Bangladesh at The Oval in London on June 5, 2017. / AFP PHOTO / Glyn KIRK / RESTRICTED TO EDITORIAL USE

Bangladesh’s captain Mashrafe Mortaza (C) reacts while Australia’s David Warner (L) and Australia’s Steven Smith (R) run between the wickets during the ICC Champions Trophy match between Australia and Bangladesh at The Oval in London on June 5, 2017. / AFP PHOTO / Glyn KIRK / RESTRICTED TO EDITORIAL USE

දැනට පැවැති තරග පහෙන් (5 වැනිදා වන විට) තරග තුනකටම වර්ෂාවෙන් බාධාවන් සිදු වූ අතර ඉන් වඩා අපහසු තත්ත්වයකට පත් ව සිටින්නේ ඕස්ට්‍රේලියාවය.  ජුනි 2 වැනිදා පැවැති ඕස්ට්‍රේලියා – නවසීලන්ත තරගය තෙවරක්ම අයහපත් කාලගුණය මත නතර කැරුණු අතර මේ තරගයෙන් නවසීලන්තයට ජය ගැනීමට ද අවස්ථාව තිබිණි.  තරග ප්‍රතිඵලය වූයේ දෙපිළිටම ලකුණු 1 – 1 බැගින් හිමි වීමය.  ඕස්ට්‍රේලියාවේ දෙවන තරගය පැවැතියේ 5 වැනිදා බංග්ලදේශය සමගිනි.  මෙදින ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් බංග්ලදේශ ඉනිම ලකුණු 182ක ට (ඕවර 44.3යි) සීමා කර පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපේක්ෂා කළේය.  ඕස්ට්‍රේලියාව ඕවර 16ක දී පිතිකරුවකු පමණක් දැවී ලකුණු 83ක් ලබා සිටිය දී ඇද හැළුණු මහ වර්ෂාවෙන් තරගය නතර කර දෙපිලට ලකුණ (1 – 1) බැගින් පිරිනැමිණි.  ඕස්ට්‍රේලියාවට තව ඕවර හතරක් මුහුණදීමට අවස්ථාව තිබුණේ නම් ඔවුනට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජය ගැනීමට තිබිණි.

බංග්ලාදේශය දැනට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග තරග වැදී ලකුණක් පමණක් ලබාසිටී.  ඔවුනට සතුටු විය හැකි ප්‍රධානම කරුණ වන්නේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ප්‍රථම තරගයේ එංගලන්තය සමග ශතකයක් ද දෙවන තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමග ලකුණු 95ක් ද (පන්දු 114යි හතරේ හයයි හයේ තුනයි) ලබා ගැනීමය.

වර්ෂාවෙන් බාධා වූ අනෙක් තරගය වූ ඉන්දියා – පාකිස්තාන තරගයෙන් ඉන්දියාව 124කින් ජය ගත්තේ වර්ෂාව මත තරගය දෙවරක් නතර කිරීමෙන් පසුවය.

ඉන්දියාව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පාකිස්තානයට තිබූ අවස්ථාව ඔවුන් මග හරවා ගත්තේ දුර්වල පන්දු රැකීම හමුවේය.  ඉන්දියාව ඕවර 48ක දී කඩුලු 3ක ට ලකුණු 319ක් ලැබූ අතර පාකිස්තානයට ඕවර 33.4ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ 164කි.  නොදැවී ලකුණු 81ක් ලැබු නායක විරාට් කෝලි සහ අර්ධ ශතකයක් ලැබූ යුවරාජ් සිං (53) අඩු ලකුණු සංඛාවල සිටිය දී දුන් පහසු උඩ පන්දු පාකිස්තානුවන් බිම අත හැරීමෙන් ඔවුනට එයට වන්දි ගෙවීමට සිදු වූයේ විශාල පරාජයකට ලක් වීමෙනි.  යුවරාජ් සිං අයි. සී. සී. තරගාවලියන් හි දක්වන සුවිශේෂි දක්ෂතා මෙවර ද ඉස්මතු වීම විශේෂත්වයකි.

චැම්පියන් කුසලානය වැනි ජගත් ක්‍රිකට් සමුළුව සංවිධානය කරන විශාල මුදල් ප්‍රමාණයන් වැය වන ලොව දක්ෂම කණ්ඩායම් අට සහභාගි වන තරගාවලි සුදුස්සන්ට ජය ලැබෙන පරිදි යහපත් දේශගුණික වාතාවරණයක් පවතින කාලයන් හි සංවිධානය කිරීම වැදගත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය 3 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැති අතර, දෙවන තරගය 8 වැනිදා ඉන්දියාව සමග ඕවල් ක්‍රීඩාංගණයේත් මූලික වටයේ අවසාන තරගය ජුනි 12 වැනිදා කාඩිෆ්හි පාකිස්තානය සමගත් පැවැත්වීමට නියමිතය.  ශ්‍රී ලංකාව ජුනි 14 වැනිදා ප්‍රථම අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් මේ තරග දෙකේ දී සුවිශේෂි දස්කම් පෙන්විය යුතු වේ.  දකුණු අප්‍රිකාව සමග ප්‍රථම තරගයේ දී ලොව අංක 1ට ශ්‍රේණිගතව සිටින එමෙන් ම අපරාජිත කණ්ඩායමක් වන දකුණු අප්‍රිකානුවන් ලකුණු 299ක ට සීමා කර ගැනීමට සමත් වීම ශ්‍රී ලංකා පිල ලැබූ ජයග්‍රහණයකි.  ලංකා මැද පෙළ පිතිකරුවන් මීට වඩා සුපරික්ෂාකාරී වුවානම් මේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට අවස්ථාව තිබිණි.

තරගාවලිය ආරම්භයට පෙර ප්‍රබල ස්ථානයක සිටි බංග්ලදේශයට දැනට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග තරග වැදී හිමිව ඇත්තේ ලකුණක් පමණෙකි.  බංග්ලදේශය සිකුරාදා (9) කාඩිෆ්හි නවසීලන්තය සමග තරග වදී.  එයින් බංග්ලදේශයට ජය ගැනීමට අවස්ථාව නොලැබුණහොත් මූලික වටයෙන් ම ඔවුනට ඉවත් වීමට සිදු වේ.  දැනට මූලික වටයෙන් ම ඉවත් වීමේ අවදානමෙන්  සිටින්නේ ඕස්ට්‍රේලියාව හා බංග්ලදේශයයි.  ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරගයට යාමට නම් ඉන්දියාව හා පාකිස්තානය සමග ජයගත යුතු වේ.

 – බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

The Court of Appeals ordered a petition filed seeking to invalidate the recent order issued by the Colombo District Court preventing Minister Wijeyadasa Rajapakshe from functioning as the Acting Chairman of Sri Lanka Freedom Party (SLFP), to be taken up for consideration on May 02.

- adaderana.lk

Two accused who were found guilty of attacking a person to death with a sharp weapon in the Gas Paha Junction area in Colombo around 22 years ago, have been sentenced to death by court.

- adaderana.lk

Three individuals from the Pahala Karannagoda area of Warakagoda in Kalutara, have died due to a sudden illness after consuming illicit liquor.

- onlanka.com

An associate of the organized criminal Maddumage Lasantha Chandana Perera, also known as ‘Angoda Lokka,’ was apprehended at Bandaranaike International Airport (BIA) in Katunayake.The post Key associate of ‘Angoda Lokka’ apprehended at BIA with forged passport appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Indian Coast Guard (ICG) confiscated 86 kg of suspected heroin valued at INR 6.02 billion from a Pakistani boat, which was heading to Sri Lanka.The post Indian Coast Guard seize 86kg drugs from Pakistan boat heading to Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

Police have arrested a Software Engineer along with several types of drugs including Hash and Kush Cannabis which have been smuggled to Sri Lanka from Italy.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc