How can Sri Lankan charities find international donors and partners?

චැම්පියන්ස් කුසලාන අවසාන තරගයට ඉන්දියාව හා පාකිස්ථානය

- srilankacricket.lk

ගියවර චැම්පියන්ස් කුසලාන සූරයන් වූ ඉන්දියාව මෙවරද එහි අවසාන මහා තරගයට තරගවැදීමට බ්‍රහස්පතින්දා (15) සුදුසුකම් ලැබීය.  අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින අනෙක් කණ්ඩායම පාකිස්තානයයි.  ඉන්දියා – පාකිස්තාන අවසාන මහා තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදා (18) ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදීය.  මේ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් සදුදා (19) අමතර දිනයක් ලෙසද නම් කර තිබේ.  පාකිස්තානය චැම්පියන්ස් කුසලාන තරගාවලියක අවසාන තරගයකට තේරුණු ප්‍රථම අවස්ථාව මෙය වූ හෙයින් අවසාන තරගය තියුණු මුහුණු වරක් ගනිතැයි අපේක්ෂා කැරේ.

කාඩිෆ්හි පැවැති ප්‍රථම අවසාන පූර්ව තරගයේදී පාකිස්තානයත් එඩ්බැස්ටන්හි පැවැති දෙවන අවසාන පූර්ව තරගයේ දී ඉන්දියාවත් තම ප්‍රතිවාදීන් පරාජයට පත් කළේ ඉතා පහසු ආකාරයකිනි.  කාඩිෆ්හි පැවැති එංගලන්ත – පාකිස්තාන ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී එංගලන්තයට ඕවර 49.5 ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 211කි.  පාකිස්තානය ඕවර 37.1 ක දී කඩුලු 2කට ලකුණු 215 ක් ලබා ජය ලැබුවේ කඩුලු අටකිනි.  මෙහි දී එංගලන්තය වරක් කඩුලු 2කට ලකුණු 128ක් ලබාසිටියත් පසුව ඉතිරි පිතිකරුවන් අටදෙනාම දැවී ගියේ 83ක් එක්වද්දීය.  එංගලන්තය වෙනුවෙන් බෙයාස්ටෝ ලකුණු 43ක් ද ජොරූට් ලකුණු 46ක් ද ස්ටොක්ස් ලකුණු 34ක් ද ලැබු අතර හසන් අලී ලකුණු 35ක ට කඩුලු තුනක් දවාලුවේය.  පාකිස්තානයේ ප්‍රබල ආරම්භක පිතිකරුවන් දෙදෙනා අසාර් අලි (76) සහ ෆාකර් සාමන් (57) මුල් විකට්ටුවටම එක් කල ලකුණු ප්‍රමාණය 118කි.  පසුව බාබර් අසාම් නොදැවී ලකුණු 38ක් ද මොහමඩ් හෆීස් නොදැවී ලකුණු 31ක් ද ලබාසිටියහ.

JDK_5514

එඩ්බැස්ටන්හි පැවැත් දෙවන අවසාන පූර්ව තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ ඉදිරිපෙළ පිතිකරුවන් දස්කම් දැක්වූවත් මැදපෙළ හා අගපෙළ පිතිකරුවන් අසාර්ථකවීමෙන් ඔවුනට ලබාගත හැකි වූයේ කඩුලු 7ක් ද දැවී 264කි.  ඉන්දියාව ඕවර 40.1 ක දී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 265ක් ලබා තරගය පහසුවෙන් ජයගත්තේ කඩුලු 9කිනි.  බංග්ලාදේශය වෙනුවෙන් ටමීම් ඉක්බාල් (70) සහ මුෂ්ෆිකුර් රහීම් (61) ලැබු අතර ඉන්දීයන් පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු බුවනේෂ්වර් සහ බුම්රා කඩුලු දෙක බැගින් දවාලූහ.  ඉන්දියාව ද ප්‍රබල ආරම්භක පිතිකරුවන් දෙදෙනා රෝහිත් ෂර්මා (නොදැවී ලකුණු 123) සහ ශිකර් ධවාන් (46) මුල් විකට්ටුවට එක්කළ ලකුණු ප්‍රමාණය 87කි. පසුව නායක විරාට් කෝලි නොදැවී ලකුණු 96ක් රැස්කලේය.  දෙවන කඩුල්ලට ෂර්මා හා කෝලි නොදැවී රැස්කල ලකුණු ප්‍රමාණය 178කි.

දැන් ඉතිරිව ඇත්තේ ඉරිදා (18) පැවැත්වීමට නියමිත ඉන්දියා – පාකිස්තාන අවසාන මහා තරගයයි.  දකුණු ආසියාවේ රටවල් දෙකක් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.  ඉන්දියාව හා පාකිස්තානය තරගවදින සෑම අවස්ථාවකම ලොව සියලු රටවල් එදෙස දැඩි අවධානයක් යොමු කරන්නේ අතීතයේ සිටම මේ රටවල් දෙක දේශපාලනික හේතුමත විරසකව සිටි හෙයිනි.  මේ හේතුව මත රටවල් දෙකෙහි ක්‍රිකට් කණ්ඩායම් මෑතක සිට එම රටවලට ගොස් ක්‍රීඩානොකරති.  ඔවුන් මුණ ගැසෙන්නේ වෙනත් රටවලදීය.  2017 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරගයක දී මේ කණ්ඩායම්දේම මුණුගැසුණු අතර එහිදී ඉන්දියාව පහසු ජයක් ලැබීය.  ජූනි 4 වැනිදා එඩ්බැස්ටන්හි පැවැති මූලික තරගය ඉන්දියාවට සුවදායක වුවද ජූනි 18 වැනිදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ අවසාන තරගය තියුණු මුහුණුවරක් ගනිතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

මේ අතර චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය බදාදා ශ්‍රී ලංකාවට පැමිණි අතර එදිනම ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය හමුවකට එක්ව සිටියහ.

 නායක ඇන්ජිලෝ මැතිව්ස් අදහස් දක්වමින් පාකිස්තානය සමග තරගය පරාජයට පත් වී අවසාන පූර්ව තරගයට ඒමට තිබූ අවස්ථාව නැතිවීම පිළිබඳව කණුගාටු වන බවත් උඩ පන්දු තුනක් හා දුවද්දී දැවීයාම් ඊට බලපෑ බවත් කීවේය.  නායකයා ලෙස තමාට ක්‍රීඩාංගණය මැද දී යම් යම් තීරණ ගැනීමට සිදුවන බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඒවායින් ප්‍රයෝජන අත්වීමට හෝ නැතිවීමට පුළුවන් බවද කීවේය.  ඉන්දීය තරගය ජයගැනීමට හැකිවීම ප්‍රීතිදායක සිදුවීමක් බව කී මැතිව්ස් තරුණ ක්‍රීඩකයන් එම ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබාදුන් බවද පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවේ සිට ආබාධිත කුසල් ජනිත් වෙනුවෙන් ගෙන්වා ගත්තේ පිතිකරුවකුගේ හිඩැස පිරවීමට යැයි කීවේය.  මිනිත්තු 37ක් ප්‍රමාදව ඉනිමක පන්දු යැවීමේ චෝදනාව මත තරග දෙකකට උපුල් තරංග ලක්වීම පිළිබඳව අසංක ගුරුසිංහ කීවේ ප්‍රමාදය ගැන සිතා පන්දු යවන්නන්ගේ අවධානය වෙන්කර අවදානමක් ගැනීමට තමන් බලාපොරොත්තු නොවූ බවය.  පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පාකිස්තානය වෙතින් පරාජය වූවත් පාකිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 72ක් ලබාසිටියදී නැවත ලකුණු 167කට කඩුලු 7ක් බිඳදැමීමට තරම් සටන්කාමී තරුණ ලංකා ක්‍රීඩකයන් සමත් වූ බවත් එවැනි දියුණු වූ අංශ කිහිපයක්ම මේ තරගාවලිය පුරා අප ක්‍රීඩකංයන් දැක්වූ බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් ක්‍රිකට් ආයතය අතින් බලන කල ක්‍රීඩකයන් වෙනුවෙන් කල හැකි උපරිම දේ සිදුකර ඇති බව කීවේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Pakistan secured their first win of the tour, beating West Indies by eight wickets after a comprehensive all-round performance. It came thanks to a clinical all-round performance after the visitors won the toss and batted first, with Sadia Iqbal and Nida Dar taking three wickets each to skittle West Indies out for 84. There were […]

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m.on 02 May 2024, valid for 03 May 2024 Heat index, the temperature felt on human body is expected to increase up to ‘Extreme Caution level’ at some places in Northern, North-central provinces and Batticaloa and Trincomalee district and that values, expected […]

- colombotelegraph.com

[…]The post අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත appeared first on Colombo Telegraph.

- adaderana.lk

State Minister for Plantation Industries and Mahaweli Development, Lohan Ratwatte emphasized that the Mahaweli Authority will not tolerate any illegal activities on its land.

- adaderana.lk

US Ambassador to Sri Lanka Julie Chung reaffirmed the United States commitment to aiding Sri Lanka s efforts in reducing prison overcrowding, streamline court automation, and enhance the overall effectiveness of judicial processes.

- island.lk

A clinical bowling display and a 91-run opening stand from Shafali Verma and Smriti Mandhana helped India overcome Bangladesh by seven wickets in the third T20I and seal the five-match series 3-0 in Sylhet. After opting to bowl first on an overcast day, India restricted the hosts to a below-par 117 for 8. Shafali blazed […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc