How can Sri Lankan charities find international donors and partners?

ඉන්දීය කණ්ඩායම 21 වැනිදා සිට තරඟබිමේ

- srilankacricket.lk

ශ්‍රී ලංකාවේ දින පනහක ක්‍රිකට් සංචාරයක් සඳහා බදාදා (19) රාත්‍රී දිවයිනට පැමිණ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකා සංචාරය ආරම්භ කරන්නේ ජුලි මස 21 සහ 22 දිනවල කොළඹ දී (සී. සී. සී) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙදින පුහුණු තරගයෙනි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ 2017 ශ්‍රී ලංකා සංචාරයේදී පස්දින ටෙස්ට් තරග තුනක් එක්දින තරග පහක් හා 20 – 20 තරගයක් පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තරග තුන ජුලි 26 – 30 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත් අගෝස්තු 3 – 7 දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේත් අගෝස්තු 12 – 16 දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට නියමිතය. එක්දින සීමිත ඕවර තරග පහ අගෝස්තු 20 (දඹුල්ල) අගෝස්තු 24 (පල්ලේකැලේ) අගෝස්තු 27 (පල්ලේකැලේ) අගෝස්තු 31 (මාලිගාවත්ත ප්‍රේමදාස ක්‍රීඩාංගණය) හා සැප්තැම්බර් 3 (මාලිගාවත්ත ප්‍රේමදාස ක්‍රීඩාංගණය) පැවැත්වීමට නියමිතය. මේ සෑම දිනකටම පසුදා විවේක දිනයක් නම්කර ඇත්තේ වර්ෂාව පැවතුනහොත් විවේක දිනයේ දී එම එක්දින තරගය පැවැත්වීමේ අරමුණිනි. එකම 20 – 20 තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 6 වැනිදා මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේය. ඉන්දීය කණ්ඩායම ආපසු සිය රට බලා පිටත්වනුයේ සැප්තැම්බර් 7 වැනිදාය.

DSC_1810

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ ඉන්දීය හිටපු නායක ප්‍රවීන විස්තර ප්‍රචාරක රවි සාස්ත්‍රීය. අනිල් කුම්බ්ලේ කණ්ඩායමේ නායක විරාට් කෝලි අතර ඇති වු ගැටුමක් මත කුම්බ්ලේ ඉල්ලා අස්වීමෙන් පසු සාස්ත්‍රී මේ තනතුරට පත් කැරිණි. පුහුණුකරුට ගෙවන මුදල දෙගුණ කිරීමටත් සහාය පුහුණුකරුවන්ගේ වේතන සියයට දහයකින් වැඩි කිරීමටත් ඉන්දීය ක්‍රිකට් නිලධාරිහු තීරණයකට එළැඹ ඇත. ඉන්දීය කණ්ඩායමේ කලමනාකරු තෝරා ගන්නේ ජුලි 22 වැනිදා නව දිල්ලියේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයකිනි.
තෝරාගත් කලමනාකරු 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ කණ්ඩයමට එක්වීමට නියමිතය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ජුලි 26 වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා පස්දින ටෙස්ට් තරගාවලියේ ලංකා පිලට නායකත්වය දෙන්නේ නව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ය. මේ ටෙස්ට් තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පන්දු යැවීමේ ප්‍රථම දෙවන හා තුන්වන ස්ථානවල සිටින පන්දු යවන්නන් තිදෙනාම ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ රංගන හේරත් දෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාවේ රවීන්ද්‍ර ජාඩෙජා ප්‍රථම ස්ථානයේත් රවින්ද්‍රන් අස්වින් තුන්වන ස්ථායේත් පසුවෙති. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේදී රංගන හේරත් කඩුලු එකොළහක් දවාලීමෙන් පසු ඔහු ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්ව සිටී. ජගත් ශ්‍රේණිගත කිරීමේ හොඳම පන්දු යවන්නන් තිදෙනා සහභාගි වන මේ ටෙස්ට් තරගාවලිය පිළිබඳව ලොවේම අවධානය යොමුව තිබේ. රංගන හේරත් තම මව් රටේදී ක්‍රීඩා කරන හෙයින් ඔහුට වැඩි වාසියක් හිමිව තිබේ.

ඉන්දියා – ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකේම ප්‍රධාන පුහුණුකරුවන් ඇතුළු වෙනස්කම් කිහිපයක් නොබෝදා සිදු කෙරිණි. ඉන්දීය කණ්ඩායමද ප්‍රධාන පුහුණුකරුගේ තනතුරට අමතරව භාරත් අරුන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් සංජේ බන්ගාර් සහාය පුහුණුකරු ලෙසත් පත්කර තිබේ. මේවා සිදුකර ඇත්තේ පුහුණුකරු සාස්ත්‍රීගේ උපදෙස් මතය. තමා අලුත් මනසකින් රාජකාරිය අරඹන බව සාස්ත්‍රි පවසයි.

ඉන්දියාව අවසාන වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 වසරේදීය. ඕවර මෙහි ඒමට ප්‍රථම ඔවුන් දකුණු අප්‍රිකාව නවසීලන්තය එංගලන්තය හා ඕස්ට්‍රේලියාව පරාජය වී සිටි හෙයින් එවක නායක මහේන්ද්‍ර සිං දෝනි ඉවත්කර 28 හැවිරිදි විරාට් කෝලි නායකත්වයට පත් කැරිණි. එවර ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් තරගයත් ඉන්දියාව දෙවන හා තෙවන ටෙස්ට් තරගත් ජයගත්හ.

2017 වසරේ ඉන්දීය කණ්ඩායම් ශ්‍රී ලංකා සංචාරය සඳහා ඉන්දීය කණ්ඩායම 19 වැනිදා රාත්‍රී කොළඹට ළඟා විය. ඔවුන්ගේ ප්‍රථම තරගය දෙදින පුහුණු තරගයකි. දෙදින පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ සභාපතිගේ පිලට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඇතුළත් වෙති. සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගය නැරැඹීමට එතරම් ප්‍රේක්ෂක ජනකායක් නොපැමිණියත් ඉන්දීය – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියටත් විශේෂයෙන්ම එක්දින තරග පහ සහ 20 – 20 තරගය නැරැඹීමටත් විශාල ‍ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂිතය.

එංගලන්තයේදී නොබෝදා පැවැති චැම්පියන් කුසලාන තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව ලකුණු තුන්සිය ඉක්මවා හඹාගොස් ඉන්දියාව පසහුවෙන් පරාජය කළ හෙයින් එක්දින තරගාවලිය පිළිබඳව සැමගේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඉන්දීය ටෙස්ට් සංචිතය – විරාට් කෝලි (නායක) ශිකර් ධවාන්, අජින්ක්‍යා රහනේ, ලෝකේෂ් රාහුල්, චෙතේෂ්වර් පුජාරා , රෝහිත් ෂර්මා, රවින්ද්‍රන් අස්වින්, රවීන්ද්‍ර ජඩේජා, රිද්දිමන් සාහා, ඉෂාන්ත් ෂර්මා, උමේෂ් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් ශාමි, කුල්දිප් යාදෙව්, අභිනව් මුකුන්ඩ.

– බන්දුල මොල්ලිගොඩ –

You may also like

- colombotelegraph.com

[…]The post Multiple Choice Or A Binary Option? appeared first on Colombo Telegraph.

- adaderana.lk

The United States has once again assured their fullest support to Sri Lanka in the debt restructuring process, State Minister of Finance Shehan Semasinghe said.

- onlanka.com

Laugfs Gas PLC has reduced the prices of domestic liquefied petroleum gas (LPG) cylinders, effective from May 4, 2024.The post Laugfs gas prices reduced appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Department for Registration of Persons (DRP) will open its head office in Battaramulla and several provincial offices tomorrow (May 4) specifically for G.C.E. Ordinary Level (O/L) candidates to obtain their National Identity Cards (NICs).The post G.C.E. O/L candidates can obtain National Identity Cards tomorrow (May 4) appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri L...

- adaderana.lk

Laugfs Gas PLC, one of the main suppliers of liquefied petroleum (LP) gas in Sri Lanka, has also decided to revise the prices of its domestic LP gas cylinders with effect from midnight today (03).

- adaderana.lk

Turkey has suspended all trade with Israel over its offensive in Gaza, citing the Âworsening humanitarian tragedy in the strip.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc