How can Sri Lankan charities find international donors and partners?

ඉන්දියාව 3-0කින් තරගාවලිය ජයගනී

- srilankacricket.lk

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මහනුවර පල්ලේකැලේ දී නිමාවට පත්වූයේ ඉන්දියාවට තරග 3-0කින් පහසු ජයග්‍රහණයක් අත්කරගැනීමෙනි.  මහනුවර පල්ලේකැලේ පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දින (14 වැනිදා) සවස තේ පානය වනවිට (සවස 2.45ට) තරගය නිමවූයේ ඉනිමකින් හා ලකුණු 171කින් ඉන්දියාව ජයගනිමිනි.  මේ තරගාවලියේ ප්‍රථම තරගය ඉන්දියාව ලකුණු 304කින්ද දෙවැනි තරගය ඔවුන් ඉනිමකින් හා ලකුණු 53කින්ද ජය ලැබීය.

තරගාවලියේ වීරයා ලෙස නම් කැරුණේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ය.  තෙවන තරගයේ වීරයා වූයේ හර්දික් පාණ්ඩ්‍යාය.  ටෙස්ට් තරගාවලිය පුරාම ඉන්දියාව ඉදිරියෙන් සිටිනු දක්නට ලැබිණි.  තරුණ ක්‍රීඩකයන් රැසකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම හා දෙවන තරගවලදී වරින්වර තරගයට අවතීර්ණ වූවත් ඔවුනට එය රඳවා ගත හැකි නොවීය.  ලංකා කණ්ඩායම මේ වසර අවසානයේ ඉන්දියාවේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට නියමිත අතර ඊට පෙර මනා පුහුණුවක් මගින් අඩුපාඩු සකසා ගැනීම අනිවාර්යයවේ.

_D4W2703x

පල්ලේකැලේ පැවැති තෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ඉනිමක පරාජයෙන් බේරීමට ලංකා කණ්ඩායමට ලකුණු 353ක් අවශ්‍ය වූවත් ඔවුන් ලබාගත්තේ 181කි.  මුල් ඉනිමේදී මෙන්ම දෙවන ඉනිමේ පළමු කඩුලු හතර දැවි ගියේ ලකුණු 39කටය.  හොඳම සබඳතාව වූයේ දිනේෂ් චන්දිමාල් (36) හා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් (35) පස්වන කඩුල්ලට එක්කල ලකුණු 65ය.

නිරෝෂන් දික්වැල්ල පන්දු 52කදී හතරේ පහක් සමග ලකුණු 41ක්ද චන්දිමාල් පන්දු 89කදී හතරේ හතරක් සමග ලකුණු 36ක්ද මැතිව්ස් පන්දු 96කදී හයේ පහරක් හතරේ දෙකක් සමග ලකුණු 35ක්ද රැස් කළහ.

අස්වින් ලකුණු 64කට කඩුලු 4ක්ද සාමි ලකුණු 32කට කඩුලු 3ක්ද උමේෂ් යදෙව් ලකුණු 21කට කඩුලු 2ක්ද දවාලූහ.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ දී තරගාවලියේ තෙවන වතාවටත් එය ශ්‍රී ලංකාවට අහිමිව ගියේ අභාග්‍යයකටය.  ඉන්දීය නායක විරාට් කෝලි පෙර තරග දෙකේ දී මෙන් ම මෙවරද තීරණය කළේ මුලින් පන්දවට පහරදීමටය.

ශ්‍රී ලංකාව ප්‍රථම වරට මේ තරගයේ ප්‍රබල ඉන්දීය පිල මුල් ඉනිමේදී ලකුණු පන්සියයට අඩුවෙන් දවා ගැනීමට සමත් වූයේ කණ්ඩායමට ලකුණු 487ක ට දවාලමිනි.  ටෙස්ට් ඉනිමක මෙය විශාල ලකුණු සංඛ්‍යාවක් වන අතර මෙවැනි ප්‍රමාණයකට යාමට අවස්ථාව උදා වූයේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් තරගාවලියේ දෙවන ශතකය ලෙස ලකුණු 119ක් ද හාර්දික් පාන්ඩ්‍යා වේගවත් ලකුණු 108ක්ද රැස් කිරීමෙනි.  මොවුන් දෙදෙනා ඉනිම මුලදී හා අග භාගයේදී සාර්ථක සබඳතා තුනක නිරතවිණි.  ශිකර් ධවාන් සහ ලොකේෂ් රාහුල් (85) ඉන්දීය මුල් විකට්ටුවට ලකුණු 188ක් රැස් කිරීමෙන් සෙසු පිතිකරුවනට නිදහසේ තම පහරවල් කරායාමට අවස්ථාව උදාවිණි.  ඉන්දියාව වරක් ලකුණු 339ක ට කඩුලු හතක් දැවී ලකුණු හාරසියයට අඩුවෙන් දැවී යන තත්ත්වයක් පෙන්නුම් කලත් පාණ්ඩ්‍යාගේ වේගවත් පිතිහරඹයෙන් ඔවුනට ලකුණු පන්සියේ සීමාව ආසන්නයට යා හැකිවිණි.

ඉන්දීය මුල් ඉනිම වර්ණවත් කළ ධවාන් පන්දු 123කදී හතරේ 17ක් සමග ලකුණු 119ක් ද හර්දික් පාණ්ඩ්‍යා පන්දු 96ක දී හයේ හතක් හා හතරේ අටක් සමග ලකුණු 108ක් ද (මංගල ටෙස්ට් ශතකය) අනෙක් ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල් (85) පිට පිටම තම හත්වන අර්ධ ශතකයද ලබාගත්හ.  පාණ්ඩ්‍යා ඉනිම අග භාගයේදී කුල්දිප් යදෙව් (26) සමග අටවන කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක්ද අවාසන කඩුල්ලට උමේෂ් යදෙව් (03) සමග ලකුණු 66ක සබඳතාවක්ද තබාගත්තේ වේගවත් පිතිහරඹයක නියැළෙමිනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් කැපී පෙනුණු ලක්ෂාන් සඳකැන් ප්‍රථම වරට ටෙස්ට් කඩුලු පහක් දවාලුවේ ලකුණු 132ක් දීමෙනි.  මලින්ද පුෂ්පකුමාර ලකුණු 82කට කඩුලු තුනක්ද විශ්ව ප්‍රනාන්දු ලකුණු 97කට කඩුලු දෙකක්ද දවාගත්හ.

ශ්‍රි ලංකාව මුල් ඉනිමේදී නැවත වතාවක් අසාර්ථක වූයේ ඕවර 37.4කදී සියලු පිතිකරුවන් ලකුණු 135කට දැවීයැමෙනි.  (මිනිත්තු 177යි).  ලංකා ඉනිමේ ලකුණු 38ක් වනවිට ඉදිරිපෙළ පිතිකරුවන් දිමුත් කරුණාරත්න (04) උපුල් තරංග (05) කුසල් මෙන්ඩිස් (18) සහ ඇන්ජලෝ මැතිව්ස් (00) දැවී ගොස් ඉනිම ආරම්භයේදීම ලංකා පිල පත්වුයේ අසීරු තත්ත්වයකටය.  පස්වන කඩුල්ලට නායක දිනේෂ් චන්දිමාල් (48) සහ නිරෝෂන් දික්වැල්ල (29) ලකුණු 63ක සබඳතාවයක් පැවැත්වූවත් මොවුන්ගේ දැවීයාමත් පසු ලංකා ඉනිම නැවත කඩාවැටිණි.  මුල් ඉනිමේ ලංකා අවසාන පිතිකරුවන් පස්දෙනාම දැවීගියේ ලකුණු 34ක් පමණක් එක්වද්දීය.  ඉන්දීය පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු කුල්දිප් යදෙව් ලකුණු 40කට කඩුලු හතරක් දවාලුවේය.

දෙවන ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම ලකුණු නොලැබූ ආරම්භක පිතිකරු උපුල් තරංග මේ තරගයේදීද මුල් ඉනිමේදී ලකුණු 05ක් හා දෙවන ඉනිමේදී ලකුණු 07ක් පමණක් ලබා දැවී ගියේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

Pakistan secured their first win of the tour, beating West Indies by eight wickets after a comprehensive all-round performance. It came thanks to a clinical all-round performance after the visitors won the toss and batted first, with Sadia Iqbal and Nida Dar taking three wickets each to skittle West Indies out for 84. There were […]

- island.lk

Heat index Advisory issued by the Natural Hazards Early Warning Centre At 4.00 p.m.on 02 May 2024, valid for 03 May 2024 Heat index, the temperature felt on human body is expected to increase up to ‘Extreme Caution level’ at some places in Northern, North-central provinces and Batticaloa and Trincomalee district and that values, expected […]

- colombotelegraph.com

[…]The post අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත appeared first on Colombo Telegraph.

- adaderana.lk

State Minister for Plantation Industries and Mahaweli Development, Lohan Ratwatte emphasized that the Mahaweli Authority will not tolerate any illegal activities on its land.

- adaderana.lk

US Ambassador to Sri Lanka Julie Chung reaffirmed the United States commitment to aiding Sri Lanka s efforts in reducing prison overcrowding, streamline court automation, and enhance the overall effectiveness of judicial processes.

- island.lk

A clinical bowling display and a 91-run opening stand from Shafali Verma and Smriti Mandhana helped India overcome Bangladesh by seven wickets in the third T20I and seal the five-match series 3-0 in Sylhet. After opting to bowl first on an overcast day, India restricted the hosts to a below-par 117 for 8. Shafali blazed […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc