How can Sri Lankan charities find international donors and partners?

ඉන්දියාව සිව්වන එක්දින තරගයත් ජයගනී

- srilankacricket.lk

Thanathillen Eha_1

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී බ්‍රහස්පතින්දා (31) පැවැති ඉන්දියා – ශ්‍රී ලංකා සිව්වන එක්දින තරගයෙන්ද ඉන්දියාව ලකුණු 168කින් ජයගෙන තරග පහකින් සමන්විත තරගාවලිය 4 – 0ක් ලෙස ඉදිරියට ගියේය.  කණ්ඩායම් දෙක අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවැත්වෙන්නේද ලබන ඉරිදා (3) වැනිදා මේ ක්‍රීඩාංගණයේදීමය.

කාසියේ වාසය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු පහකට ලබාගත් ලකුණු 375ක දැවැන්ත ලකුණු ප්‍රමාණය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 42.4දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත්තේ ලකුණු 207කි.

මෙයට පෙර අවසාන වූ එක්දින තරග තුනේ දී මෙන්ම මේ තරගයේදීත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම හා සැසදීමට හැකි වූයේ ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් හතරදෙනෙකුට පමණි.  පන්දු යැවීමේ දී ඕවර හයක් යවා ලකුණු 24කට කඩුලු දෙකක් දවා පසුව පන්දු 80කදී ලකුණු 70ක් ලැබූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 96කදී ලකුණු 131ක් ලැබූ ඉන්දීය නායක විරාට් කෝලි දවාලමින් තම 300 වන එක්දින කඩුල්ල ලබාගත් ලසිත් මාලිංග ආරම්භක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ළහිරු තිරිමාන්නහා මිලින්ද සිරිවර්ධන හැරුණු විට සෙසු ක්‍රීඩයන්ගෙන් හරිහැටි ජගත් මට්ටමින් දස්කම් නොදැක්වීම ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතුවක්ව තිබේ.

_D4W6682x

ඉන්දියාව පන්දුවට පහර දෙද්දී තිස්වන ඕවරය වන විට ඔවුන් පසු වූයේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 225ක් ලබා ලකුණු 444ක එක්දින ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමේ උත්සහයකය.  ශතක ලාභින් දෙදෙනා විරාට් කෝලි (131) සහ රෝහිට් ෂර්මා (104) යන පිතිකරුවන් දෙදෙනාව මාලිංග සහ මැතිව්ස් විසින් දවාලීමෙන් පසුව ලඟ ලඟම කඩුලු හතරක් බිඳ වැටීමෙන් ඔවුනගේ උත්සහය අත හැරීමට සිදුවිණි.

ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් මුළු ලකුණු හයේදීම ලකුණු හතරකට දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට පුෂ්පකුමාර අතට උඩ පන්දුවක් දීමෙනි.  ලංකා කණ්ඩායමේ ප්‍රීතිය ස්වල්ප වේලාවකට පමණක් රඳා පැවතුණේ දෙවන කඩුල්ල නායක කෝලි සහ ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මා ලංකා පන්දු යවන්නන් පිටිය පුරා දැඩි ප්‍රහාරයකට ලක් කිරීමෙනි.  මොවුන් දෙදෙනා  ඉන්දීය දෙවන කඩුල්ලට පන්දු 165ක දී එක්කළ ලකුණු ප්‍රමාණය 219කි.  මෙහි දී කෝලි පන්දු 96කදී හතරේ 14ක් හා හයේ දෙකක් සමග ලකුණු 131ක්ද ෂර්මා පන්දු 88කදී හතරේ 11ක් හා හයේ තුනක් සමග ලකුණු 104ක් ද ලබාගත්හ.  ඕවර 29.3දී මාලිංගගේ පන්දුවකට කෝලි දැවීයාමත් සමග පන්දු 49කදී  ලකුණු 49ක් එක්වන විට ඉන්දීය ප්‍රබලම කඩුලු හතරක් බිඳ වැටීමෙන් ඔවුන් යම් අසීරු තත්ත්වයකට පත්විණි.  එහෙත් හයවන කඩුල්ලට නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමේ හරහට සිටී හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ මානුෂ් පාණ්ඩෙ පන්දු 74දී ලකුණු 101ක් රැස් කරමින් ලකුණු 375ක් වැනි විශාල සංඛ්‍යාවකට යාමට දායක විණි.  දෙවන වරට පන්දු යැවීමට මැතිව්ස් කැඳවූ අවස්ථාවේ පාණ්ඩ්‍යා සහ ෂර්මා පිට පිටම පන්දු දෙකක දී දවාලීමෙන් ඉන්දීය මැදපෙළේ වේගය අඩාල කිරීමට ලංකා කණ්ඩායමට අවස්ථාව උදා විණි.  මැතිව්ස් ලකුණු 24කට කඩුලු දෙකක්ද මාලිංග විශ්ව ප්‍රනාන්දු සහ අකිල ධනංජය කඩුල්ල බැගින්ද දවාලූහ.

මාලිංග සිය 300 වන කඩුල්ල ලබාගත්තේ කෝලි දවාලමිනි.  මීට පෙර එක්දින කඩුලු 300 ඉක්මවූ ලංකා ක්‍රීඩකයන් වූයේ මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරියයි.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ඕවර අටක් වන විට ලකුණු 37කට කඩුලු තුනක් දැවීයාමෙන් (දික්වැල්ල 14යි, මෙන්ඩිස් 01යි, මුණවීර 11යි) ඉනිම ආරම්භයේ දී ලංකා පිල පත්වූයේ අසීරු තත්ත්වයකටය.  පසුව 16 වන ඕවරය වන විට තිරිමාන්න ද (18) මුළු ලකුණු 68 වන විට දැවී ගියේය.  මැතිව්ස් සහ මිලින්ද සිරිවර්ධන ලංකා පස්වන කඩුල්ලට පන්දු 74කදී ලකුණු 73ක්ද මැතිව්ස් සහ හසරංග හයවන කඩුල්ලට පන්දු 34කදී ලකුණු 36ක්ද ලබා මැදපෙළ යම් අයුරකින් ශක්තිමත් කළහ.  දික්වැල්ල පන්දු 11දී හතරේ තුනක් සමග ලකුණු 14ක්ද මැතිව්ස් පන්දු 80කදී හතරේ දහයක් සමග ලකුණු 70ක්ද මිලින්ද සිරිවර්ධන පන්දු 43කදී හතරේ තුනක් හයේ දෙකක් සමග ලකුණු 39ක්ද වනිඳු හසරංග පන්දු 22කදී හයේ පහරක් හතරේ දෙකක් සමග ලකුණු 22ක්ද එක්කළහ.  බුම්රා, පාණ්ඩ්‍යා සහ යදව් කඩුලු දෙක බැගින් දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

At least four people have been killed in a Russian missile strike that hit a Gothic-style building in the southern Ukrainian city of Odesa.

- colombotelegraph.com

[…]The post Lessons From America appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post Second Bid To Extricate From UNHRC Resolution Likely To Fail appeared first on Colombo Telegraph.

- onlanka.com

The Colombo High Court acquitted and released former minister Mahindananda Aluthgamage from a money laundering case today (April 30).The post Mahindananda Aluthgamage acquitted in money laundering case appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

The Colombo High Court on Friday (30) acquitted and released former minister Mahindananda Aluthgamage from the money laundering case filed against him.

- adaderana.lk

The Appeals Court has deferred its decision on the writ application filed by former Health Minister Keheliya Rambukwella challenging the remand order issued by the Maligakanda Magistrate.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc