How can Sri Lankan charities find international donors and partners?

ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරක්

- srilankacricket.lk

Thanathillen Eha_1

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ (18) දී ඉන්දීය කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 172ක ට දැවී ගිය අතර ශ්‍රී ලංකාව ඊට සාර්ථක පිළිතුරක් සපයමින් තරගය නතර කරනවිට කඩුලු හතරකට ලකුණු 165ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ලකුණු 34ක ට ආරම්භක පිතිකරුවන් දෙදෙනා, සධීර සමරවික්‍රම (23) සහ දිමුත් කරුණාරත්න (08) දැවී යද්දී තෙවන කඩුල්ලට ළහිරු තිරිමාන්න (51) සහ ඇන්ජලෝ මැතිව්ස් (52), ලකුණු 99ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ කරගත්හ.  ශ්‍රී ලංකාවට මුල් ඉනිමේදී ලකුණු 150ක් පමණ ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා වන්නේ නම්, ඔවුනට ප්‍රථම වරට ඉන්දීය භූමියේ ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලැබීමට උත්සාහ ගැනීමේ අවස්ථාව උදා වේ.

තෙවන දින තරගය නිම වනවිට නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 14ක් ද, නායක, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 13ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

Sri Lanka's Lahiru Thirimanne plays a shot during the third day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 18, 2017.  / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sri Lanka’s Lahiru Thirimanne plays a shot during the third day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 18, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

තෙවන දින තරගය ආරම්භ කරන විට කඩුලු පහකට ලකුණු 74ක් ලබා සිටි ඉන්දියාව මෙදින උදේ සෙසු පිතිකරුවන් පස්දෙනා දැවී යද්දී තවත් ලකුණු 98ක් ලබා ගැනීමට සමත්විය.  දෙවන දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 47ක් ලබා සිටි චෙටෙෂ්වාර් පූජාරා තවත් ලකුණු පහක් පමණක් ලබද්දී (52යි) ළහිරු ගමගේ එවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ඉන්දීය කණ්ඩායමේ හයවන කඩුල්ල ලෙසටය.  සාහා පන්දු 83ක දී ලකුණු 29ක් ද, ජඩෙජා පන්දු 37ක දී හතරේ තුනක් සමඟ ලකුණු 22ක් ද, බුවනේෂ්වර් කුමාර් පන්දු 17ක දී ලකුණු 13ක් ද, මොහමඩ් සාමි පන්දු 22ක දී හතරේ තුනක් සමඟ ලකුණු 24ක් ද, උමේෂ් යදව් පන්දු අටකදී නොදැවී හයක් ද ලැබූහ.  අවසාන කඩුල්ලට සාමි සහ යදව් ඕවර 3.1ක දී වේගවත් ලකුණු 26ක් රැස් කිරීමෙන් ඉන්දීය පිල මුල් ඉනිමේ ලකුණු 150 සීමාව අසළ දැවීයාම වැළකිණි.

සුරංග ලක්මාල් ඕවර 19ක් යවා ඉන් 12ක ට ලකුණු නොදී ලකුණු 26ක ට කඩුලු 4ක් ද, ළහිරු ගමගේ ලකුණු 59ක ට කඩුලු 2ක් ද, දිල්රුවන් පෙරේරා ලකුණු 19ක ට කඩුලු 2ක් ද, දසුන් ශානක ලකුණු 36ක ට කඩුලු 2ක් ද දවාලූහ.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ සධීර සමරවික්‍රම (ලකුණු 23යි පන්දු 22යි හතරේ තුනයි) සහ දිමුත් කරුණාරත්න (ලකුණු 08යි පන්දු 18යි හතරේ 01යි) ඉන්දීය වේගපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙමින් මුල් විකට්ටුවට ලකුණු 29ක් රැස් කළේ ඕවර 4.5ක දී ය.  මෙහිදී ආක්‍රමණශීලී පිති හරඹයක නිරතවීමට සරමවික්‍රම සමත් විණි.

ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් ආක්‍රමණශීලී පිති හරඹයක මුල සිටම නිරත වෙමින් ඕවරයකට සාමන්‍යය ලකුණු හතර බැගින් නිතරම තබාගත්හ.  තිරිමාන්න සුපුරුදු පිති හරඹයේ නිරතවෙමින් ලකුණු 51 ලැබුවේ පන්දු 94ක දී හතරේ අටක් සමඟ ය.  ඇන්ජෙලො මැතිව්ස් ද පන්දු 94ක දී හතරේ අටක් සමඟ ලකුණු 52ක් ලැබීය.

නායක, දිනේෂ් චන්දිමාල් පන්දු 33ක දී නොදැවී ලකුණු 13ක් ද, දික්වැල්ල පන්දු 16ක දී හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 14ක් ද ලැබූහ.  බුවනේෂ්වර් කුමාර් ලකුණු 49ක ට කඩුලු 2ක් ද, යදවු ලකුණු 50ක ට කඩුලු 2ක් ද දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc