How can Sri Lankan charities find international donors and partners?

ධනංජයගේ හා රොෂේන්ගේ දක්ෂ පිතිහරඹ ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන එති

- srilankacricket.lk

Thanathillen Eha_1

නවදිල්ලියේ පැවැති ශ්‍රී ලංකා –  ඉන්දියා තෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරැදුමින් තොරව නිමාවට පත්වූයේ අවසාන දින තරගයේ සියලු ගෞරවයන් ශ්‍රී ලංකාවට අත්වෙමිනි.  ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 410ක ඉලක්කයක් ලැබුණු අතර අවසාන දින පැය භාගයකට කළින් තරගය නතර කරන විට ලංකා පිල කඩුලු පහකට ලකුණු 299ක් ලබා ජයග්‍රහණයට තව  ලකුනු 111ක් පිටුපසින් සිටියේ කඩුලු පහක් ද ඉතිරිව තිබිය දී ය.

තරගය නතර කරන විට ප්‍රථම වරට ටෙස්ට් තරගයට සහභාගි වන රොෂෙන් සිල්වා නොදැවී ලකුණු 74ක් ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 44ක් ද ලබා සිටියේ පිළිවෙලින් ඔවුන් දෙදෙනාගේ ශතකය හා අර්ධ ශතකය පෙනෙමින් තිබෙන අවස්ථාවකය.  ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී අවසාන දිනයේ ලංකා පිල මෙතරම් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට මුල් වූ ධනංජය ද සිල්වා ලකුණු 119ක් ලබා සිටිය දී කලවා ප්‍රදේශයේ ආබාධ මත පිටියෙන් ඉවත් විණි.  මෙය ධනංජයගේ එකොළොස් වන ටෙස්ට් තරගය වන අතර, තුන්වන ශතකය ද වේ.  දෙවන ඉනිමේ දී ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමටමුල් වූ මේ පිතිකරුවන් තිදෙනා මුල් ඉනිමේ දී (ධනංජය 01, රොෂෙන් 00, දික්වැල්ල 00) ලකුණු අතර නොසිටියහ.

Sril Lankan batsman Roshen Silva plays a shot during the fifth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 6, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

Sril Lankan batsman Roshen Silva plays a shot during the fifth day of third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 6, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

නාග්පූර්හි පැවැති දෙවන ටෙස්ට් තරගයේ දී ලංකා පිලට දරුණු පරාජයක් අත් වු අතර එම තරගයට ධනංජය ද සිල්වා සහ රොෂේන් සිල්වා සහභාගි නොවීය.  මේ දෙදෙනාගේ එක්වීමෙන් හා දික්වැල්ල නැවත ලකුණු අතරට ඒමෙන් තරගයක ස්වරූපය වෙනස් වන ආකාරය අවසාන දිනයේ පැහැදිලිව දිස්විණි.  ශ්‍රී ලංකා මුල් ඉනිමේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනා දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ශතක දෙකක් ලබමින් ලංකා කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ආකාරයටම දෙවන ඉනිමේ දී නවක ක්‍රීඩකයින් (පළපුරුද්දෙන් අඩු) දෙදෙනා ධනංජය ද සිල්වා සහ රොෂෙන් සිල්වා නොදැවී ශතකයක් හා අර්ධ ශතකයක් ලබා දස්කම් පෙන් වූ ආකාරය ප්‍රසංශනීය වේ.

මීට මාස දෙකකට පෙර ඉන්දීය පිල ලංකාවේ සංචාරය කළ අවස්ථවේ තරග තුනෙන්ම අන්ත ටෙස්ට් පරාජයට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ඉන්දීය සංචාරයේ දී ලබා තිබූ ප්‍රගතිය මැනවින් දක්නට ලැබිණි.  එහි ගෞරවයෙන් කොටසක් නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරට හිමිවිය යුතු වේ.

නවදිල්ලියේ පැවැති අවසාන ටෙස්ට් තරගයේ අවසාන දින ඉන්දියාවට දවාගත හැකිවූයේ ලංකා කඩුලු දෙකක් පමණෙකි.

අවසාන දින තරගය ආරම්භ කරන විට ලකුණු 31ක ට කඩුලු තුනක් දැවී සිටී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු 35 දී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්  ද (01) දැවී යාමෙන් කඩුලු හතරක් දැවී යද්දී ඉන්දීය කණ්ඩායමේ අපේක්ෂාව වුයේ දිවා ආහාරයෙන් මදකට පසු තරගය නිම කිරීමය.

මේ අපේක්ෂයන් සුන් කළ ධනංජය ද සිල්වා (නොදැවී 119යි, ආබාධ වූවා) දිනේෂ් චන්දිමාල් (36) රොෂේන් සිල්වා (නොදැවී 74) නිරෝෂන් දික්වැල්ල (නොදැවී 44) ලංකා ධජය සාඩම්බරයෙන් ලෙළදවීමට ක්‍රියා කළහ.  ධනංජය සමග චන්දිමාල් පස්වන කඩුල්ලට ලකුණු 112ක් ද ධනංජය හා රොෂේන් සිල්වා ලකුණු 58ක නොබිදී සබතාවයක් ද හයවන කඩුල්ලට රොෂේන් සිල්වා හා නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 94ක සබදතාවයක් ද ලබා දස්කම් පෑහ.

ධනංජය ද සිල්වා පන්දු 219ක ට මුහුණු දී හතරේ 15ක් හා හයේ පහරක් සමග නොදැවී 119ක් ද දිනේෂ් චන්දිමාල් පන්දු 90ක දී හතරේ දෙකක් සමග ලකුණු 36ක් ද රොෂේන් සිල්වා පන්දු 154 දී හතරේ 11ක් සමග නොදැවී 74ක් ද නිරෝෂන් දික්වැල්ල පන්දු 72ක දී හතරේ හයක් සමග නොදැවී 44ක් ද ලැබූහ.  අවසාන දින දැවී ගියේ මැතිව්ස් සහ දිනේෂ් චනිද්මාල් පමණි.

රොෂේන් සිල්වා ප්‍රථම ටෙස්ට් තරගයේ ම අර්ධ ශතකය ඉක්මවා (නොදැවී 74) ලැබීම ද විශේෂත්වයකි.  දිනේෂ් චන්දිමාල් හා විරාට් කෝලි අවසාන තරගයේත් තරගාවලියේත් වීරයන් ලෙස නම් කැරිණි.

ඉන්දීය පන්දු යවන්නන් අතුරින් රවීන්ද්‍ර ජඩෙජා ලකුණු 81ක ට කඩුලු 3ක් දවාලමින් දස්කම් පෙන්වීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- island.lk

State Minister of Tourism Diana Gamage revealed plans to designate 49 additional tourist destinations as official tourist zones and that the locations will be published in the government  gazette within a month as part of the on-going efforts to boost tourism. The state minister made the revelation during a press conference held at the Presidential […]

- island.lk

President Ranil Wickremesinghe reiterated the government’s commitment to maximizing the contribution of agriculture to the country’s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation, a significant export crop in the country’s history, as part of the agricultural modernization initiative. President Ranil Wickremesinghe made these remarks...

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has denounced the recent statement issued by the Minister of Public Security Tiran Alles at the Katukurunda STF training camp s passing out parade, which garnered widespread attention across various media platforms.

- adaderana.lk

President Ranil Wickremesinghe reiterated the government s commitment to maximizing the contribution of agriculture to the country s economic advancement. He highlighted the implementation of programs aimed at popularizing cinnamon cultivation as part of the agricultural modernization initiative.

- adaderana.lk

Police Spokesman DIG Nihal Thalduwa says that the use of drone cameras is prohibited at May Day rally locations country-wide, without obtaining prior permission.

- adaderana.lk

Veteran musician Dr. Premadasa Mudunkotuwa has passed away on Monday at the age of 91, family members confirmed.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc