විරෝධය අවසන්, සෞදියට නව තානාපතිවරයෙක්
ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට මරණ දඩුවම ලබා දීමට විරෝධය පළ කර ශ්‍රී ලංකා රජය විසින් සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති අහමඩ් ජවාඩ් මහතා ආපසු කැඳවුවද සෞදි අරාබිය සදහා නව ශ‍්‍රී ලංකා තානාපතිවරයෙක් පත්කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ‍්‍රී ලංකා රජය රිසානා නෆීක් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාර ලබානොදීමට විරෝධය පළ කරමින් එරට තානාපතිවරයා කැඳවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවද එහි අභ්‍යන්තර ආංචි මාර්ග පවසන්නේ අහමඞ් ජවාඞ් මහතාගේ නිල කාලය පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ බවයි.