හලාවත මේරියන්ස් සුපිරි අට සූරතාව දිනයි

- srilankacricket.lk

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ සුපර් එයිට් ක්‍රිකට් තරගාවලියේ සූරතාව මෙවර (2017-18) හිමිකරගත්තේ හලාවත මේරියන්ස් (ලකුණු 118.925) කණ්ඩායමයි.  දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් හිමිකරගත්තේ එස්. එස්. සී. (ලකුණු 93.260යි) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි (ලකුණු 82.130යි).

බී. ආර්. සී. (74.060) එන්. සී. සී (72.125) කෝල්ට්ස් (60.425) රාගම ක්‍රීඩා සමාජය (53.605) සරසන්ස් (30.990යි) සිව්වන ස්ථානයේ සිට අටවන ස්ථානය තෙක් ස්ථාන හිමිකරගත්හ.

මේ අතර පළග තරගාවලියේ මෙවර ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් හිමිකර ගත්තේ මුවර්ස් (52.300) බදුරලිය ක්‍රිකට් සමාජ (48.630) ටැමිල් යූනියන් (46.480) කණ්ඩායම්ය.  සී. සී. සී. (44.960) යුද හමුදාව (40.850) සහ බ්ලුම්ෆීල්ඩ් (36.050) සිව්වන, පස්වන හා හයවන ස්ථානයන්ට පත්විණි.

අන්තර සමාජ ‘බී’ කොටසේ තරගාවලියේ දී මීගමුව ක්‍රිකට් සමාජය (87.665) ලන්කන් ක්‍රිකට් සමාජය (86.895) සහ ගාල්ල ක්‍රිකට් සමාජය (76.380) ප්‍රථම දෙවන හා තෙවන ස්ථානයන්ට පත්විණි.  ‘බී’ කොටසේ ඊළග සමාජය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය, පානදුර ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩ සමාජය සහ ශ්‍රී ලංකා පොලිසියයි.

සුපිරි අට වටයට කණ්ඩායම් තෝරාගනු ලැබුවේ මේජර්ලීග් තරගාවලියේ විශිෂ්ඨ දස්කම් දැක්වු කණ්ඩායම් අට තෝරාගැනීමෙනි.  මේජර්ලීග් තරග තෙදින තරග ලෙසත් සුපිරි අට තරග සිව්දින තරග ලෙසත් සංවිධානය කැරිණි.  සුපිරි අට තරගාවලියේ සූරයන් වූ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ඔවුන් සහභාගි වූ තරග හතෙන් තරග හයක් ජයගෙන තරගයක් සම කර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.

සුපිරි අට වටයේ සූරයන් වූ හලාවත මේරියන්ස් සහ එස්.එස්.සී අතර තරගය සී. සී. සී. පිටියේ දී පැවැති අතර, එහි දී ප්‍රබල එස්. එස්. සී. පිල ලකුණු 264කින් පරාජය කර හලාවත මේරියන්ස් ජය ලැබීය.  මේ තරගය ආරම්භයට පෙර එස්. එස්. සී. පිල තරගාවලියේ ජයග්‍රහකයන් වීමට නම් ඉනිමක ජයග්‍රහණයක් අවශ්‍යව තිබිණි.  නමුත් ඔවුනට අත්වූයේ පරාජයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලියන් පසුගිය මාස 2-3 තුළ සංවිධානය කරන ලද්දේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ ප්‍රධන අරමුණිනි.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Minister of Public Security Tiran Alles says that action will be taken against the person who had caused a disturbance recently in the visa issuance section at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- onlanka.com

The 2023 Ordinary Level exam in Sri Lanka starts today (May 06) at 3,527 centers across the island.The post 2023 Ordinary Level exam begins today in Sri Lanka appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- adaderana.lk

A tense situation has been reported as a group of unemployed graduates surrounded the North Central Provincial Council building in protest and seeking solutions to their demands.

- adaderana.lk

Three suspects wanted in connection with an incident of assault and causing bodily harm have been arrested with an assault rifle and ammunition.

- adaderana.lk

The National Building Research Organization (NBRO) says that the installation of related equipment to remove water trapped in the Karandagolla area in Ella has already been commenced.

- island.lk

Madonna put on a free concert in Rio de Janeiro on Saturday night with throngs of fans flocking to see the pop idol on Brazil’s famous Copacabana beach. “Rio, here we are in the most beautiful place in the world,” she declared, as the performance got under way. The show was the final stop on […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc