යහපාලන ආණ්ඩුව රටම විලම්භීතයක් කරලා
මේ ආණ්ඩුව L බෝඞ් ආණ්ඩුවක් බවත්, කියන්නේ සහ කරන්නේ මොනවා දැයි නොදන්නා ඇමතිවරු රටම විලම්භීතයක් කර ඇති බවත් බස්නාහිර මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් වැරදි තීන්දු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයම අර්බුධයක් බවට පත්වෙමින් තිබෙන බවයි.
මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ප‍්‍රථමික අංශයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින් මහ ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මේ වෙනුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙන් කර ඇති මුදල් රුපියල් ලක්ෂ 68 කි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
‘වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙන්න ඉස්සෙල්ලා වේදිකා වලත්, බලයට පත්වුණයින් පස්සෙත් කිව්වා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරනවා කියලා. එහෙම කියලා මේ අය පත් වෙලා ඉදිරිපත් කරපු අතුරු අයවැයේ අධ්‍යාපනයට 6% ක ප‍්‍රතිපාදන වෙන් කරන බව කිව්වත් ඒක ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වෙලා නෑ. අපි කරන්න බැරි දේවල් කියන්න හොද නෑ. ඕනෑම කෙනෙක් තමන්ගේ දරුවා යන්නේ ප‍්‍රසිද්ධ එහෙම නැත්නම් හොද පාසලකට කියන්න හරි කැමතියි.
එවැනි පාසලකට දරුවන් දා ගන්න කොයි අම්මා තාත්තද අකමැති වෙන්නේ ඒ නිසාම සමහර ග‍්‍රාමීය පාසල් වැසී යාමේ අවධානමකට ලක් වෙනවා. එතකොට එහි වගකීම එන්නේ අපිට.
පසුගිය දවස් වල නිකුත් කරපු චක‍්‍රලේඛයක් සම්බන්ධයෙන් අද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විවිධ මතවාද වාද විවාද ඇති වෙමින් තිබෙනවා. පාසලේ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වරදක් තමයි හැබැයි අපි මේ පාසල් වලට ලබා දෙන සොච්චමින් පාසල් වල නඩත්තු කටයුතු සම්පූර්ණනේම කරන්න බෑ. ඒ නිසා රජයෙන් පාසල් වලට ලබා දෙන ප‍්‍රතිපාදන වැඩි කළ යුතුයි. එවිටයි අපිට හැකි වෙන්නේ පාසල් වල නඩත්තු කටයුතු වෙනුවෙන් දෙමව්පියන්ගෙන් හරි සුභ පතන්නන්ගෙන් හරි ආධාර ලබා ගැනීම නවත්වන්න.
මේ යහපාලන ආණ්්ඩුවේ සමහර කටයුතු වලට මට නම් එක`ග වෙන්න බෑ. මම කියන්නේ මේ යහපාලන ආණ්ඩුව දවස් 50 ක් ගෙවෙන කොට රටම විලම්භීතයක් කරලා ඉවරයි. ආණ්ඩුවට එක මතයක් නෑ. එක එක්කෙනා ඉන්නේ එක එක මතවල. කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා මේ අය දන්නේ නෑ. මේ ආණ්ඩුව තාම දුවන්නේ L බෝඞ් ගහගෙන. මේ ආණ්ඩුව තව ටික කාලයක් ගියොත් කොහෙන් කෙළවර වෙයිද අපි දන්නේ නෑ’
ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග, බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර ලයනල් ජයසිංහ, මිනුවන්ගොඩ ප‍්‍රදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. කේ. සුජීව සම්පත් යන මහත්වරුද මෙහිදී අදහස් පල කළහ.
ප‍්‍රදීප් අනුර කුමාර