දිනේෂ් – විමල් වැඩ භාර ගනී
අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ යන මහත්වරුන් අද සිය අමාත්‍යාංශවලදී වැඩභාර ගත්තා.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදයි. අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ ආගමික ආශිර්වාද මධ්‍යයයේයි. ජනතා නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
The post දිනේෂ් – විමල් වැඩ භාර ගනී appeared first on ITN News.