ඉන්දිය කණ්ඩායමට ලකුණු 46ක ජයක්
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 46ක ජයක් වාර්තා කිරිමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.
කොල්කටාහි ඊඩින් ගාඩින් ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පහර දුන් බංග්ලාදේශය සිය පලමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 106ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 09ක් දැවී ලකුණු 347ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තිරණය කළා. නායක විරාත් කෝලි ලකුණු 136යි. ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 241 ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිම සදහා සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 195ක් පමණයි. මෙම තරගාවලි ජයත් සමග ටෙස්ට් තරග හතරක් පිටපිට ඉනිමක ජයගත් පළමු රට ලෙස ලෝක වාර්තාවක් පිහිටුවිමට ද ඉන්දියාව සමත් වුණා.
The post ඉන්දිය කණ්ඩායමට ලකුණු 46ක ජයක් appeared first on ITN News.