කටුනායක,රාගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරිමක් හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප‍්‍රධාන නළ මාර්ගයකට හානි සිදුව තිබෙනවා.
එය ප‍්‍රතිසංස්කරණය කරන තුරු ප‍්‍රදේශය ආශ‍්‍රිතව ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ. කටුනායක-සිදුව, ජාඇල නගර සභා බල ප‍්‍රදේශය , ජාඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය, මාබෝල, වැලිසර, කෙරවලපිටිය සහ දික්ඕවිට ප‍්‍රදේශ ඊට ඇතුලත්. මාටාගොඩ, බෝපිටිය,උස්වැටකෙයියාව , රාගම , වල්පොල, බටුවත්ත , බුළුගහ ගොඩ සහ හොරපේ ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
බන්ධනාගාර පාර, කුරුකුලාව , ජයශ‍්‍රීගම්, පොල්ගහහේන සහ බෝයිස් ටවුන් ප‍්‍රදේශද ඊට ඇතුලත් බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ. නල මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේවන විටත් ආරම්භ කර තිබෙනවා.
The post කටුනායක,රාගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි appeared first on ITN News.