උත්සව සමයට හිඟයකින් තොරව සහල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්
උත්සව සමය වෙනුවෙන් හිගයකින් තොරව සහල් ලබාදීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල රැස්කර තිබෙන වී තොග සහල් බවට පත්කර ලංකා සතොස අලෙවිසැල් හරහා වෙළෙදපොළට නිකුත් කිරීමටයි කටයුතු කෙරෙන්නේ.
ඉකුත් මහ කන්නයේදී මිලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත්කර තිබෙනවා. එම තොග පෞද්ගලික අංශයේ වීමෝල් මගින් සහල් බවට පත්කර ලංකා සතොස වෙත ලබාදීමට නියමිත බවයි මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ප්‍රකාශ කරන්නේ.
ඒ අනුව එළඹෙන සතිය තුළදී දිවයින පුරා ගබඩාකර තිබෙන වී තොග සහල් බවට පත්කර ලංකා සතොස වෙත නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනවා.
The post උත්සව සමයට හිඟයකින් තොරව සහල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් appeared first on ITN News.