සුපිරි 8 තරග වටයේ තීරණාත්මක තරග 4 ක් හෙට ඇරඹේ

- srilankacricket.lk

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් සුපිරි කණ්ඩායම් 8 අතර (සුපිරි එයිට්) තරගාවලියේ තීරණාත්මක තරග හතරක් හෙට (15 දා) ආරම්භ වනු ඇත. දින 3 ක කාලයක් හෙවත් ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන එම සුපිරි 8 තරගවලට අමතරව පළඟ (Plate) තරගාවලියේ තරග තුනක් ලබන 16 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

ගෙවී ගිය සතිය ආරම්භයේ පැවැති තරගවලදී රාගම කණ්ඩායමට එරෙහිව ඉනිමක ජයක් වාර්තා කළ සී. සී. සී. කණ්ඩායම හෙට එස්. එස්. සී. පිටියේදී සැරසන්ස් පිල මුණ ගැසෙනු ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සී.සී.සී කණ්ඩායම හෙට තරගයට අවතීර්ණ වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙසිනි.

හෙට ඇරඹෙන තරග අතුරින් වඩා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කරනුයේ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගයයි. කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයක පසුවන හෙයින් උණුසුම් තරගයක් අපේක්ෂා කෙරේ. හෙට ඇරඹෙන සෙසු තරග වනුයේ සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කෝල්ට්ස් සහ රාගම අතර තරගයත්, කටුනායකදී පැවැත්වෙන එන්.සී.සී සහ බී.ආර්.සී අතර තරගයත්ය.

පළග තරගාවලියේ තරග තුන මීගමුව සහ බදුරලිය අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේත් එස්.එස්.සී.ලන්කන් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේත් ටැමිල් යූනියන් සහ මීගමුව අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේත් 16දා ආරම්භ වනු ඇත.

සුපිරි 8 තරග

එස්. එස්. සී. පිටියේදී 

සැරසන්ස් පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සී.සී.සී කණ්ඩායමට ප්‍රබල පිතිකරුවන් පන්දුයවන්නන් හා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වේ. කුසල් මෙන්ඩිස්, මිනෝද් භානුක, අශාන් ප්‍රියංජන්,ප්‍රබල පිතිකරුවන් වන අතර වනිඳු හසරංග සහා අෂාන් ප්‍රීයංජන් තුන්ඉරියව්වේම දස්කම් දක්වන ක්‍රීඩකයෝය.මලින්ද පුෂ්ප කුමාර සහ ළහිරු මදුශංඛ පන්දු යවන්නන් අතුරින් විශේෂයෙන්ම කැපී පෙනෙති.

සැරසන්ස් කාණ්ඩායමේ දැනට ලකුණු අතර සිටින්නේ කණිෂ්ක අමරසිංහ, කවිඳු නිර්මාල් සහ සිතාර ගිම්හාන්ය. වේග පන්දු යවන කසුන් රාජිත සහ ප්‍ර‍මෝද් මදුවන්ත පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙති.

ඕවල් පිටියේදී 

ගෙවී ගිය සති අන්තයේදී එන්. සී. සී. පිලට එරෙහිව පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී සුපිරි පිතිහරඹයක් දියත් කළ යුද හමුදා කණ්ඩායම හලාවත මේරියන්ස් කණ්ඩායමේ ප්‍රතිවාදියා බවට පත්ව සිටියි. බී. ආර්. සී. පිලට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමේ ආසන්න අවස්ථාවකට පැමිණි හලාවත මේරියන්ස් කණ්ඩායමද දක්ෂ තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විතය. මෙහිදී තරුණ ක්‍රීඩකයන් දෙපළක් වන කමිඳු මෙන්ඩිස් සහ තීක්ෂිල ද සිල්වා තුන් ඉරියව්වේම විශේෂ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයින් අතර කමිඳු අවසන් තරගයේදී නොදැවී ලකුණු 150 ක් රැස් කර ගැනීමට සමත්වූවේය.

ඊට නොදැවෙනි දක්ෂතාවලින් හෙබි යුද හමුදා කණ්ඩායමේ නායක අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්,තුලින දිල්ෂාන් සහ මහේෂ් කුමාර පිතිකරුවන් ලෙස කණ්ඩායමට පණ පොවන අතර එහිදී චන්දිමාල් සහ නවක පිතිකරු තුළින දිල්ශාන් එන්. සී. සී. පිලට එරෙහිව ශතක වාර්තා කර ගැනීමට සමත්වීම කැපී පෙනෙයි.

කටුනායක මේරියන්ස් පිටියේදී 

සුපිරි 8 තරග වටය ආරම්භ කරමින් පැවැති තරගවලදී ලකුණු 400 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම් අතර එක් කණ්ඩායමක් වන එන්. සී. සී. කණ්ඩායම මෙම තරගයේදී බී. ආර්. සී. පිල මුණ ගැසෙනු ඇත. හලාවත මේරියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී පළමු ඉනිම ලකුණු 87 කට සීමා වීම නිසා දැඩි අසීරුතාවයකට පත්විය. එහෙත් තෙවැනි දිනය අවසන් වන තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගැනීමට බී. ආර්. සී. පිතිකරුවන් සමත්වීම හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයින්ට හැකියාව ලැබිණ.

එන්.සී.සී කණ්ඩායමේ උපුල් තරංග ළහිරු උදාර සහ මහේල උඩවත්ත පිතිකරුවන් අතරත් දිලේෂ් ගුණරත්න පන්දු යවන්නෙකු ලෙසත් කැපී පෙනෙති. බී.ආර්.සී කණ්ඩායමේ දිල්ෂාන් ද සොයිසා, දේශාන් ඩයස්, ලසිත් ලක්ෂාන් සහ භානුක රාජපක්ෂ පිතිකරුවන් අතුරින් සහ හසේන් රාමනායක සහ දුවිඳු තිලකරත්න තුන්ඉරියව් ක්‍රීඩකයන් ලෙසත් දස්කම් පාති.

සී.සී.සී. පිටියේදී

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සංතූෂ් ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු වැනි ප්‍රබල පිතිකරුවන් සමූහයකින් සමන්විත කෝල්ට්ස් කණ්ඩායම හෙට දිනයේදී රාගම පිල මුණ ගැසෙනු ඇත.  පළමු තරගයේදී මැතිව්ස් සහ සංතුෂ් අතරෙ පැවැති ශතක සම්බන්ධතාවය මෙන්ම නිසල තාරක, දිල්ෂාන් මධුශංඛ වැනි ප්‍රබල පන්දු යවන්නන් කෝල්ට්ස් පිල සතුවීම, ප්‍රතිවාදීන්ට සුළුවෙන් තැකිය නොහැකි වේ.

ජනිත් ලියනගේ, රොෂේන් සිල්වා සහ ඉෂාන් ජයරත්න රාගම කණ්ඩායම සතු ප්‍රබලම පිතිකරුවන් දෙදෙනාය. බිනුර ප්‍රනාන්දු ඔවුනගේ ප්‍රබලම පන්දු යවන්නාය.

ප්ලේට් තරග වටය

කෝල්ට්ස් පිටියේදී

එස්.එස්.සී කණ්ඩායම මේ තරගයේදී පැහැදිලිවම ඉදිරියෙන් සිටී. ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රියතාවයක් උසුලන දසුන් ශානක, චරිත් අසලංක, සචිත්‍ර සේනානායක, අකාෂ් සේනාරත්න, සදුන් වීරක්කොඩි සහ ෂම්මු අෂාන් මොවුනගේ ප්‍රබලම පිතිකරුවෝය. ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩසේ සහ සචිත්‍ර සේනානායක පන්දු යවන්නන් අතර කැපී පෙනෙති.

ලන්කන් ක්‍රීඩකයන් අතුරින් කැපී පෙනුනේ පළමු තරගයේදී ශතකයක් වාර්තා කරන ලද චානක රුවන්සිරි, ළහිරු දිල්ෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ගීත් කුමාර යන ක්‍රීඩකයින් වේ.

මොරටුවේදී

ටැමිල් යුනියන් වෙනුවෙන් රන්මිත් ජයසේන, තරංග පරණවිතාන,ධනංජය ද සිල්වා සහ දක්ෂිත ප්‍රනාන්දු පිතිකරුවන් ලෙසත් සුරංග ලක්මාල්,ඉසුරු උදාන,ප්‍රමෝද් මධුෂාන් සහ මධුක ලියනගේ පන්දු යවන්නන් ලෙසත් දක්ෂතා පෙන්වා තිබේ. මුවර්ස් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් වනුයේ අයන සිරිවර්ධන, අදීෂ් තිලංචන,රමේෂ් මෙන්ඩිස්, සචිත්‍ර සේරසිංහ,මොහොමඩ් ෂමාෂ්,කවිශ්ක අංජුල සහ ප්‍රවීන් ජයවික්‍රම වේ.

එන්.සී.සී පිටියේදී

මාධව වර්ණපුර, රොස්කෝ තටිල්, අෂේන් සිල්වා, ලක්ෂිත රසාංජන, උපුල් ඉන්ද්‍රසිරි සහ රොෂේන් ප්‍රනාන්දු යන ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් මීගමුව කණ්ඩායම සමන්විතය. බදුරලියේ දක්ෂ ක්‍රීඩකයන්වනුයේ දුෂාන් හේමන්ත, සළිඳු උෂාන් සහ ළහිරු සමරකෝන්ය.

බන්දුල මොල්ලිගොඩ

The post සුපිරි 8 තරග වටයේ තීරණාත්මක තරග 4 ක් හෙට ඇරඹේ appeared first on Sri Lanka Cricket.

You may also like

- colombogazette.com

One fisherman was killed and another fishermen is missing after ship crashed into a boat off Trincomalee. In a search and rescue operation led by the Sri Lanka Navy, in coordination with the Maritime Rescue Coordination Centre (MRCC) Colombo, 03 fishermen from a distressed local fishing vessel were rescued off the east coast of Sri […]

- colombogazette.com

Former Army Commander turned politician Sarath Fonseka says he is prepared to take up any challenge to take Sri Lanka forward. Fonseka also expressed hope that unity will continue in Sri Lanka, 15 years after he led the army to crush the LTTE. In a post on X, Field Marshal Sarath Fonseka, noted that one […]

- colombotelegraph.com

[…]The post Western Discontents, Modi’s New India, And Sri Lankan Anniversaries appeared first on Colombo Telegraph.

- news.lk

The National Building Research Organization (NBRO) has issued landslide warning for several district.

- news.lk

An advisory for heavy rain was issued to several provinces .

- adaderana.lk

The National Building and Research Organisation (NBRO), on Saturday (May 18) issued early landslide warnings for several localities in four districts, to be in effect until 04.00 p.m. tomorrow (May 19).

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc