ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට කලින් අධිකරණ ඇමතිට යුක්තිය මතක් වේ!
කොරෝනා රෝගීන් ලෙස මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහ භූමදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයාබලන ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කළ බවට අධිකරණ ඇමති අලි සබ්රි ප්‍රකාශයක් සිදුකර ඇත.
මෙම කරුණට අදාළව ගැටලුවක් මතු වූයේ මාර්තු මාසයේ කෝවිඩ් 19 ආසාදිතයන් මියයාම ආරම්භ වූ පසුවය. කොරෝනා වසංගතය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් ආදාහනය පමණක් කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය ඇමතිනිය විසින් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරණ ලදී. කෝරෝනා රෝගයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන් භූමදාන කිරීමට ඉඩදෙන ලෙස මුස්ලිම් සමාජයෙන් ඉදිරිපත් වුවද එම ඉල්ලීම නිරෝධායන නීතියට පටහැනි බව පවසමින් ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරණ ලදී. ඒ සම්බන්ධ ඉස්ලාම් භක්තිකයන්ගේ මෙන්ම මූලික අයිතිවාසිකම් ගරුකරන දේශපාලන පක්ෂ හා ජනතා සංවිධානවලින් විරෝධතා මතු විය. අධිකරණ ඇමතිවරයාගේ අවධානයද මේ සම්බන්ධව යොමු නොවූ අතර මාස ගණනාවකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය ආසන්නයේදී අධිකරණ ඇමතිවරයාට යුක්තිය පිළිබඳ කරුණු අවබෝධ වී තිබේ.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මුස්ලිම් ජාතිකයන් පිරිසක් එම නියෝග බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සලකා බැලීම නොවැම්බර් මස 26 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව මිහිදන් කළ යුතු තත්ත්වයක් තුළ ඊට පටහැනි ව යමින් මියගිය මුස්ලිම් අයගේ සිරුරු ආදාහනය කිරීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මෙම පෙත්සම මඟින් පෙන්වා දී තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව ද කොවිඩ් වෛරසයෙන් මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය.
ඉස්ලාම් භක්තිකයන් විශ්වාස කරන කරුනු අනුව මිය ගිය පසු භුමදාන කිරීම මළවුන්ට කළ හැකි උපරිම ගෞරවය වේ. මිය ගියවුන් ආදාහනය කිරීම ඉස්ලාමයේ හිමිකම් අහිමි කිරීමක් ලෙස සැලකේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණේද මුස්ලිම් ජනයාගේ ඉල්ලීම ඉටු කිරීමෙන් කොරෝනා ව්‍යාප්තවීමේ ඉඩක් නොමැති නිසා නිසි නිරෝධායන ක්‍රම අනුව එසේ අවසන් කටයුතු කිරීම වරදක් නොවන බවය.
The post ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට කලින් අධිකරණ ඇමතිට යුක්තිය මතක් වේ! appeared first on Lanka Views | Views of the truth.