නව ස්ථානයකට මැනිං වෙළඳපොල රැගෙන යාමේ තීරණයට මැනිං පොදු වෙළෙඳපොළ සමිතිය විරෝධය පායි
මැනිං පොදු වෙළෙදපොළ පෑලියගොඩ ස්ථානයකට රැගෙන යාමම තීරණය කිරීම සම්බන්ධයෙන් මැනිං පොදු වෙළෙදපොළ සමිතිය විරෝධය පළ කර තිබෙනවා.
පෑලියගොඩ ඉදිකර ඇති නව මැනිං වෙළෙදපොළ මේ මස 17 වනදා විවෘත කිරීමට නියමිතව තිබුණා. එහෙත් පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා එම විවෘත කිරීම කල් දැමීමට තීරණය කෙරුණා. ඒ අනුව මැනිං වෙළෙදපොලේ වෙළදසැල් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ඉදිරිපිට පිහිටා ඇති ඉංජිනේරු සංස්ථාවට අයත් ඉඩමකට තාවකාලිකව රැගෙන යාමටයි තීරණය කෙරුණේ. සිය සංගමය සමග සාකච්ඡා කිරීමකින් තොර නව ස්ථානයකට මැනිං වෙළදපොල රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව මැනිං පොදු වෙළෙද සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා සදහන් කළා.
The post නව ස්ථානයකට මැනිං වෙළඳපොල රැගෙන යාමේ තීරණයට මැනිං පොදු වෙළෙඳපොළ සමිතිය විරෝධය පායි appeared first on ITN News.