ජනාධිපති, හමුදාපති රුවන්වැලිසෑයට යාම හා ‘බස්නාහිර පළාත් තහනම’ ගැන සමාජ මාධ්‍ය සංවාදයක්!
මේ වනවිට බස්නාහිර පලාතෙන් කිසිවකු පිටව යාම තහනම්කර තිබියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම ආර්යාව සහ හමුදාපතිවරයා ඇතුලු පිරිසක් අනුරාධපුරයට යාම සම්බන්ධ සමාජ මාධ්‍ය සංවාදයක් ආරම්භ වී ඇත.
‘එක රටක්-එක නීතියක්‘ වැනි තේමා උත්කර්ෂයට නගමින් ගෝඨාභය රාජපක්ෂ පාලනය විනයගරුක, නීතිගරුක එකක් බවට උත්කර්ෂයට නැගුවද බස්නාහිර පලාතෙන් පිටව යාමට ජනාධිපතිවරයා, එම ආර්යාව හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කටයුතුකර ඇති බව සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්ව තිබිණි. විශේෂයෙන්ම කොරෝනා වසංගතය යටතේ නිරෝධායන පනතේ වගන්ති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවලදී අවධාරනය කරන ජනාධිපතිවරයාත් හමුදාපතිවරයාත් ප්‍රසිද්ධියේ නීතිය නොතකා කටයුතුකරන්නේ කෙසේදැයි පුරවැසියන් පිරිසක් ප්‍රශ්න කර තිබේ.
යම් නීතියක් යටතේ බස්නාහිර පළාතෙන් පිටව යාමට සාමාන්‍ය ජනතාවට තහනම්කර ඇති තත්වයක් යටතේ ප්‍රභූන්ට එම නීතිය වලංගු නොවන්නේ නම්, සාමන්‍ය ජනතාව පීඩාවට පත්වීම හා නීතිය පහළ පාන්තික ජනයාට පමණක් සීමා වන්නක්දැයි එහිදී අවධානයට ලක් කර ඇත.
මෙහිදී මාර්තු මාසයේ සිට ජනාධිපතිවරණය දක්වාම ජනාධිපතිවරයා ගමින් ගමට යමින් ජනයාගේ ප්‍රශ්න පිළිබඳ සොයාබැලීම මැතිවරණයට පෙර පැවති ප්‍රචාරක කාර්යයක් බවද ප්‍රකාශ විය. අප්‍රේල් මස සිට අගෝස්තු දක්වා වසංගත සමයේ ප්‍රශ්න පිළිබඳ ජනාධිපතිවරයා විශේෂයෙන් මැදිහත් වුවද මේ වනවිට ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ සාකච්ඡා කරමින් නියෝග නිකුත් කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ මෙම අදහස් පළ කරමින් තිබේ.
මේ වනවිට මැතිවරණ සමයේ මුහුනු ආවරණය නොමැතිව ජනාධිපතිවරයා ගමන් කරන සේයා රූ සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එසේම ජනාධිපතිවරයා ගමින් ගමට යමින් හමුවන ජනතාව සමාජ දුරස්තභාවයෙන් තොරව සිටීමද ජනාධිපතිවරයා හෝ සෞඛ්‍ය අංශ ඒ සම්බන්ධ අවධානය යොමු නොකිරීමද උපහාසයට ලක්ව ඇත. වසංගතයෙන් ජනතාව අවදානමට ලක් වුවද ජනාධිපතිවරයා රටේ එකම නායකයා නිසා ඔහු ආරක්ෂා විය යුතු බවට එම සේයාරූවලට ප්‍රතිචාර ලෙස සටහන් තබා තිබිණි.
සෞඛ්‍ය අවදානම පහව ගොස් ඇති ආකාරයෙන් රටේ නායකයා රිසි සේ සැරිසරනවිට ජනතාව නිවෙස්වලට කූඩු වී සිටිය යුතුදැයි එම සමාජ මාධය විවේචකයන් විසින් එකිනෙකාගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබේ.
මේ ආකාරයට ජනාධිපතිවරයාගේ හැසිරීම ප්‍රශ්න කිරීමේදී, දෙවැනි කොරෝනා රැල්ල ඇති වූයේ ජනතාවගේ වගකීම් විරහිතභාවය නිසා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශයක්ද අවධානයට ගෙන තිබිණි. ජනාධිපතිවරයා විසින් මුහුණු ආවරණ පලදින්න, සමාජ දුරස්තභාවය තබාගන්න, එම නීති කඩන අයට විරුද්ධව නිරෝධායන නීති තදින් ක්‍රියාත්මක කරන්නැයි ආරක්ෂක අංශවලට උපදෙස් දෙන නමුත් ඔහු නීති රකින්නේ නැති බවට සමාජ මාධ්‍ය තුළ විවේචන සටහන් වේ. මේ හා සමාන්තරව සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ පියවරද ආරක්ෂක අංශ විසින් ගනිමින් තිබේ.
The post ජනාධිපති, හමුදාපති රුවන්වැලිසෑයට යාම හා ‘බස්නාහිර පළාත් තහනම’ ගැන සමාජ මාධ්‍ය සංවාදයක්! appeared first on Lanka Views | Views of the truth.