රටතුළ මරණ 73ක් විදේශවල 100ක්, ආසාදිතයන් 19,000ක්
අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයන් ගණන 19,064ක් සහ රටතුළ රෝගී මරණ 73ක් වාර්තා වේ.
අද දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙසේ හඳුනාගත් වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද අයත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ආසාදිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 839 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වේ.
මේ අතර අද (20) දිනයේ දී මරදාන පොලීස් ස්ථානයේ තනිකඩ නිවාස සංකීර්ණයේ සිටි පොලිස් නිලධාරීන් 500කගේ පමණ පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලැබීය.
එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 534 ක් දක්වා ඉහළගොස් තිබේ.
The post රටතුළ මරණ 73ක් විදේශවල 100ක්, ආසාදිතයන් 19,000ක් appeared first on Lanka Views | Views of the truth.