අවදානම් ප්‍රදේශ අත්හැර පාසල් ආරම්භ කිරීමේ තීරණයක් !
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් මේ මස 23 වන සඳුදා ආරම්භ කිරීමට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇත.
අද (19) අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මාධ්‍ය හමුවකදී පවසා ඇති ආකාරයට 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් පාසල් ආරම්භ කිරීමට තීරණයකර ඇත.
කෙසේවෙතත්, සෞඛ්‍ය අංශයේ ප්‍රවීනයන් පෙනවා දෙන්නේ කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වූ ආකාරය හෝ ව්‍යාප්ත වූ ආකාරය සම්බන්ධ විධිමත් පසුවිපරමක් නොමැතිව පාසල් පටන් ගැනීමේදී සැකිය යුතු කරුණු ආණ්ඩුවේ අවධානයට ලක්ව නැති බවය. ඔවුන් පෙන්වා දෙන්නේ අවදානම් කලාප ලෙස ආණ්ඩුව නම්කරන ප්‍රදේශවලින් ඔබ්බේද රෝගීන් හඳ්‍රනාගෙන නැති ප්‍රදේශ පවා රෝග වාහකයන් සිටීමේ සම්භාවිතාවක් තිබෙන නිසා අවදානමක් ඇති බවය.
The post අවදානම් ප්‍රදේශ අත්හැර පාසල් ආරම්භ කිරීමේ තීරණයක් ! appeared first on Lanka Views | Views of the truth.