ආණ්ඩුවේ තීරණ සම්බන්ධයෙන් යුරෝපයෙන් රතු එළියක්!
වසංගත සමය පදනම් කරගනිමින් ආර්ථිකය දේශිය නිෂ්පාදන දෙසට යොමුකරවන බව පෙන්වමින් ආණ්ඩුව ගෙන ඇති හදිසි ආනයන සීමාවන් පාරාවළල්ලක් වන තත්වයක් මතුව තිබේ.
කිසිදු ආර්ථික සැලැස්මකින් තොරව හදිසියේ මෙවැනි තීරණ ගැනීමෙන් සිදුවන ආර්ථික අනතුර නැවත සනාථ කරමින් යුරෝපයෙන් හා ඉන්දියාවෙන් මේ සම්බන්ධ නීහ්චිත ප්‍රතිචාර ලැබී ඇත. කහ ආනයනය නවතා දැමීමෙන් ඉන්දිය කහ නිෂ්පාදන කොළඹ වරායේ සිරවී ඇති අතර යුරෝපා සංගමයේ දූත මණ්ඩල විසින් මේ තත්වය බරපතළ ලෙස සැළකිල්ලට ගන්නා බවට නිවේදනයකර ඇත.
ආණ්ඩුව විසින් පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් මෙරට අපනයනයේ විශාල පංගුවක් ලබාගන්නා යුරෝපා රටවල් අවධානය යොමුකර ඇත. ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදෙස් ආයෝජනවලට ද එයින් ඍණාත්මක බලපෑමක් සිදුවන බව දක්වමින් කොළඹ පිහිටි යුරෝපා සංගම් දූත මණ්ඩලය, කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
ජාතයන්තර වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බව පෙන්වා දෙමින් කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට එය බාධාවක් බව ද ඒ නිවේදනය පවසයි.
අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල වන බව ඒහිදී අවධානයට ලක්කර ඇත. දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමවලට අනුකූල නොවන බව සිහිපත් කරන බව ද යුරෝපා සංගම් දූත මණ්ඩලය සහ එම තානාපති කාර්යාල සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
The post ආණ්ඩුවේ තීරණ සම්බන්ධයෙන් යුරෝපයෙන් රතු එළියක්! appeared first on Lanka Views | Views of the truth.