කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට බිලියන 69 ක් වැය කෙරේ
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන ලබාදීම සදහා රජය පසුගිය මාර්තු මස තිස් එක් වනදා සිට රුපියල් බිලියන හැට නවයකට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
ජනතාවට සහන සැපයීමේ වැඩසටහන යටතේ පවුල් මිලියන දොලහයි දශම හතකට රුපියල් පන්දහසේ දීමනාව ලබාදී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නිවේදනය කරන්නේ. ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ විවිධ අමාත්‍යංශ හා දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
කොවිඩ් නයින්ටීන් දෙවන ව්‍යාප්තිය හේතුවෙන් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පවුල් දාහතර ලක්ෂ නවදහසකට වැඩි සංඛ්‍යාවකට රුපියල් පන්දහසේ දීමනාව පිරි නැමුණා. නිවෙස්වල නිරෝධායනයට ලක්කර සිටින ජනතාව සදහා රුපියල් දස දහසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වුණා. එමගින් සහන ලැබූ පවුල් සංඛ්‍යාව හතලිස් හය දහස් හාරසිය එකොලහක්.
ගොවි ජනතාවට සහන සැලසීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් රුපියල් මිලියන එකසිය විසි හයක ගොවි නිෂ්පාදන මිලදී ගැනීමට ද කටයුතු කෙරුණා. නිරෝධායන කටයුතු, සෞඛ්‍ය, යටිතල පහසුකම් හා ඖෂධ සේවා සැපයීම සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ දරණ ලද පිරිවැය රුපියල් මිලියන හාරදහස් තුන්සිය විසි හයක්. 2020 වසරේ වෙන්කරන ලද ප්‍රතිපාදනවලින්ද කොවිඩ් නයින්ටීන් සම්බන්ධ වැඩසටහන් සදහා වැය කිරිමට රජය කටයුතු කළා.
The post කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට බිලියන 69 ක් වැය කෙරේ appeared first on ITN News.