කොරෝනා මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දැඩි කරන්නැයි කිම් ජොන් උන් නියෝග කරයි
කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දැඩි කරන ලෙස උතුරු කොරියා නායක කිම් ජොන් උන් නියෝග කර තිබෙනවා.
සමස්ත ලෝකයම මුහුන දී සිටින කොරෝනා වයිරසයට මුහුණදීම සදහා අවශ්‍ය පියවර ඉක්මනින් හා දැඩි ගන්නා ලෙසයි ඔහු නිලධාරීන්ට දන්වා ඇත්තේ. පනවා ඇති හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන අතර නීති කඩකරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස උතුරු කොරියා නායකයා උපදෙස් ලබාදී තිබෙනවා. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදු ව ඇති හානිය හමුවේ කඩා වැටී ඇති උතුරු කොරියා ආර්ථිකය නඟා සිටුවීම සදහා පැවති සාකච්ඡාවකදී ඔහු මෙම නියෝග සිදු කර ඇත්තේ. දින 25 කට පසු ජනතාව ඉදිරියේ ඔහු පෙනී සිටි ප්‍රථම අවස්ථාවද මෙය වනවා. මෙම මස පළමු සතියේදී උතුරු කොරියා පුද්ගලයින් දොලොස් දහසක් පීසීආර් පරික්ෂණයට ලක් කර ඇති අතර කිසිදු ආසාදිතයෙකු හමු නොවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
The post කොරෝනා මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග දැඩි කරන්නැයි කිම් ජොන් උන් නියෝග කරයි appeared first on ITN News.