අයගම නගරය සහ අවට ගම්මාන හතරක් සඳහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක්
රුපියල් කෝටි හතලිහක වියදමින් අයගම නගරය සහ අවට ගම්මාන හතරක් සදහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ සදහා මුල්ගල් තැබීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පවුල් හයදහසකට පමණ මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ සැලසෙනවා. පිරිපහදු කළ ජලය ජනතාවට සැපයීමට මෙම ව්‍යාපෘතිය යටතේ කටයුතු කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. අයගම නගරය මැදින් ගලා බසින පරගොඩ ගගෙන් ඒ සදහා ජලය ලබා ගැනෙනවා. ප්‍රජා දායකත්වය ද ලබා ගනිමින් ව්‍යාපෘතිය වසරකින් අවසන් කිරීමට නියමිතයි.
The post අයගම නගරය සහ අවට ගම්මාන හතරක් සඳහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN News.