වසංගතයේ බරපතලකම තවත් ඉහළට – දින 5ක් තුළ මරණ 22ක්!
කොරෝනා රෝගයේ මෑතක ව්‍යාප්තියේ බරපතළකම වඩා තහවුරු කරමින් දින 5ක් තුළ රෝගී මරණ 22ක් වාර්තා වී ඇත.
මේ වනවිට මෙහි බරපතලකම වන්නේ රෝගය මෙරට මුලින්ම වාර්තා වූ ජනවාරි මාසයේ සිට මාස 10ක කාලය තුළ රෝගී මරණ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් දින 5ක් තුළ වාර්තාවීමය. ආණ්ඩුව විසින් දෙවැනි කෝවිඩ් රැල්ල සම්බන්ධ පියවර ගැනීමේදී දැක්වූ අසමත්කම සහ ආර්ථික කටයුතු පෙරට දමා ජන ජීවිතය අනතුරට ඇද දැමූ බවට චෝදනා නැගී ඇත. විශේෂයෙන් වෙළඳ කලාපවල හා වෙනත් කම්හල් සේවක සේවිකාවන්ද රජයේ හා පෞද්ගලික අංශ කාර්ය මණ්ඩලද රෝගයට ගොදුරු කරමින් කටයුතු කළේ සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟවීම් නොසලකමිනි.
පළමු රැල්ලේදී පවතින අනතුර සම්බන්ධ විවිධ දැනුවත්කිරීම් සෞඛ්‍ය අංශ සිදුකළද දේශපාලන බලය තහවුරු කරගැනීම මුල්කර ගෙන කටයුතු කළ ආණ්ඩුවේ නායකයන් කීවේ මැතිවරණය අප්‍රේල් මාසයේ පවත්වන බවටය. අවසානයේ සමාජයක් කැප කිරීම් කරමින් වසංතයට මුහුණ දී සිදුකළ පාලනය දේශපාලන වාසි සඳහා ජනාධිපති හා ආණ්ඩුවේ හැකියාව ලෙසට ලඝුකරමින් මහමතිවරණ වේදිකාවේ පුරසාරම් කියන ලදී, නමුත් දෙවන වර කොරෝනා රැල්ලට මුහුන දීමේදී පූර්ව අත්දැකීම් කිසිවක් හෝ සෞඛ්‍ය අංශවල අවවාද පිළිගැනීමට නොහැකි බල උන්මාදයක් ආණ්ඩුවේ නායකයන්ට වැලඳී තිබුණේ ජයග්‍රහණයෙන් මත්වීම නිසාය.
The post වසංගතයේ බරපතලකම තවත් ඉහළට – දින 5ක් තුළ මරණ 22ක්! appeared first on Lanka Views | Views of the truth.