පාර්ලිමේන්තුව පෙරවරු දහයට රැස් වෙයි
පාර්ලිමේන්තුව අද (12) පෙරවරු දහයට රැස් වනවා. ඒ මේ වසරේ රාජ්‍ය ආදායම් වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත පිළිබද දෙවන වර කියවීම සහ කාරක සභා අවස්ථා විවාදය වෙනුවෙන්.
අද (12) දිවා බෝජනය සඳහා කාලය වෙන් කිරිමකින් තොරවයි විවාදය පැවැත්වෙන්නේ. විවාද කාලය අද (12) රාති‍්‍ර අට දක්වා දීර්ඝ කර තිබෙනවා. මන්ති‍්‍රවරුන්ගේ වාචික ප‍්‍රශ්න පිළිතුරු වටයද අද (12) පැවැත්වෙන්නේ නැහැ. විපක්ෂයේ සභාව කල් තැබීමේ යෝජනාව පිිළිබඳ විවාදය හෙට (13) පෙරවරු දහයේ සිට පස්වරු එක දක්වා පැවැත්වෙනවා.
2021 වසර සදහා වන අයවැය ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව තීරණය කළේ. ඒ අනුව ලබන 18 වනදා සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා. ජන්ද විමසීම 21 වනදා පස්වරු පහට සිදුකිරිමටයි තීරණය කර ඇත්තේ.
ලබන 23 වනදා සිට කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙනවා. එහි ජන්ද විමසීම සිදුකෙරෙන්නේ 23 වනදා පස්වරු පහටයි. 2021 අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ටයි රැස්වන්නේ. සවස 5.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පැවැත්වෙනවා. ලබන වසරේ අයවැය වෙනුවෙන් මෙවර වෙන් කරන දින ගණනද 19 ක් දක්වා අඩු කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සදහන් කළේ.
The post පාර්ලිමේන්තුව පෙරවරු දහයට රැස් වෙයි appeared first on ITN News.