මහමග මියයන විස්තර පළ කළ සහ හුවමාරු කළ 27 දෙනකු පොලිස් දඩයමට!

- lankaviews.com

මහමග පුද්ගලයන් මිය යන බවට සමාජ මාධ්‍ය මගින් අදහස් පළ කළ පුද්ගලයන් 27 දෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

කොරෝනා වසංගත සමයේ සෞඛ්‍ය ගැටලුවලට විධිමත් ප්‍රතිකාර නොමැතිකම නිසා පුද්ගලයන් නිවසේදී මියගිය අවස්ථා විශාල සංඛ්‍යාවක් වාර්තා විය. එහෙත් මහමග මිය යන අවස්ථා සම්බන්ධ ඡායාරූප අසත්‍ය බව පොලිසිය පවසයි.

මෙසේ අසත්‍ය ප්‍රචාර හුවමාරු කළ බවට චෝදනා කරමින් කඩුගන්නාව සහ හන්තාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන ආකාරයට සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයන් 29 සම්බන්ධයෙන් පොලිසියට වාර්තා වී ඇත. මේ වනවිට මෙරට පදිංචි පුද්ගලයන් 27 දෙනෙකු හඳුනාගෙන, අත්අඩංගුවට ගැනීමට නියමිත බව අජිත් රෝහණ මාධ්‍ය වෙත පවසා ඇත.

මහමග වැටී පුද්ගලයන් මිය යනවා නම්, එසේ මිය යන පුද්ගලයන් සම්බන්ධ සත්‍ය තොරතුරු වසන් කිරීම බරපතළ තත්වයකි. වසන් කිරීම නිසා වැරදි තොරතුරු සමාජගත වීමේ මූලික වරද ඇත්තේ සත්‍ය වසන්කරන බලධාරින් අතය. මෙවැනි වසංගත සමයක සෞඛ්‍ය සේවා අඩපණ වී ඇතැයි කීම ජනතාව එදිනෙදා මුහුණ දෙන තත්වයට මුහුණ දීමේදී පිළිගත යුතු කාරණයකි. මීට අමතරව පොලිසිය තුළ වසංගතයේ ආසාදිතයන් දහසට ආසන්න සංඛයාවක් වාර්තා වී ඇත. එසේ වන්නේ ඔවුන් හිතා මතා කොරෝනා ආසාදනය සිදුකරගත් නිසා නොවේ. නිසි සෞඛ්‍ය ආරක්ෂක මෙවලම්, පෞද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටල ආදිය පොලිසියේ රාජකාරිකරන නිලධාරින්ට නැති හේතුව ඉන් ප්‍රධානය. එහිදී ආණ්ඩුව විසින් ඒ සඳහා ලබා දෙන ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුව මතුවේ. පොලිසිය කල්පනා කරන්නෙ ආණ්ඩුවේ නායකයන් අපහසුතාවට මුහුණ දෙන තොරතුරු වසං කිරීමෙන් වසංගතයෙන් මිදිය හැති බවය. ‌

එහෙත් ජනතාව එදිනෙදා රෝගාතුරවන අතර සෞඛ්‍ය පහසුකම් කලට වෙලාවට ලබා ගැනීමට නොහැකිව ඇත්තේ ප්‍රමුඛතාව වසංගත මර්දනයට ලබාදී ඇති නිසා නොව, රෝහල් ඇතුලු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩි හේතුවෙනි. රෝහල් කාර්ය මණ්ඩලවල 30000ක පුරප්පාඩු ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති විසින් පෙන්වා දුන්නේ වසර ආරම්භයේ වසංගතයට මුහුණ දීමේ අභියෝගය සැළකිල්ලට ගෙනය. ඊට අමතරව, අයවැයෙන් සෞඛ්‍ය සේවයට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම පසුගිය ආණ්ඩු කිහිපයක් විසින් දිගටම තැබූ ජනතා විරෝධි පියවරකි. මෙවර 2021 අයවැයේ සෞඛ්‍ය ප්‍රතිපාදන සඳහාද පසුගිය වසරට සාපේක්ෂව බිලියන 20 කපා දමා ඇත.

රෝගී තත්වයන් නිසා මහමග ඇද වැටුනු පුද්ගලයන් සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් විරෝධය පළකරන පුද්ගලයන් දඩයම් කිරීමෙන් ඒම තත්වය වසන් කළ නොහැකිය. පොලිසිය විසින් එවැනි තොරතුරු හුවමාරු කරන පුද්ගලයන් දඩයම් කිරීමෙන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැතිවා මෙන්ම පොලිසියේ කොරෝනා ආසාදනයන් ඉහළ යාමට අවසානයක් ද නොවේ.

කොරෝනා වසංගතය සමයේ තොරතුරු වාරණය කිරීමට පොලිසිය යොදවමින් ආණ්ඩුව උත්සාහ කරන්නේ එබඳු තොරතුරු සත්‍යද අසත්‍යද යන්න තහවුරු කිරීම පසෙක තබා තොරතුරු හුවමාරු කිරීමේ බියක් ජනතාව අතර ඇති කිරීමටය. සත්‍ය තොරතුරු ජනතාවට ලබා නොදෙන බවට ජනතාව අතර මතයක් ඇතිව තිබෙන්නේ ආණ්ඩුවෙන්ණ්ඩු මාධ්‍ය වෙත තොරතුරු වසන් කිරීමේ තත්වය නිසාය. දිගටම පැවති ආණ්ඩු විසින් වාර්ෂිකව සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ වරද වසන් කරගැනීමට මෙවැනි අදහස් පළකරන පුද්ගලයන් දඩයමට ගැනීමටය. එසේවුවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබියදී පොලිස් මර්දනය ව්‍යාප්ත කිරීම විරෝධය දැක්විය යුතු තත්වයකි.

The post මහමග මියයන විස්තර පළ කළ සහ හුවමාරු කළ 27 දෙනකු පොලිස් දඩයමට! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

President Ranil Wickremesinghe has departed for New Delhi a short while ago at the invitation of Indian Prime Minister Shri Narendra Modi.

- adaderana.lk

The stretch of road at Pahala Kadugannawa along the Colombo-Kandy road is now open for traffic once again.

- adaderana.lk

The Meteorology Department says several spells of showers will occur in Western, Sabaragamuwa, North-western and Southern provinces and in Kandy and Nuwara Eliya districts today.

- island.lk

South Africa made heavy weather of a modest chase in New York before David Miller and Tristan Stubbs dug deep to save them from a third straight defeat at Netherlands’ hands at an ICC tournament. Miller and Stubbs added 65 for the fifth wicket to lift them from the pits of 12 for 4 on […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 09 June 2024 by the Department of Meteorology Several spells of showers will occur in Western, Sabaragamuwa, Northern, North-central, North-western and Southern provinces and in Kandy and Nuwara Eliya districts. Fairly heavy showers above 50 mm are likely at some places in Sabaragamuwa province and  Nuwara Eliya district.  […]

- island.lk

Colombo (AFP) – Sri Lanka said Friday they have complained to the International Cricket Council over their T20 World Cup team’s treatment and conditions in co-host the United States.The sports minister Harin Fernando alleged other teams had it better and said Sri Lanka had lodged a formal protest after the squad was held up by a […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc