වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ආරම්භ කළ වර්ජනය අවසන්
වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් ආරම්භ කළ වර්ජනය අවසන් කෙරුණා. මෑත කාලීනව බන්ධනාගාරවල සිදු වූ සිදුවීම් ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා.
වැලිකඩ බන්ධානගාරයේ රැදවූවන් පිරිසක් සිය වර්ජනය අවසන් කළේ ඔවුන්ගේ ගැටලු පිලිබද බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරියට ලිඛිතව දැනුම් දෙන ලෙස කළ දැනුවත් කිරීම අනුව බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා. එම දැනුම් දීම පිළිගත් රැදවුවන් සිය වර්ජනය අවසන් කළා.මේ අතර මෑත කාලීනව මෙරට බන්ධනාගාර තුළ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමෙන් කමිටුවක් හරහා පරික්ෂණ සිදු කරන ලෙසට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නා.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට සාමාජිකයන් තුන් දෙනෙකුට නොඅඩු පිරිසක් පත් කරන ලෙසටද අමාත්‍යවරිය දැනුම් දුන්නා. මොණරාගල බන්ධනාගාරයේ රැදවූවකු මිය යාම, මාතර බන්ධනාගාරයේ රැදවුවකට පහරදීම, බෝගම්බර බන්ධනාගාරයේ රැදවුවකු මිය යාම වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල රැදවුවන් උද්ඝෝෂණය කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් කිරීම මෙම කමිටුවට පැවරෙනවා. කමිටු වාර්තාව සති තුනක් ඇතුළත ලබා දෙන ලෙසටද රාජ්‍ය අමාත්‍යවරිය උපදෙස් දී තිබෙනවා.
The post වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ආරම්භ කළ වර්ජනය අවසන් appeared first on ITN News.