How can Sri Lankan charities find international donors and partners?

යහපාලන රජය අසත්‍ය චෝදනා එල්ල කරමින් දේශපාලන පළිගැනීම් කළා – ජාලිය වික්‍රමසූරිය

- itnnews.lk

යහපාලන රජය සමයේ අසත්‍ය චෝදනා එල්ල කරමින් දේශපාලන පළිගැනීම් සිදුවූ බව ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා පවසනවා.

දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (12) සාක්ෂි දුන් ඔහු මේ බව කියාසිටියා.

අධිකරණය මගහැරීම නිසා වසර දෙකකට වැඩි කාලයක් වරෙන්තු නිකුත්කර ඇති ජාලිය වික‍්‍රමසූරිය මහතා ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන්නේ පළමු වරටයි. ඇමෙරිකාවේ ජෝර්ජියා ප‍්‍රාන්තයේ සිට ඔහු මෙසේ සාක්‍ෂි ලබාදුන්නා. තමා වසර හයක පමණ කාලයක් ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ක‍්‍රියා කිරීමෙන් පසු වසර දෙකහමාරක පමණ කාලයක් මෙරට වාසය කළ බව කොමිසම හමුවේ පැවසුවා. ඉන් අනතුරුව ඇමෙරිකාව බලා පිටත්ව යාමට 2016 වසරේ නොවැම්බර් 17 වනදා කටුණායක ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ තමාට සංචාරක තහනමක් පනවා ඇති බැවින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව කියාසිටියා.

තමා මෙරට රැඳී සිටි කාලයේ දී චෝදනාවක් හෝ පරීක්‍ෂණයක් ගැන සඳහන් නොකර එකවරම ගුවන් ගමන් තහනමක් පැනවූයේ කෙසේදැයි එෆ්.සී.අයි.ඞී. යෙන් විමසුව ද කිසිවෙකුත් ඊට පිළිතුරු ලබාදුන්නේ නැති බවයි වික‍්‍රමසූරිය මහතා පැවසුවේ. වෙබ් අඩවියක පළවූ ලිපියක් පෙන්වමින් එෆ්.සී.අයි.ඞී. ය තමන්ගෙන් ප‍්‍රශ්න කළ බවද ඔහු කොමිසම හමුවේ කියාසිටියා. රාජපක්‍ෂ පවුල හා තමා අතර ඇති ඥති සබඳතාව, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පුත‍්‍රයා ඇමෙරිකාවේ පදිංචි ස්ථානය මෙන්ම බැසිල් රාජපක්‍ෂ මහතාගේ පවුලේ ඥතීන් පිළිබඳ දිගින් දිගටම මෙහිදී ප‍්‍රශ්නකර තිබෙනවා.

තමන්ට ඉහළින් ලැබුණු නියෝගයකට අනුව මෙසේ ප‍්‍රශ්න කරන බව එෆ්.සී.අයි.ඞී. නිලධාරීන් ප‍්‍රකාශ කළැයි වික‍්‍රමසූරිය මහතා සඳහන් කළා.

ප‍්‍රශ්න කිරීම් අතරතුර එම නිලධාරීන්ට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. එම සංවාදය අනුව ‘‘මේක දුෂණ විරෝධී කාර්යාලයේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අණක් බවට හැඟී ගියා’’ යනුවෙන් සාක්‍ෂිකරු පැවසුවා. ‘‘මේ සිද්ධිය ඇතිවුණේ නොවැම්බර් 17 වනදා. 18 වනදා මහින්ද රාජපක්‍ෂ මහත්මයගෙ උපන්දිනය. ඔවුන්ට අවශ්‍ය වුණේ ඒ දවසෙදි මාව අත්අඩංගුවට අරගෙන ප‍්‍රවෘත්තියක් පළකරලා ප‍්‍රචාරයක් ලබාදෙන්න. ඒ හරහා උපන්දින ගෞරවය නැති කරන්න වුවමනා බව මට වැටහුණා. 18 වනදා පාන්දර දෙකට විතර මාව කොටුව පොලීසියට අරං ගිහිල්ලා ප‍්‍රකාශයක් සටහන්කර ගත්තා.

ආපහු එෆ්.සී.අයි.ඞී. යට මාව ගෙනිහිල්ලා ඒ ලබාදීපු ප‍්‍රකාශ වෙනස් කරලා මගෙන් නැවතත් අත්සන් ගත්තා. ඒ ප‍්‍රකාශ වෙනස් කරල කියලා මම දැනගත්තෙ පස්සෙ. එෆ්.සී.අයි.ඞී. නිලධාරීන් අසත්‍ය කරුණු ඇතුළත් කරලා සකස් කරපු බී වාර්තාව පදනම් කර ගනිමින් මාව රක්‍ෂිත බන්ධනාගාර ගත කළා’’ යනුවෙන් කොමිසම හමුවේ සාක්‍ෂි දුන් ඇමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයා කියාසිටියා.

මාස 4 ක් රිමාණ්ඞ් භාරයේ සිටි තමන් දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව ඔහු පැවසුවා. මේ අනුව යහපාලන රජය සමයේ දේශපාලන වශයෙන් තමන්ගෙන් පළිගැනීම සඳහා ද්වේශසහගතව ක‍්‍රියා කළ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

 

The post යහපාලන රජය අසත්‍ය චෝදනා එල්ල කරමින් දේශපාලන පළිගැනීම් කළා – ජාලිය වික්‍රමසූරිය appeared first on ITN News.

You may also like

- island.lk

Acceptance of applications for the 22nd edition of the ‘DSI Supersport Schools Volleyball Championship’ will end on 31st May 2024. The all island schools Volleyball Championship organized and conducted by the Sri Lanka Schools Volleyball Association supported by the Sri Lanka Volleyball Federation and sponsored by D Samson & Sons Pvt Ltd, will be conducted […]

- island.lk

President Ranil Wickremesinghe in his address at the International Nurses Day celebration held at the Temple Trees, today (12) stated that the growth rate of Sri Lanka’s economy will be increased up to 3% by the year 2025. International Nurses Day is observed annually on 12th May to honor the birth of the Founder of […]

- island.lk

Chennai Super Kings signed off their home league campaign with a win, giving themselves a decent chance of coming back to Chennai for the last two playoff games. Despite losing their 11th toss out of 13 and being asked to field in the afternoon heat 40 hours after finishing their last match in Ahmedabad, the […]

- island.lk

Advisory for Severe Lightning issued by the natural hazards early warning center  at 01.00 p.m. 12 May 2024 for the period until 11.30 p.m. 12 May 2024 The public are warned that thundershowers accompanied by severe lightning are likely to occur at several places in Central, Sabaragamuwa, Eastern and Uva provinces and in Colombo, Gampaha, […]

- adaderana.lk

President Ranil Wickremesinghe stated that he expects to increase the growth rate of Sri Lanka s economy up to 3% by the year 2025 and mentioned that steps would be taken to increase the salaries of government employees.

- colombogazette.com

Former President Maithripala Sirisena has resigned from the post of Chairman of the Sri Lanka Freedom Party (SLFP) and appointed Minister Wijeyadasa Rajapakshe as the new Chairman. The appointment was made when the SLFP faction led by Sirisena met at a hotel in Kotte, Sunday. The Executive Committee of the SLFP appointed Wijeyadasa Rajapakshe as […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc