ධවල මන්දිරයෙන් එළියට ඇද දාපු පළමු ජනාධිපති වාර්තාව තියන්න ට්‍රම්ප් සැරසෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළහොත් ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඔහු ඉවත් කිරීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එවැන්නක් සිදුවුවහොත් එය වසර 244 ක ඇමෙරිකා ජනාධිපතිවරණ ඉතිහාසයේ අශෝභනම සිද්ධියක් වනු ඇති.
පසුගිය තුන්වනදා පැවති ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ධවල මන්දිරයේ රැදී සිටී නම් ඔහු ඉන් ඉවත් කිරිමට එක්සත් ජනපද ෆෙඩරල් නීති ක්‍රියාත්මක කිරීමේ බළකායට හෝ ජනාධිපති රහස්‍ය ආරක්ෂක අංශයට පැවරීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ. වසර 244 ක ඇමෙරිකා ඉතිහාසයේ බලයේ රැදී සිටින ජනාධිපතිවරයෙක් පරාජයෙන් පසු ධවල මන්දිරයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කර නැහැ. මෙවර ජනාධිපතිවරණයෙන් ඡන්ද විද්‍යාල 290 ක බලය හිමිකර ගනිමින් ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළා. එම ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකර තිබෙනවා. ඔහු එල්ලකරන චෝදනා අධිකරණය හමුවේ තහවුරු කර ගැනීමට අසමත් වුවහොත් ලබන ජනවාරි මස 20 වන දින ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත්ව යාමට සිදුවනවා.
The post ධවල මන්දිරයෙන් එළියට ඇද දාපු පළමු ජනාධිපති වාර්තාව තියන්න ට්‍රම්ප් සැරසෙයි appeared first on ITN News.