කොරෝනා ආසාදිතව මියගිය ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානයට අවසර!
කොරෝනා රොගී තත්වය හේතුවෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු යම් නිශ්චිත ප්‍රදේශයක භූමදානය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අවසර ලබාදී ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමතිය චමල් රාජපක්ෂ පවසයි.
චමල් රාජපක්ෂ ඇමතිවරයා මාධයවේදීන්ට පැවසුවේ, එවැනි මලසිරුරු වියළි ප්‍රදේශවල භූමදානයට අවසර දිය යුතු බවට කැබිනට් ඇමති මණ්ඩලය විසින් තීන්දු කළ බවයි.
මේ අතර මලසිරුරුවලින් භූගත ජලයට වෛරස ගමන්කරන බැවින් කෙසේවත් භූමදානය සුදුසු නැති බවට ප්‍රකාශ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් ඒ සම්බන්ධ වැඩිදුරටත් කරුනු විමසීමේදී පවසා ඇත්තේ තමන් එම අදහස ප්‍රකාශ කළේ යම් පර්යේෂන තොරතුරක් වශයෙන් නොවන බවය. මළසිරුරුවලින් වෛරසය ජල මූලාශ්‍ර හරහා නැවත මිනිස් සිරුරුවලට පැමිණේදැයි කිසිදු පර්යේෂණයක් සිදු නොකර ප්‍රකාශ කිරීම ගැන ඇය පිළිගත්තද සෞඛ්‍ය බලධාරින් විසින් කළ යුත්තේ කොරෝනා වැලදීමෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය නොකර මිහිදන් කිරීම කළ හැකි බව ප්‍රකාශ කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුගමනය කළ පර්යේෂණ තොරතුරු අධ්‍යයනය කිරීමය.
The post කොරෝනා ආසාදිතව මියගිය ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානයට අවසර! appeared first on Lanka Views | Views of the truth.