කහ හිඟය – දැනට රටට ගෙන්වා ඇති කහ පාවිච්චියට වැඩපිළිවෙලකුත් නැහැ
කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමඟ රට තුළ කහ හිඟයක් ඇතිවී අතර එය විසඳීම සඳහා ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බවක්ද දක්නට නොමැත. 2019 වසරේ දෙසැම්බර් 05 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි කහ ඇතුළු දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළුබඩු භෝග ගණනාවක් ආනයනය කිරීම තහනම් කෙරින. රජය පවසා තිබුනේ දේශිය කහ ගොවියා දිරි ගැන්වීම සදහා එවන් තිරණයක් ගත් බවයි.
එතැන් පටන් මෙරට වෙළද පොළ තුළ දැඩි කහ හිගයක් ඇති වු අතර මේ වන විට කහ කුඩු කිලෝ ග්රූම් එකක මිළ රුපියල් 3000 සීමාව ඉක්මවා තිබේ.
කෙසේ වෙතත් ඉන්දියාවේ කහ කිලෝවක් ඉන්දීය රුපියල් හැටකට (ශ්‍රී ලංකා රුපියල් 150ක් පමණ) පමණ අලෙවි වෙමින් පවතින බව වාර්තා වේ.
කහ හිගයත් සමග වෙළදපොලේ පවතින කහ කුඩු බාල ප්‍රමිතියෙන් යුතු බවත් මෙම කහ කුඩු පරිභෝජනය හරහා විවිධ ලෙඩ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බවත් මාධ්‍ය විසින් ද වාර්තා කර තිබුණි.
මේ අතර නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසන්නේ අත් අඩංගුවට ගෙන පොලීසිය සහ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී ඇති වියලි කහ තොගය ටොන් 30 කට වැඩි බවයි.මෙම කහ තොග විනාශ නොකර මිනිස් පරිභෝජනය සඳහා නොමිලේ බෙදා දෙන ලෙස සංවිධාන කිහිපයක්ම ඉල්ලා ඇතත් ඒ සඳහා මේ වනතුරු ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන ලද කහ කන්ටේනර් 50කට අධික ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ රේගුවේ සිරවී ඇති බැවින් ඒ සදහා විසදුමක් ලබා දෙන ලෙස ආනයනකරුවන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ ද ආණ්ඩුව එයට ප්‍රතිචාරයක් දක්වා තිබුනේ නැත. එම කහ තොගය ප්‍රති අපනයනය කළොත් රටේ කහ හිඟයක්, ඇති වී සිය ව්‍යාපාරත් අනතුරේ වැටෙන බව පෙන්වා දෙමින් කහ ආනයනකරුවන්ගේ සංගමයේ සංවිධායක ශිවලිංගම් එලිල්වෙන්දන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මාධ්‍ය වෙත පවසා තිබුනේ, කහ තොග ඉන්දියාවට ප්‍රති අපනයනය කරන්නට රජය තීරණය කළහොත් තමන් ඒ සඳහා දරා ඇති වියදමට අමතරව තවත් රුපියල් කෝටි 13 ක් පමණ ඒ සඳහා වැය කිරීමට සිදු වන බවයි.
අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 8000 කි.එසේ වුව ද මෙරට දේශීය අමු කහ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 1300කි. මෙම නිෂ්පාදනයන් ලංකාව තුළ ඇති කහ ඉල්ලුම සපුරන්නට ප්‍රමාණවත් නොවන බැවින්, වසරකට වියළි කහ මෙට්‍රික් ටොන් 5200 ක් පමණ අසල්වැසි ඉන්දියාවෙන් මේ තාක් ආනයනය කර තිබුනි. මේ වන විට දේශිය වශයෙන් කහ වගාව ආරම්භ කර ඇති නමුත් එම කහ තොග වෙළඳපොළට නිකුත් වීමට නියමිතව ඇත්තේ එළඹෙන වසරේ මුල් කාර්තුවේය.
The post කහ හිඟය – දැනට රටට ගෙන්වා ඇති කහ පාවිච්චියට වැඩපිළිවෙලකුත් නැහැ appeared first on Lanka Views | Views of the truth.