ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 250,000 ඉක්මවයි
පසුගිය දින දෙක තුළදී වාර්තා වූ කොරෝනා මරණ 1836 සමඟ ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගියා.
ඊයේ දිනයේදී එරටින් හමු වී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 139,084 ක් වන අතර ඒ සමඟම ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,367,214ක් වනවා. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් පසු එරටින් හමුවන ආසාදිතයින් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් ගන්නා බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වුවද දේශීය සෞඛ්‍ය යාන්ත්‍රණය කඩා වැටීමට ප්‍රථමයෙන් මේ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දෙනවා. මේ වන විටත් කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා ඔහුගේ පාලනය යටතේ ක්‍රියාත්මක වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක් නම් කර ඇති අතර බලහුවමාරුව පිළිබඳව අවසන් එකඟතාවකට මෙම සතිය තුලදී පැමිණිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.එමගින් කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට හා ඊට අවශ්‍ය ඉක්මන් පියවර ගැනීමට තමාට පූර්ණ බලතල හිමිවීමේ වැදගත්කමද ඔහු පවසනවා.
The post ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 250,000 ඉක්මවයි appeared first on ITN News.