බොරිස් ජොන්සන් නැවත වරක් ස්වයං නිරෝධායනයට
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇසුරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොරෝනා වයිරසය ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා නැවත වරක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
තමාගෙන් මේ වන විට කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. කෙසේ වුවද අනුගමනය කළ යුතු සෞඛ්‍ය විධිවිධානවලට අනුගතවෙමින් තමා ස්වයං නිරෝධායනයට ලක්ව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරි කටයුතු වල නිරත වන බව ඔහු තවදුරටත් නිවේදනය කරනවා. වයිරසය ආසාදනය වූ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ විනාඩි 35 ක කාලයක් සාකච්ඡාවක නිරත වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ. මේ අතර කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කෙරෙන තවත් එන්නතක අත්හදා බැලීම් බ්‍රිතාන්‍යයේදී අද ආරම්භ කෙරෙන බව එරට ජාතික සෞඛ්‍ය සේවය සඳහන් කර සිටිනවා.
The post බොරිස් ජොන්සන් නැවත වරක් ස්වයං නිරෝධායනයට appeared first on ITN News.