උපාධිධාරී ව්‍යවසායක උදානය වැඩසටහනින් 130 දෙනෙකුට ප්‍රතිලාභ
දේශීය ව්‍යවසායක පරපුරක් තැනීම අරමුණු කරගනිමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය උපාධිධාරී ව්‍යවසායක උදානය නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ප්‍රතිලාභීන් 130 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදීම සිදු කෙරුණා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින නව ව්‍යාපාරික අදහස් ඇති උපාධි අපේක්ෂකයන් සහ උපාධිධාරින් වෙත රුපියල් එක්ලක්ෂ පනස් දහසක අවමයකට සහ රුපියල් ලක්ෂ හතරක උපරිමයකට යටත්ව ව්‍යාපාර ආරම්භ කිරීම සදහා මුදල් ලබාදීම මෙහිදී සිදු කෙරෙනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උපාධිධාරී ව්‍යවසායක උදානය වැඩසටහනට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේ මෙරට නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව ඇත්තේ අලුතින් සිතන පරපුරකට බවයි.
The post උපාධිධාරී ව්‍යවසායක උදානය වැඩසටහනින් 130 දෙනෙකුට ප්‍රතිලාභ appeared first on ITN News.