LPL තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් හා දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 37 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව හෙට (16) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වුණා.
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුවට පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ලකුණු 39ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියා. නායක තිසර පෙරේරාට ලබා ගත හැකිවුණේ ලකුණු 7ක් පමණයි. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා. ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ජොන්සන් චාල්ස් හතරේ පහර 10ක් සහ 6 පහරක් සමග ලකුණු 76ක් ඉනිමට එක්කලා. වනිදු හසරංග ලකුණු 14යි. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රිඩකයන් ලකුණු 165ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10 ක් ලබා සිටි සමිත් පටෙල් දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 29 යි. උපුල් තරංග හතරේ පහර පහක් සමග ලකුණු 33 ක් රැස් කර ගත්තා. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 ක් බිද හෙලීමට සමත් වුණා. දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට පන්දුවාර 19 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස්කර ගැනිමට හැකි වුනේ ලකුණු 128 ක් පමණයි.
ඒ අනුව තරගය ජයග්‍රහණය කළ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම ලබන 16 වනදා ගෝල් ග්ලැඩියේටර්ස් කන්ඩායම සමග අවසන් මහා තරගයට පිවිසීමට නියමිතයි.
එල්පීඑල් සජීව තරග උණුසුම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටී.වී. ඔස්සේ ඔබට විදගත හැකියි. තරගාවලියේ සුවිශේෂී අවස්ථා පෙරවරු එකොළහේ සිට ඔබ වෙත ගෙන ඒමට ස්වාධීන රූපවාහිනිය සූදානම්.
The post LPL තරගාවලියේ අවසන් මහා තරගය හෙට appeared first on ITN News.