LPL 2020 FINAL : ජැෆ්නා ස්ටැලියන්ස් පළමුව පන්දුවට පහර දෙයි – ITN හා Vasantham TV ඔස්සේ සජීවීව
UPDATE : කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි.
සජීව තරග උණුසුම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ඔස්සේ මෙන්ම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ද ගෙන ඒමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම්.
ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූයේ පසුගිය මස 26 වනදායි. කලම්බු කින්ග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල වයිකින්ග්, කැන්ඩි ටස්කර්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් මෙවර තරගාවලිය සදහා එක්වුණා. සාර්ථක ලෙස මූලික වටයේ තරග 20 ක් හා අර්ධ අවසන් පූර්ව වටයේ තරග 2 ක් පැවැත්වූ අතර තරගාවලියේ මුහුණ දුන් තරග 08 න් 06 ක්ම ජයගත් කලම්බුකින්ස් කණ්ඩායමට අවසන් මහා තරගය සදහා එක්වීමට නොහැකි වුණා.
එහෙත් මුහුණ දුන් තරග 08 න් 04 ක් ජයගත් ජැෆ්නා ස්ටැලියන්ස් හා තරග 02 ක් ජයගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අවසන් මහා තරගයට තේරුණා. භානුක රාජපක්ෂ නායකත්වයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් තරග වැදීමට නියමිත අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ තිසර පෙරේරායි.
The post LPL 2020 FINAL : ජැෆ්නා ස්ටැලියන්ස් පළමුව පන්දුවට පහර දෙයි – ITN හා Vasantham TV ඔස්සේ සජීවීව appeared first on ITN News.